ඔය ටුවරිසම් කරනව කියන උන්ම තමයි බන් ඔහොම කැරිවැඩ කරන්නෙත්
විලා එකක් බුක්කරල තනියම ඇවිදින්න ආවම ඒකෙ අයිතිකාරයො වාහනේ තියනව කියල ටුවර් පැකෙජ් ඇගේ එල්ලන්න හදනව.
වාහනේ ගියත් උන්ට කැමති තැනක නවතින්න/ කන්න බෑ එක එක මගුල් කියල උන්ට කොමිස් එන තැන්වලට තල්ලු කරනව.
තව සමහර උන් අපෙ හොටෙල් එකේ මෙහෙම ඉවෙන්ට් එකක් තියෙනව බලන්ඩ එන්ඩ කියල ටිකට් පොත් උස්සගෙන පස්සෙන් එනව එපා කියද්දිත්.
එපා කියන එක තේරෙන්නෙ නෑ ලංකාවෙ උන්ට ඉතින් උන්ට unsafe feeling එකක් එනව ඇති.
එක ප්ලේස් එකක කලු මහත ගයිඩ් කෙනෙක් සුද්දිට මොනවහරි දෙයක් පෙන්නන්නෙ පිටට අත තියල අනිත් අතින් මේන් කියල. සුද්දිට දෙපාර වෙද්දි තේරුනා මූ කැරිය කියල. හයියෙන් කීව මාව අල්ලන්ඩ එපා කියල.
අපෝ ඔව්, ලන්කාවෙ ටුවරිසම් වල ඉන්න එවුන් පිට එවුන්ට දස වද දෙන්නෙ. උබ කිව්ව වගේ ලන්කාවෙම උන්ටත් වද දෙන්න ට්‍රයි කරනව සමහර වෙලාවට. ඕව නියාමනයක් නෑනෙ බන් ඒකයි ප්‍රශ්නෙ ලන්කාවෙ. අනිත් එක උන් සෙට් වෙලා මාෆියාවක් ගෙනියනව, සාමාන්‍ය මිනිහෙක් ගිහිල්ල පොලෝසියට කිව්වත් වැඩක් නෑ පොලෝසියෙන් අවවාද කරයි එච්චරයි, ඒත් ඊලග දවසෙ ඉදන් උබ ගිහිල්ල ඉවරයි ඒ මිනිස්සු ඉන්න පැත්තට.
කැබ් එකක් අරන් යන්න බෑ සුද්දො දාගෙන ටුවරිස්ට් ඇට්‍රෑක්ශන් වලට, කැබ් කියල තේරුනොත් මගදි ටුවරිස්ට් කරන එවුන් නවත්තල උන්ගෙ ඒවල යන්නලු පිටින් එන උන් හයර් නැල්ලු. එහෙම ගොඩක් වෙනවනෙ ලන්කාවෙ. කොලබට ආවොත් එතන ඉන්න කුඩ්ඩෙක් හෝ දුප්පත් එකෙක් පස්සෙන් ඇවිල්ල එල්ලෙනව සුද්දගෙ ඇගේ සල්ලි ඉල්ල ඉල්ල. එක්කො මොකක් හරි බොරු ප්ලේස් එකක් පොඩ්ඩක් පෙන්නල රු: 50000 විතර උගෙන් ගන්න ට්‍රයි කරනව.
එයාපෝට් එකේ ඉන්න ටැක්සි කාරයො වෙනම මාෆියාවක්. පිටින් කැබ් ආවොත් බඩු පැකට්.
අනිත් එක බලපන් කැස්බෑවො බිස්නස් එක, පොඩි අඩි 10 x 10 පොට් එකක බිම පොඩි ටැන්කි ටිකක් හදල ඒක බලන්න බර ගනන් ගන්නව. ටුවරිස්ට් ලගෙ පොකට් එකෙන් ඩොලර් ගන්න ඕනෙ තමයි, හැබැයි එහෙම අසාදාරන විදිහට එක තැනකින් නෙමෙයි ගන්න ඕනෙ, අනිත් ටුවරිස්ට් ව්‍යාපාර කරන අය අතරෙත් සාදාරන විදිහට බෙදිල යන්න ඕනෙ. උන් දෙයක් කරන්න කලින් දෙපාරක් හිතනව ටුවරිස්ට් ට්‍රැප් (උගුල්) වැඩි නිසා. එහෙම නොවුන නම් උන් ඔයිට වඩා වියදම් කරනව දන්නෙම නැතුව. අපේ මිනිස්සු තනියෙන් බුදු වෙන්න යන නිසා තමයි ඔක්කොම ප්‍රශ්නෙ. ඕවට රජය මැදිහත් වෙන්න ඕනෙ. ඔස්ට්‍රේලියාවෙ ඉන්න සුද්දො එහෙම බාලි තමයි යන්නෙ මොකෝ උන්ට මොලේ තියෙනව. ලන්කාව කොච්චර ලස්සන උනත් අනවශ්‍ය හූරාකෑම් කරනව කියල ප්‍රසිද්දයි ඔස්ට්‍රේලියන් සුද්දො අතර. උන්ට ලාභයි බාලි යන එක ටිකටුත් ගනන් අඩු එකේ.
අපිටම පෙනෙද්දි ලන්කාවෙ කුප්ප වැඩ ගොඩක් යනව කියල, පිට ඉන්න එවුන් ඩවුන්වෝට් කරන එක අහන්න දෙයක් නෑනෙ බන්. ඒත් මම නම් ලන්කාවට වැඩක් වෙන්න ඕනෙ නිසා ඉන්ග්‍රීසියෙන් ලිව්වොත් අනිවා ලන්කාව ගැන හොද දෙයක් තමයි ටයිප් කරන්නෙ ඒත් ඇත්ත කතාව අපි හැමෝම දන්නවනෙ.
මම සුද්දෙක් වෙලා සහ ඕව දැනන් හිටියනම් ලන්කාව වගේ ගූ ගොඩවල් වලට නම් යන්නෙ නෑ.