මිහින්තලේ දරුවන් 13 දෙනා ලෙඩ කළ Prednisolone හා Domperidone ඖෂධ රෝහල් වලින් ඉවතට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    49,555
    49,766
    113
    Prednisolone-and-Domperidone-drugs-that-sickened-the-13-children-of-Mihintale-were-removed-from-hospitals

    මිහින්තලේ රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගත් දරුවන් 13 දෙනෙකුට අසාත්මිකතා ඇති කළ ඖෂධ භාවිතය තාවකාලිකව රජයේ රෝහල්වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
    මේ දිනවල ප්‍රදේශයේ පැතිර යන සෙම්ප්‍රතිශ්‍යාව සහ සෙම් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ගැනීමට මිහින්තලය රජයේ රෝහලට රැඟෙන ආ දරුවන්ට predinisolone හා Domperidone ඖෂධ ලබාදී ඇති අතර එයින් ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් දරුවන් 13 දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පෙරේදා (14) අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    ඒ අනුව අසාත්මිකතා ඇති කළ ඖෂධ වර්ග දෙක භාවිතයෙන් ඉවත් කර අදාළ රසායනාගාර පරීක්ෂණ සඳහා කොළඹ එවූ බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිලිප් එච්. ලියනගේ මහතා දන්වා තිබුණි.
    අනතුරුව ඊයේ සවස වාර්තාවූයේ වමනය සහ ඉදිමුම් රෝග සඳහා භාවිත කරන ප්‍රකට ඔෂධ වර්ග දෙකක් වන -Prednisolone හා Domperidone ඖෂධ දෙකම රජයේ සියලු රෝහල් වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරැාල් වරයා තීරණය කළ බවය.


    මිහින්තලේදී වයස අවුරුදු 5 -11 අතර දරුවන්ට සිදුවූ මෙම අසාත්මිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බවත් මෙම අසාත්මිකතාවය ඖෂධයක් මගින් සිදුවූ වාද යන්න පරීක්ෂා කරන අතර මෙවැනි තත්ත්වයක් මිහින්තලය ප්‍රදේශයෙන් හැර අනුරාධපුර වෙනත් කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීවේය. අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ සමාජ මාධ්‍යවල හා පුද්ගලයන් අතර පැතිර යන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් අනුරාධපුරයේදී ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකදීය.

    මෙම තත්ත්වය ප්‍රදේශයට ආවේණික යම් වෙනත් කටයුත්තක් හෝ අසාත්මිකතාවක් හේතුවෙන් සිදු වූවාද යන්න සැකයක්ද පවතින බවත් පැවසේ.


    මෙය කිසිදු එන්නතක් හේතුවෙන් හටගත් අසාත්මිකතාවක් නොවන බවත්, එම නිසා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසද සියලු ශ්‍රී ලාංකිකයින් ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

    සෙම් වෛරසය සඳහා අවශ්‍ය බෙහෙත් ලබා ගෙන තම දරුවන් නිවසට රැගෙන ගොස් එම බෙහෙත් වරු දෙකක්, තුනක් ලබා දෙන විට, එක පාරම දරුවන්ගේ කටවල් ඇදවී, දිව එළියට ඇවිත්, බෙල්ල කඩා වැටීමේ අසාත්මිකතාවක් ඇති වීම හේතුවෙන්, තමන් දැඩි බියට පත්වූ බව මෙහිදී මවුපියන් පිරිසක් සඳහන් කළේය.

    මෙලෙස අසාත්මිකතාවක් ඇති වීම හේතුවෙන් යළි මිහින්තලේ රෝහලට ඇතුළත් කළ තම දරුවන්, වැඩි දුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යැවූ බව ද එම මවුපියෝ පැවැසූහ.
    (අනුරාධපුර - සශිනි මධුෂානි)
     
    • Like
    Reactions: Asmodeus