මාල දිවයිනත් වැල් පාලමේ.. තෙල් නැවකටවත් සල්ලි නෑ.. කර ගහන්න කෙනෙක් නෑ…

rangana26

Well-known member
  • Feb 21, 2013
    8,837
    11,811
    113

    මාලදිවයින ඉතිහාසයේ පළමුවරට එරට ඩොලර් සංචිත පහත වැටීම හේතුවෙන් මාලදිවයින දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී.

    එරට පවතින පරිභෝජනයට ගතහැකි ඩොලර් සංචිත එක් මාසයක ආනයන කටයුතු වෙනුවෙන් හෝ ප්‍රමාණවත් නොවන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

    මාලදිවයින ආර්ථිකය මූලිකව සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය හාරහා කේන්ද්‍රගතව පවතී.

    කලකදී ලොව සරලම බදු කේතය සහිත රට ලෙස සැලකුණු මාලදිවයිනේ බදුකරණය මේ වනවිට පවතින්නේ මාලදිවයින දේශීය ආදායම් බදු අධිකාරිය යටතේ ය.


    අමතර ඩොලර් සංචිත නොමැති වුවහොත් අයවැය කළමනාකරණය කර ගැනීම රජයට අපහසුවනු ඇතැයි මාලදිවයින මූල්‍ය අධිකාරිය මෙම වසර ආරම්භයේදීම අනතුරු ඇඟවා තිබේ.


    කෙසේ වුවද පුරෝකථන නොසලකා හරිමින් කටයුතු කිරීම හේතුවෙන් එරට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ රජය යටතේ මාලදිවයින මේ වනවිට අනපේක්ෂිත ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින බව වාර්තා වේ.


    ඒ එරට ඉතිහාසයේ පළමුවරට භාවිත කළ හැකි ඩොලර් සංචිත ක්ෂය වෙමින් පැවතීම හේතුවෙනි.


    ගෙවී ගිය ජුනි මාසයේ අගභාගයේ අමෙරිකානු ඩොලර් මිලියන 509ක් ලෙස සටහන් වූ එරට දළ ඩොලර් සංචිතය මාසයක් තුළදී අමෙරිකානු ඩොලර් මිලියන 395ක් දක්වා පහත වැටී තිබේ.


    ඒ අතරින් භාවිත කළ හැකි ඩොලර් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 43ක් වන නමුත් ආනයනය කිරීම් සඳහා එක් මසකට පමණක් මාලදිවයිනට ඩොලර් මිලියන 70ක් අවශ්‍යවනු ඇති අතර උද්ධමනය සහ ආනයන ඉහළ යාම, මත්ස්‍ය අපනයනය කිරීම සහ සංචාරක කර්මාන්තය පහත වැටීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.


    කඩා වැටෙන ආර්ථිකය පිළිබඳව නොසලකා ජනාධිපති මුයිසු රජයට අමාත්‍යවරුන් 300කට ආසන්න සංඛ්‍යාවක් කිරීම සහ දේශපාලනික බඳවාගැනීම් 2,000ක් පමණ සිදුකිරීම හේතුවෙන් මාසිකව ඩොලර් මිලියන 65ක් දැරීමට සිදුවීමත් මෙම ආර්ථික කඩා වැටීමට තවත් එක් හේතුවකි.


    ඒ අනුව පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩොලර් මඟින් ගනුදෙනු කිරීම, බැංකු කාඩ්පත් හරහා ඩොලර් මඟින් ගනුදෙනු කිරීම සහ ක්‍රෙඩ්ට් කාඩ් මඟින් සිදුකළ හැකි ගෙවීම ඩොලර් 100ට සීමා කිරීමට මාලදිවයින මහා බැංකුව පියවර ගෙන තිබුණි.


    එමෙන්ම ඩොලර් සංචිත ඉහළ නැංවීම සඳහා රජය බදු ඉහළ නැංවීමට මෙන්ම නව බදු පැනවීමටත් අපේක්ෂා කරන බව වාර්තා කෙරෙයි.


    ඒ අනුව මාලදිවයින හිටපු මුදල් අමාත්‍ය ඊබ්‍රාහිම් අමීර් අනතුරු අඟවන්නේ, මාලදිවයින මේ වනවිට ආර්ථිකය කඩා වැටීමේ අබියසක සිටින බවය.


    මාලදිවයින ආර්ථික අර්බුදය එරට කලාපීය ස්ථාවරත්වයටත් එල්ල කර ඇත්තේ දැඩි තර්ජනයකි.
     
    • Haha
    Reactions: Xi Jinping

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    15,416
    24,574
    113
    Kandy
    අපි රනිල්ව මාලදිවයිනට දෙමු.බඩු මිල ටැක්ස් එහෙම වැඩි කරලා රට ගොඩ ගන්න කියමු
     
    • Like
    Reactions: Draco Malfoy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    42,892
    1
    95,414
    113
    32
    Kalutara
    අහමිදුල්ලා, අල්ලා හුඅක්බර් කියල මුහුදට පනින්න තමා වෙන්නෙ උන්ට.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    18,281
    36,046
    113
    ඉන්දියාව එක්ක ගේම ඉල්ලලා කෙලෝගෙන..මේවා ඉස්සරහට ලංකාවේ ජනාධිපති වෙන එකාටත් හොද පාඩමක්..
     
    • Like
    Reactions: thomian