මා වැනි නායකයෙකුට උගත් බුද්ධිමත් තාර්කික ජනතාවක් එක් වූ විට වේගයෙන් ඉදිරියට යාම කිසිවෙකුට වලකන්න බෑ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,775
    55,568
    113
    සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ කරනවාට වඩාල රට වෙනුවෙන් දරන්නට අප හට වගකීම් සම්භාරයක් ඇතැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

    තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

    සමාජ මාධ්‍ය තුළදී කැපී පෙනෙන්නට උත්සාහ කරනවාට වඩා, රට වෙනුවෙන් දරන්නට අප හට වගකීම් සම්භාරයක් ඇත.

    ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් වන්නට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනා මේ වන විට සමාජ මාධ්‍ය මෙහෙයුම් තුළින් පීඩිත ජනයාට විජ්ජාවන් පෙන්වීම අරඹා තිබේ. 2019 ජනාධිපතිවරණයේදී මෙන්ම උසුළු විසුළු වලට වැඩි තැනක් ලැබෙමින් තිබේ. එහෙත් උසුළු විසුළු වලට සිනාසෙමින් සිටි මහජනතාවට 2019න් පසුව සිදුවූ ආර්ථික ඛේදවාචකය හොඳින් මතක ඇතැයි සිතමි.

    පසුගිය දින කිහිපයේදී ඇතැමුන් උසුළු විසුළු වලට වැඩි කාලයක් ලබාදෙමින් සිටියදී මම, චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස හමුවීමටත්, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමුවීමටත්, ජාතික අපනයන මණ්ඩලයේ සාමාජිකයන් හමුවීමටත් කාලය වෙන් කළෙමි. ඒ, අප රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සිදුකළ යුතු කාර්යභාරයන් වඩාත් හොඳින් පැහැදිලි කරගැනීම වෙනුවෙනි.
    චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයන්ගෙන් මා ඉල්ලා සිටියේ අප රට තුළ නව ව්‍යවසායකයන් මිලියනයක් බිහිකිරීමට ඔවුන්ගේ සහාය ලබාදෙන ලෙසයි. මේ වන විට ලොව විශාලතම ආර්ථිකය වන චීනයේ සහාය අප රටේ ආර්ථික වර්ධනය සඳහා උපයෝගී කරගැනීම පිළිබඳව අප අවධානය යොමුකිරීම වැදගත් ය.

    අප රටේ ආර්ථිකයෙන් 50%කට වැඩි කොටසක් උසුලන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමගින්, ඔවුන්ගේ ණය ගෙවීමේ හැකියාව සහ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළෙමි. ඒ, අප රටේ ආර්ථික කොඳු නාරටිය රැකගැනීම වෙනුවෙනි.

    “පරාටේ නීතිය” හරහා ඔවුන්ව එක් කොණකට තල්ලු කිරීමට ඇතැම් වාණිජ සහ මුල්‍ය ආයතන උත්සාහ කළ ද, ප්‍රධාන විපක්ෂය වශයෙන් පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී හඬ නගා ඔවුන් වෙනුවෙන් සහන කාලයක් ලබාගැනීමට අප සමත් විය.

    අපනයන මණ්ඩලය සමගින් කළ සාකච්ඡාව වටිනා එකක් විය. ඔවුන් බලාපොරොත්තු වන රටේ නායකයාගෙන් ඔවුන්ට විමසීමට බොහෝ ප්‍රශ්න සහ ගැටළු තිබිණි. එබැවින් දත්ත සහ සංඛ්‍යාලේඛන සමග ගෝලීය ආර්ථිකය සහ අපනයන ක්ෂේත්‍රය ගැන මවිසින් කළ කතාවෙන් පසුව, ඔවුන් මා වෙත ඔවුන්ගේ ප්‍රශ්න යොමුකළේය. රාත්‍රී 11 පමණ වන තෙක් ඔවුන් සමග කළ සාකච්ඡාව, ඔවුන්ට ඇපැහැදිලිව තිබූ බොහෝ ඉසව් ගැන පැහැදිලි චිත්‍රයක් නිර්මාණය කළ බව දැනගන්නට ලැබුණි.

    රටක නායකත්වය කරා යන ගමනේදී යමෙකු උසුළු විසුළු වලට ලබාදෙන තැනට වඩා, ආර්ථික කරුණු ගැන ලබාදෙන තැන විසින් ඔහුගේ නායකත්ව ශක්‍යතාවය කියාපාන්නේය. එවැනි නායකයෙකුට උගත් බුද්ධිමත් තාර්කික ජනතාවක් එක්වූ දිනෙක, එරට වේගයෙන් ඉදිරියට යාම කිසිවෙකුටවත් නතර කළ නොහැකිය.

    ඔබට ජය වේවා!
    – මම, සජිත් ප්‍රේමදාස –
     
    • Haha
    Reactions: Solo Rider