ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කල ගිවිසුමට අනුව 2022 දෙසැම්බර් 30 වන දිනට රජයේ මුළු ණය තොගය තිබුනේ අමෙරිකානු ඩොලර් මිලියන 84,703 කි. එහෙත් 2023 මාර්තු මස 30 වන දිනට එය ඩොලර් මිලියන 91,561 ක් දක්වා ඩොලර් මිලියන 6858 කින් ඉහළ ගොස් ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම දායක වී ඇත්තේ මාස තුනක් තුල දේශීය ණය ඩොලර් මිලියන 6777 ක් ලබා ගැනීමයි (රුපියල් ට්‍රිලියන 2.27 ක්). (Source: Quarterly debt bulletin , as of the end of March 2023 , Ministry of Finance)
පෙර පරිදි රජයට විදේශීය ණය ගැනීම කළ නොහැක. ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ආයතන ණය ලබා දෙන්නේ නැත. පෙර කී ආයතනවලට වුවද ඒ ඒ වර්ෂයේ දිය හැකි උපරිම ණය සීමාවන් IMF වැඩසටහනේ දක්වා ඇත.
2023 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක් තුල බැංකු සතු මුදල් රජය ණයට ගැනීම මසකට සාමාන්‍ය ඩොලර් මිලියන 2000 ක පමණ අගයක පවත්වා ගෙන යෑමට සිදුව ඇත්තේ රජයේ වියදම් පාලනය කරගැනීමට මෙන්ම ආදායම් ඉහළ දමා ගැනීමට අපොහොසත් වීම නිසාය. මේ ගන්නා ණය 99% ක්ම වර්ථන වියදම් පිරිමසා ගැනීම සඳහාය. පරිභෝජන ණය ලබා ගෙන පමණක් රට පවත්වා ගෙන යෑමට සූදානම් වන්නේ නම් තව කොතෙක් කල් මෙසේ යා හැකිද යන ප්‍රශ්නය පැන නගී.
රජයේ බදු එකතු කරගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් 2023 වර්ෂයට අපේක්ෂිත ආදායමවත් එකතු කරගැනීමට නොහැකි වන තත්ත්වයක් දැන් උදාවෙමින් ඇත. රජයේ බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමග අනෙකුත් සියල්ලේම 2023 මුදල් වර්ෂය සඳහා ආදායම් ඉලක්කය වී තිබෙන්නේ රුපියල් බිලියන 3130 කි. එහෙත් ඔවුන් සියල්ලෝම 2023 පළමු කාර්තුවේ එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 578 කි. 2022 පළමු කාර්තුවට සාපේක්ෂව මෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කලත් IMF විසින් පළමු කාර්තුව සඳහා රජයට ලබා දී තිබූ ඉලක්කය වු රුපියල් බිලියන 650 වත් එකතු කරගැනීමට අපොහොසත් වී ඇත. ඒ අනුව IMF පුරෝකථන සියල්ල වෙනස් වනු ඇත.
2023 පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 578 තුල වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ වක්‍ර බදු ය. විශේෂයෙන්ම VAT සහ SSCL බදු ආදායම යි. එයට හේතුව වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම සහ සමාජ ආරක්ෂන බද්ද 2.5% එකතු වීමයි. ඒ වගේම රටේ පැවති ඉහළ උද්ධමනයත් බදු ආදායම ඉහළ යාමට සැලකිය යුතු බලපෑමක් කොට ඇත. එහෙත් 2023 දෙවන කාර්තුවේ බදු ආදායම පළමු කාර්තුවට සාපේක්ෂව බොහෝ දුරට අඩු වීමට ඉඩ ඇත.
ලංකාවේ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය ඉදිරියේදී තිබුණු තත්ත්වයට වඩා පිරිහෙන බවට ඉඟි ලැබෙමින් ඇත. 2022 අප්‍රේල් 12 ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට රට තිබූ තත්ත්වයටත් වඩා අයහපත් තත්ත්වයකට මේ වන විට රට පත්ව තිබෙන බව ඔබ අවබෝධ කරගත යුතු ය. එය හුදෙක් පෝලිම් නොමැති වීමට ලගු කළ නොහැක.
