මාලිමාවෙන් විවාදයට කොන්දේසි වැලක්..- ‘අපියි මුලින්ම කිවුවේ.. එනිසා මෙහෙමයි කරන්නේ..’

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    20,500
    22,548
    113
    27
    ලොවෙත් නැති තැනක
    සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට යෝජනා වී ඇති විවාදයන් සම්බන්ධයෙන් වැරදි තොරතුරු සමාජගත කිරීමේ උත්සාහයක් පෙනෙන්නට ඇතැයි ජාතික ජන බලවේගය සඳහන් කරයි.

    මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මේ බව පෙන්වා දෙයි.

    අදාළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

    ජනමාධ්‍ය නිවේදනයයි

    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරමින් ඇති බැවින් ඒ පිළිබඳ සත්‍ය තත්වය පැහැදිලි කළ යුතුව තිබේ.

    දෙපාර්ශ්වය අතර විවාදයක් පිළිබඳ පළමු කථාබහ නිර්මාණය වන්නේ අප පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් 2023.01.09 දින හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනේදී රටේ සංවර්ධන මාවත පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතා සමග විවාදයකට සූදානම් බවට කරන ලද ප්‍රකාශය සමගය. ඒ, සජිත් ප්‍රේමදාස මහතා විසින් විවිධ මාධ්‍යයන්හි ජාතික ජන බලවේගයට එරෙහිව කරුණු දක්වමින් සිටි තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් විසින් මතු කරන ලද අදහස්වලට ප්‍රතිචාර ලෙසය.

    කෙසේ වුවද සජිත් ප්‍රේමදාස මහතා කවර හෝ හේතුවක් මත එම විවාදය පිළිබඳ අභියෝගය භාර නොගත් අතර පසුව ඒ වෙනුවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය සමග ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කිරීම පිළිබඳ මාතෘකාවක් ඉදිරිපත් කර සිටියහ. දැන් විවාදය පිළිබඳ මුල් සංවාදය යටපත් කරමින් දෙවෙනුව ගෙනා විවාද යෝජනාව පිළිබඳ සංවාදයක් ඉදිරියට ගැනීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු විසින් ගන්නා උත්සාහය ඊයේ (09) දින නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මගින් කූට ප්‍රාප්තියට පත්ව ඇති බව අපි නිරීක්ෂණය කරමු.

    එම නිවේදනයේ ඔහු ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය විවාදය මඟහරිමින් සිටින බවටත් විවාදය සඳහා පළමුවෙන් යෝජනා කළේ තමන් බවටත් ජාතික ජන බලවේගය අතීතය අමතක කර ඇති බවටත් චෝදනා කරයි. එහෙත් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලයට ආර්ථිකය පිළිබඳ සිදු කෙරෙන විවාදයක් මඟහැරීමේ අවශ්‍යතාවක් කිසිසේත් නොමැති අතර ශ්‍රී ලංකාව වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, ලොව දියුණු රටක් බවට ගොඩනැගීමට අදාළ උපායමාර්ගික සැලසුම් හා ප්‍රායෝගික වැඩපිළිවෙළක් එය සතුය. විවාදයක් පිළිබඳව ගොඩනැගුණු මුල්ම සංවාදය අනුවත්, 2024 වර්ෂයේ එලඹීමට නියමිතව ඇති ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ලෙසත් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම විවාදය පැවැත්වීමේ අවශ්‍යතාව අපි නැවතත් අවධාරණය කරමු. එසේම මේ තත්වය තුළ අතීතය අමතක වීමේ රෝගයෙන් පෙළෙන්නේ කවුදැයි ජනතාවට අතිශය පැහැදිලි වනු ඇතැයිද සිතමු.


    මේ සියල්ල සලකා බලමින් අපි පහත යෝජනා සමගි ජන බලවේගය වෙත ඉදිරිපත් කරනු කැමැත්තෙමු.


    01. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර රට වැටී ඇති සමස්ත අර්බුදයෙන් ගොඩගැනීමේ මාවත පිළිබඳ විවාදයක් පැවැත්වීමට අප සූදානම්ය.


    02. යම් හෙයකින් එවැනි විවාදයකට සමගි ජන බලවේගය සූදානම් නොමැතිනම් හා ඒ අනුව එවැන්නක් නොපැවැත්වෙන්නේ නම් ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සලය, සමගි ජන බලවේගයේ ඒ හා සමාන නියෝජනයක් දරන කණ්ඩායමක් සමග විවාදයක් පැවැත්වීමට සූදානම්ය.


    මේ තත්වය තුළ විවාදය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙස සමගි ජන බලවේගයට සම්බන්ධ සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින අතර ඔවුන්ගේ අසත්‍ය තොරතුරුවලින් නොමඟ නොයන ලෙසත් සත්‍ය තත්වය නිවැරදිව තේරුම් ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.


    වෛද්‍ය නලින්ද ජයතිස්ස
    ජාතික විධායක සභික
    ජාතික ජන බලවේගය
    2024.04.10
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,338
    1
    34,632
    113
    Erozan's Mom's room
    කරුණාකර මේ පින්තූර 3 හොදින් බලන්න.
    ඔබ රතිඤ්ඤා දමා පත්කරගත් පාලකයන් ඔබගේ කරමතින් පැමිණ පරම්පරාවම කෝටිපතියන් කර ගත් පාලකයන් ඔබගේ ජීවිතය ඔබේ දරුවාගේ ජීවිතය දැමූ තැන අවබෝධ කරගන්න...
    🙏

    මේ ඉමියුනොග්ලොබියලින් නඩුවෙ නෙවෙයි.මේ තව එකක්..
    😓



    i4cwj5.jpg


    l6u93u.jpg


    6cnum4.jpg



    මෙවන් අපරාධකරුවන් සිටින රනිල් ඇතුළු පොහොට්ටුවට පුක දෙනවා නං ඒ අවජාතකයෙකි.

     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,767
    5,053
    113
    අම්මේ.. අරුන් මට කියනවා ආර්තික කමිටුව එක්ක සාකච්චාවට එන්න කියලා🤪

    ආර්තික කමිටු- එක්ක නම් බෑ 😂
    සජිත් එක්ක නම්- හා අම්මේ🤣

    අමෝ අමෝ ලපයා දෙන ආතල්
    සජියා එනවා කිව්වත් ඔය සන්තෑසියම තමා වෙන්නේ දෙය්යෝ😂😂