මුඛ ආවරණ නොපැළදී 46 ක ට කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    11,650
    6,365
    113

    මුඛ ආවරණ නොපැළදී 46 ක ට කොරෝනා​





    (ඉන්දිකා රාමනායක)

    මුහුණු ආවරණ නොපැළදී පුද්ගලයන් සම්බන්ධයෙන් මේ දක්වා සිදු කළ පී. සී. ආර් සහ රුපිඞ් ඇන්ටිජන් පරික්ෂාවෙන් කොවිඞ් ආසාදිතයන් 46 දෙනෙක් අද (12) දිනය වනවිට හදුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    ඉකුත් 5 වැනි දින සිට මේ දක්වා සිදුකළ පුද්ගලයන් 2334 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂාවේ දී මෙම පිරිස ආසාදිතයන් වශයෙන් තහවුරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කියා සිටියේය.

    මෙම කාලය තුළ පුද්ගලයන් 1313 දෙනෙකු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 13 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති අතර තවත් 1021 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණයට ලක්කර ඇති අතර ඔවුන් අතරින් 27 දෙනෙකු ආසාදිතයන් වශයෙන් හදුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    968
    1,317
    93
    මුහුණු ආවරණ නොපළදින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.


    ලාංකිකයන් විතරනේ ?
     
    • Haha
    Reactions: Sri_Sampath

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    968
    1,317
    93
    බලපන් යුක්රේන සෙට් එක පළමු පෙළ අශ්‍රිතයෝ වෙලත් උන් හැමතැනම යනවා මුහුණු අවරනත් නැතුව. ගමේ ඉන්න නන්දසෙන මාස්ක් එකක් නැතුව ගියොත් නඩු.

    #එක නීථියක්
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    324
    280
    63
    සිරා හිටියනම් ඔහොම වෙන්නෙ නෑ 🙄🙄
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,159
    3
    35,827
    113
    Gampaha
    කවුරු මොනව කිවුවත්, දැන්නං තත්වෙ හොඳටම දරුණුයි. මට ඕක හරියටම තේරුණේ දැන් දවස් දෙක තුනකට උඩදි වෙච්ච සිද්දියක් හින්ද.

    මෙතනදි, මාස්ක් දාපු නැති අයගෙන් ආසාදිතයො අහුවෙලා තියෙන්නෙ ඒ අයව විතරක් චෙක් කරන හින්දනෙ.
    මාස්ක් දාපු අය අහඹුලෙස පරීක්ෂා කරල බැලුවොත් ඒත් ඔය තත්වෙ ඔය විදිහටම තියෙයි.

    දැන් තියෙන තත්වෙ එක්ක අපේ ළඟම යාළුවන්ව උනත් ආශ්‍රය කරන්න ඕනෙ ආසාදිතයෙක් කියල හිතාගෙන.