ලංකාවේ සැබෑ ප්‍රශ්න මැනවින් තහවුරු කරන වාර්තා දෙකක් පසුගිය දා නිකුත් විය. ඉන් 2023 මැයි මස 25 දින නිකුත් වූ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනේ වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයෙන් මිලියන 7ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණ සහිතව පෙන්වා දෙයි. https://www.fao.org>Home>card. මෙම වාර්තාවට අනුව 2019 දී මිලියන 3 ක් වූ දුප්පත් ජනගහනය 2022 දෙසැම්බර් වන විට මිලියන 7 ක් දක්වා වර්ෂ තුනක් තුල මිලියන 4 කින් වැඩි වී ඇත. එහෙත් රජය කියන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන (FAO) කියන්නේ සාවද්‍ය තොරතුරු බවය. රජය ඔවැනිම ප්‍රකාශයක් මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මන්දපෝෂණය සම්බන්ධ වාර්තාවක් පිළිබඳවත් ප්‍රකාශ කොට පසුව එය ඉල්ලා අස්කර ගත්තේ ය.
මින් පැහැදිලි වන කරුණු...
මින් පැහැදිලි වන කරුණු කිහිපයක්ම ඇත. IMF ගිවිසුම අත්සන් කළ ද රජයේ ණය බර එන්න එන්නම වැඩි වෙමින් පවතී. කෙතරම් ඩොලර් ලංකාවට ගලා ආවත් එම ඩොලර් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වර්ධනය කොට රජයේ ආදායම වැඩිකර ගැනීම සඳහා යොදා ගැනීමට රජයට කිසිදු උවමනාවක් නොමැති බව පැහැදිලි ය. එමෙන්ම, රජය තම බදු ආදායම නිසි ලෙස එකතු කරගැනීමට අපොහොසත් වීම සහ වියදම් පාලනය කර නොගැනීම තුල මෙසේ විශාල වශයෙන් දේශීය මූලාශ්‍ර වලින් ණය ගැනීමට සිදුව ඇත.පෙර පරිදි රජයට විදේශීය ණය ගැනීම කළ නොහැක. ලෝක බැංකුව , ආසියානු සංවර්ධන බැංකුව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙනත් ආයතන ණය ලබා දෙන්නේ නැත. පෙර කී ආයතනවලට වුවද ඒ ඒ වර්ෂයේ දිය හැකි උපරිම ණය සීමාවන් IMF වැඩසටහනේ දක්වා ඇත.
තව කොතෙක් කල් මෙසේ යා හැකිද?
විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය සැප්තැම්බර් මස අවසන් වීමට නියමිත වුවත් එය ඒ අයුරින්ම සිදුවේවි කියා මේ යන ආකාරයට විශ්වාස කළ නොහැක. මන්ද, පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට වාණිජ බැංකු කැමති කරවා ගැනීමට රජය මෙතෙක් අපොහොසත් වී ඇත. පවතින ද්‍රවශීලතා මට්ටම්, බැංකු සතු වත්කම් සහ අක්‍රීය ණය (Stage 3) ප්‍රතිශත සලකා බැලීමේදී 10% කට වැඩි ණය කපා හැරීමකට යෑම පවා සමහර බැංකු වලට දරා ගත නොහැක. EPF අරමුදලේ ශේෂ පත්‍රයට අනුව 2% වැඩි ණය කපා හැරීමක් කළ හොත් අරමුදල විශාල අර්බුදයකට යෑම වැලැක්විය නොහැක. ඒ වගේම, සේවක අර්ථසාධක අරමුදලේ වාර්ෂික ලැබීම් විශාල වශයෙන් අඩුවීමේ ප්‍රවනතාවයක් දක්නට තිබීම තුල අරමුදල කඩා වැටීමකට ලක්වීම පවා නොවැළැක්විය හැකිය.2023 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක් තුල බැංකු සතු මුදල් රජය ණයට ගැනීම මසකට සාමාන්‍ය ඩොලර් මිලියන 2000 ක පමණ අගයක පවත්වා ගෙන යෑමට සිදුව ඇත්තේ රජයේ වියදම් පාලනය කරගැනීමට මෙන්ම ආදායම් ඉහළ දමා ගැනීමට අපොහොසත් වීම නිසාය. මේ ගන්නා ණය 99% ක්ම වර්ථන වියදම් පිරිමසා ගැනීම සඳහාය. පරිභෝජන ණය ලබා ගෙන පමණක් රට පවත්වා ගෙන යෑමට සූදානම් වන්නේ නම් තව කොතෙක් කල් මෙසේ යා හැකිද යන ප්‍රශ්නය පැන නගී.
