මැක්ඩොනල්ඩ් ටික වහලා දාලා. ඔව් කතාව ඇත්ත.
ලෝකය පුරා රටවල් 120 ක පමණ තියෙන 40,000 කට අධික මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් අතරින් ලංකාවේ තියෙන්නේ 12 යි. ඒ 12 ම බාරව තිබුනේ, එහෙම නැත්නම් මැක්ඩොනල්ඩ් එකේ ලංකාවේ ෆ්‍රැන්චයිස් එක කළේ සුප්‍රසිද්ධ සමාගමක් වන අබාන්ස් එකෙන්.
මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් සමාගම පටන් ගන්නේ 1940 දී කැලිෆෝනියාවේ. . ඒ ඇමෙරිකාවේ Richard James Mcdonald සහ Maurice James Mcdonald කියන සහෝදරයන් දෙදෙනා විසින්. මේක ක්‍රමිකව දියුණු වෙලා ලෝකයේ සුප්‍රසිද්ධ fastfood chain එකක් බවට පත් වෙනවා.
ඉතිං මේ රෙස්ටුරන්ට් ජාලය බොහෝම ඉහළ පාරිභෝගික සේවාවක් සහ වේගවත් ආහාර සැපයුමක් වගේම සුවිශේෂි රසයක් පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් හොඳ කීර්ති නාමයක් උරුම කර ගෙන සිටියා. මේ ආකාරයට global brand එකක් වෙන්න ඒ ඉහළ මට්ටමේ සේවා සැපයීම අත්‍යාවශ්‍ය කරුණක්.
නමුත් මෑතකදී ශ්‍රී ලංකාවේ මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් තුල එම තත්ත්වය පහව ගොස් තිබුනා. මුල්ම කාලේ ඒ තත්ත්වය පවත්වා ගෙන ගියත් පසුවට එය ඔවුන්ට මගහැරී තිබුනා. විශේෂයෙන් කෝවිඩ් කාලේන් පස්සේ සහ ආර්ථික අර්බුදය නිසා මේ තත්ත්වය ඇති උනා කිව්වට කමක් නෑ.
මිනිස්සුන්ට වියදම් කරලා මැක්ඩොනල්ඩ් කන්න තරම් අමාරු වෙන කොට පාරිභෝගිකයන් සිය පරිභෝජනය අඩු කරන කොට සේල් එක බහිනවා. ඒ වගේම අලුතින් ඇති උන අවන් හල් මගීන් ඇති කරපු තරගයත් සුළු පටු නෑ. ඔවුන්ට හොඳ ගුණාත්මක සේවක පිරිසක් සොයා ගැනීමත් අමාරු උනා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ් වල වැඩ කරන්නේ ඉස්කෝලේ ඉවර වෙච්චි ගමන් වයසේ තරුණ ළමයි. වෙන රට වල නම් කැම්පස් පටන් ගන්න කම් පාර්ට් ටයිම් පැය ගාණට. නමුත් ලංකාවේ ගෙවන සුළු වැටුපට එවන් ගුණාත්මක මෑන් පවර් එකක් හොයා ගන්න බෑ. බොහෝ විට එම සුළු වැටුපට ආවේ ඈත පළාත් වල ළමයි. වතුකරයේ දුෂ්කර ජීවිත ගෙවපු පරම්පරා වල ළමයි. මේ පාරිභෝගික සේවය දෙන්න ඒ ළමයින්ව ගොඩක් පුරුදු කරන්න වෙනවා වගේම ඔවුන්ගේ ඇඳුමේ පැළඳුමේ, කතා කරන විදියේ, පිරිසිදු කමේ, දාන සපත්තුවේ ඉඳලා හදන්න ඕනේ. නමුත් මෑත කාලීනව මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් වල බ්‍රෑන්ඩ් එකට නොගැලපෙන මට්ටමෙන් සේවකයන් බඳවා ගෙන තිබුනා. ඒක ඔවුන් ලබා දෙන සේවයේම දුර්වලතා ලෙස පේන්න තිබුනා.
ඒ වගේම ඔවුන්ගේ ඇතැම් තේරිම් ඉතා දුර්වල මට්ටමේ තිබුනා. සමහර රෙස්ටුරන්ට් වල ඉඳ ගන්න තියෙන පුටු වල පහසුව ගැන කිසිදු තැකීමක් කර තිබුනේනෑ. නිකම්ම තද ලෑල්ලක් මත ඉඳ ගැනීමට සළසා තිබුනේ රෙස්ටුරන්ට් වල නිකම් කාලය ගත කර ගන්න පිරිස අඩු කර ගන්න විය යුතුයි. එය මැක්ඩොනල්ඩ් කන්න එන මිනිස්සුන්ට වේදනාවක් උනාට සමාගම තෝර ගත්තේ පාරිභෝගිකයා ගේ පැත්ත නෙවෙයි, ඊට එරෙහි පැත්ත.
මේ ගුණාත්මක මානව සම්පතක් සොයා ගන්න බැරි වීම සහ එයට ගැලපෙන්න ගෙවන්න නොහැකි වීම මත සමස්ථ සේවා සැපයීමේ දුර්වලතා රාශියක් ආවා. ඒවා දැවැන්ත කළමනාකරණ දුර්වලතා ලෙස පේන්න ගත්තා. එය අවසානයේ ආහාර වල ගුණාත්මකභාවය සහ රසය වගේම ඒවා ලබා දෙන වේගය පවත්වා ගෙන යන්න බැරි මට්ටමට ආවා. ඉතිං අවසානයේ ඔවුන්ට මැක්ඩොනල්ඩ් රෙස්ටුරන්ට් franchise එක අහිමි වෙලා තියෙනවා.
තවමත් නිළ නිවේදන නැති උනාට, ඕක වෙළෙඳපොළ තත්ත්වය මත අපිට එන්න පුළුවන් නිගමන. බොහෝ විට ඇත්තම හේතු එළියට කියන එකකුත් නෑ.
මැක්ඩොනල්ඩ් ගියාට ආයේ එයි. වෙන සමාගමක් එක්ක එකතු වෙලා වැඩේ ආයේ පටන් ගනියි. බලමු කාවද ඔවුන් තෝරා ගන්නේ කියලා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස් #හරිත