මැති ඇමැති දේපළ හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක්

asbestos

Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවැසේ.

    මේ අතර රක්ෂණය කෙරුණු දේපළ සඳහා වන්දි ගෙවීමට එකවර විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා රක්ෂණ සමාගම් බරපතළ ප්‍රශ්නයකට මුහුණදී සිටින බව වාර්තා වේ.

    පසුගිය දිනවල ඇතිවූ කලහකාරී සිද්ධීන්වලින් පසු මැති ඇමැතිවරුන් 55 දෙනෙකුගේ නිවාස ගිනිබත් විය.

    එම සිද්ධීන්වලදී වාහන දෙසීයකට වැඩි සංඛ්‍යාවක්ද විනාශවී ඇතැයි පොලිසිය පවසයි.

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත්පාලන නියෝජිත හමුවට පැමිණි නියෝජිතයන් රැගෙන ආ බස්රථවලින් 40ක් පමණ ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබ තිබිණ.

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බව කියන මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවෙසකට ගිනි තැබීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 200 කට ආසන්න බව පැවසේ.

    යෝෂිත රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන දෙනියාය ප්‍රදේශයේ හෝටල් සංකීර්ණයකට ගිනි තැබීමෙන්ද එවැනිම පාඩුවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    9,534
    10,731
    113
    මැදමහනුවර
    cNwGxlZ.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,440
    695
    113
    කොළඹ
    CCTV දර්සන සහ පේස්බුක් ලයිව් වීඩයෝ හරහා විනාස කල උන් දැන් හදුනාගනිමින් ඇත. උණුසුම පහව ගිය පසු රිටන් දෙනු ලැබේ!
     

    shenat

    Well-known member
  • May 13, 2007
    32,953
    38,130
    113
    ආශ්චර්යමත් රටක
    CCTV දර්සන සහ පේස්බුක් ලයිව් වීඩයෝ හරහා විනාස කල උන් දැන් හදුනාගනිමින් ඇත. උණුසුම පහව ගිය පසු රිටන් දෙනු ලැබේ!

    ඉතුරු ගෙවල් 150 න් වැඩි හරියත් පුච්චගන්න ඕන වෙලාලුද? 🤭
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    1,455
    1,237
    113
    CCTV දර්සන සහ පේස්බුක් ලයිව් වීඩයෝ හරහා විනාස කල උන් දැන් හදුනාගනිමින් ඇත. උණුසුම පහව ගිය පසු රිටන් දෙනු ලැබේ!
    ඒත් ඉතිං උන්ගෙන් ඒව අයකරගන්න බෑ නේ