ණය අර්බුදයෙන් මිදීමට අවශ්‍ය නම්..
රජයට ණය අර්බුදයෙන් මිදීමට අවශ්‍ය නම් මේ අවස්ථාවේ සියළු උස්සාහයන් ගත යුත්තේ ප්‍රාථමික ගිණුමේ ශේෂය හැකිතාක් ඉහළ දා ගැනීමටයි. 2023 වර්ෂයේ ප්‍රාථමික ගිණුමේ අපේක්ෂිත ශේෂය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට -0.7% කි. එය සෘන අගයක් වන තාක් කල් ලංකාවේ රජයට වැඩි වශයෙන් ණය මත යැපීමට සිදුවනු ඇත. IMF වාර්තාවේ පුරෝකථනය කොට තිබෙන අන්දමට ණය තිරසර භාවය ඇති වීමට නම් අවම වශයෙන් 2025 වන විට ප්‍රාථමික ගිණුමේ +2.3% ක ශේෂයක් පවත්වා ගත යුතුය. රජයේ උස්සාහය විය යුත්තේ 2025 වන තුරු නොසිට හැකි ඉක්මනින් ප්‍රාථමික ගිණුම ශක්තිමත් කිරීමට කටයුතු ආරම්භ කිරීමය. එහෙත් වර්තමානයේ රජය කටයුතු කරන අන්දමට 2025 ට ලබා දී තිබෙන ඉලක්කය සාක්ෂාත් කරගැනීම පවා සිහිනයකි.රජය කරන්නේ කළ යුතු දේ නොව නොකළ යුතු දේ..
ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට නම් රජයේ ආදායම් වැඩි කරගත යුතුය. වියදම් පාලනය කරගත යුතුය. ණය පොලී ගෙවීම් අඩුකර ගත යුතුය. රජය මේ කිසිවක් නොකරයි. රජය කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දේ පමණි.රජයේ බදු එකතු කරගැනීම පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් 2023 වර්ෂයට අපේක්ෂිත ආදායමවත් එකතු කරගැනීමට නොහැකි වන තත්ත්වයක් දැන් උදාවෙමින් ඇත. රජයේ බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව, සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමග අනෙකුත් සියල්ලේම 2023 මුදල් වර්ෂය සඳහා ආදායම් ඉලක්කය වී තිබෙන්නේ රුපියල් බිලියන 3130 කි. එහෙත් ඔවුන් සියල්ලෝම 2023 පළමු කාර්තුවේ එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 578 කි. 2022 පළමු කාර්තුවට සාපේක්ෂව මෙහි යම් වැඩිවීමක් පෙන්නුම් කලත් IMF විසින් පළමු කාර්තුව සඳහා රජයට ලබා දී තිබූ ඉලක්කය වු රුපියල් බිලියන 650 වත් එකතු කරගැනීමට අපොහොසත් වී ඇත. ඒ අනුව IMF පුරෝකථන සියල්ල වෙනස් වනු ඇත.
2023 පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 578 තුල වැඩි ප්‍රතිශතයක් තිබෙන්නේ වක්‍ර බදු ය. විශේෂයෙන්ම VAT සහ SSCL බදු ආදායම යි. එයට හේතුව වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම සහ සමාජ ආරක්ෂන බද්ද 2.5% එකතු වීමයි. ඒ වගේම රටේ පැවති ඉහළ උද්ධමනයත් බදු ආදායම ඉහළ යාමට සැලකිය යුතු බලපෑමක් කොට ඇත. එහෙත් 2023 දෙවන කාර්තුවේ බදු ආදායම පළමු කාර්තුවට සාපේක්ෂව බොහෝ දුරට අඩු වීමට ඉඩ ඇත.
බදු අයකිරීමේ ගැටළු විසඳීමට රජය ඉදිරිපත් නොවේ..
මේ සියල්ල සැලකිල්ලට ගෙන රජය වහා කල යුත්තේ ඇති විය හැකි හිඟය පුරෝකථනය කරගෙන අවශ්‍ය විකල්ප ආදායම් ක්‍රම සෙවීම ය. එහෙත්, පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ පැවති කෝප්, කෝපා , සහ මුදල් කමිටු හමුවට කැඳවු මුදල් අමාත්‍යාංශය, රේගුව , ආදායම් බදු දෙපාර්තමේන්තුව , හා සුරාබදු දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිළධාරීන් කළ ඉදිරිපත් කිරීම් වලදී පෙනී ගියේ එම ආයතන වලට ආදායම් එකතු කරගැනීමේ දී ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව තිබෙන බවය. රේගු නිළධාරීන් ප්‍රකාශ කරන්නේ වාහන ආනයන සීමා ඉවත් නොකොට කෙසේ වත් ඔවුන්ට අදාළ රේගු බදු ඉලක්ක කරා යා නොහැකි බවයි. මුදල් අමාත්‍යාංශ නිළධාරීන් කියන්නේ කැසිනෝ සහ සූදු බදු එකතු කිරීමට නීති සකස් කොට බලාත්මක කිරීමට තවත් මාස හයක් වත් ගත වනු ඇති බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවටත් විවිධ සීමා තිබෙන බව නිළධාරීන් කියති. ආදායම් බදු දෙපාර්තමේන්තුවට තිබෙන ප්‍රශ්න අසීමිත ය. රජය මේවා සඳහා ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු නොකරයි.රුපියල අස්ථාවර වීම නැවතත්...
රුපියල අස්ථාවර වීම නැවත ආරම්භ වී ඇත. මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල් 335 සීමාවට පැමිණ ඇත. ෆිච් රේටින් ආයතනය මීට පෙර අනතුරු හඟවා තිබුනේ වර්ෂය අවසාන වන විට ඩොලරය රුපියල් 390/- මට්ටමට යන බවකි. වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය මත මෙය ඉක්මනින් සිදුවෙන බවක් පෙනී යයි. පසුගිය දා ආනයන සීමා තරමක් ලිහිල් කිරීමත් සමග ඩොලරයට තිබෙන ඉල්ලුම ඉහළ යාම රුපියල කඩාවැටීමට හේතු විය. මෙය ඉදියටත් පවතිනු ඇත. ඩොලර් සැපැයුම අඩුවන විට , ආනයන සීමා ඉවත් වන විට මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුය.බංකොලොත් වන විට තිබූ තත්ත්වයටත් වඩා දැන් ජන ජීවිතය වැටිලා
ලංකාවේ ජනයාගේ සාමාන්‍ය ජන ජීවිතය ඉදිරියේදී තිබුණු තත්ත්වයට වඩා පිරිහෙන බවට ඉඟි ලැබෙමින් ඇත. 2022 අප්‍රේල් 12 ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කරන විට රට තිබූ තත්ත්වයටත් වඩා අයහපත් තත්ත්වයකට මේ වන විට රට පත්ව තිබෙන බව ඔබ අවබෝධ කරගත යුතු ය. එය හුදෙක් පෝලිම් නොමැති වීමට ලගු කළ නොහැක.
ලංකාවේ සැබෑ ප්‍රශ්න මැනවින් තහවුරු කරන වාර්තා දෙකක් පසුගිය දා නිකුත් විය. ඉන් 2023 මැයි මස 25 දින නිකුත් වූ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනේ වාර්තාවට අනුව ලංකාවේ ජනගහනයෙන් මිලියන 7ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණ සහිතව පෙන්වා දෙයි. https://www.fao.org>Home>card. මෙම වාර්තාවට අනුව 2019 දී මිලියන 3 ක් වූ දුප්පත් ජනගහනය 2022 දෙසැම්බර් වන විට මිලියන 7 ක් දක්වා වර්ෂ තුනක් තුල මිලියන 4 කින් වැඩි වී ඇත. එහෙත් රජය කියන්නේ එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන (FAO) කියන්නේ සාවද්‍ය තොරතුරු බවය. රජය ඔවැනිම ප්‍රකාශයක් මීට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මන්දපෝෂණය සම්බන්ධ වාර්තාවක් පිළිබඳවත් ප්‍රකාශ කොට පසුව එය ඉල්ලා අස්කර ගත්තේ ය.