එකෙක් අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න ගිහින් හිතුණ දෙයක් ටිකක් විස්තර කරල ලියල දැම්මා.
අපි දකින හැම දෙයක්ම හැදිලා තියෙන්නෙ පරමාණුවලින් සහ පරමාණු එකතු වෙලා හැදුණු අණුවලින්. හැබැයි එ‍්වා අැතුළෙ අැත්‍තටම තියෙන්නෙ මහා හිස්තැන් ගොඩක්. එ‍් හිස්තැන් හැදිලා තියෙන්නෙ විද්‍යුත් චුම්භක බලවල ප්‍රතිඵලයක් විදිහට.
සරලව හිතුවොත් වේගයෙන් ගමන් කරන ඉලෙක්ට්‍රෝනවලින් අැති වෙන වලාව අාකර්ෂණය කරලා තියාගන්න න්‍යෂ්ටිය සහ ඉලෙක්ට්‍රෝන වලාව විසින්ම හට ගන්න ස්වයං විකර්ෂණය සමතුලිත වෙන තැන සාපේක්ෂව ගොඩක් අෑතින් පිහිටන නිසා.
එහෙම කිව්වම අණ්ඩර දෙමළ වගේ නම් සෞරග්‍රහ මණ්ඩලය ගැන හිතන්න. අපේ සූර්යයා කිලෝමීටර් මිලියන 1.4 ක් පළලයි. අෑතින්ම තියෙන නෙප්චූන් ග්‍රහලෝකය කිලෝමීටර් බිලියන 2.8 විතර අෑතින් තියෙන්නෙ. ඉතින් සාමාන්‍යයෙන් සූර්යයාගෙ සහ අෑතම ග්‍රහලෝකයට දුර අතර අනුපාතය 1 : 2000 වගේනෙ. න්‍යෂ්ටියෙ පළල සහ ඉලෙක්ට්‍රෝන වලාවට දුර අතර මේ අනුපාතය 1: 100,000 - 1,000,000 වගේ වෙනවා!
මේ හිස්තැන කොයි තරම්ද කියනවා නම් මුළු ලංකාවෙම මිනිස්සු ඔක්කොම එකතු කරොත් එයාලා සතු සැබෑ පදාර්ථය ප්‍රමාණයේ පරිමාව හාල් අැටයක් විතර වගේ!
(හරියටම කියනවා නම් මේ කියන්නෙ baryonic පදාර්ථය හෙවත් අපි දන්න ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන සහ බන්ධනවල ශක්තිජ ස්කන්ධය එකතු වෙලා එන සාමාන්‍ය පදාර්ථය ගැන)
පදාර්ථයේ සැබෑ පරිමාව සහ ඝණත්වය අපිට දකින්න තියෙන හොඳ උදාහරණයක් තමයි නියුට්‍රෝන තාරකා කියන්නෙ. නියුට්‍රෝන තාරකාවල ගුරුත්වාකර්ෂණය යටතේ පදාර්ථයේ විද්‍යුත් චුම්බක බල සම්පූර්ණයෙන්ම වගේ නිශ්ඵල වෙලා, ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන හායනය වෙලා සම්පූර්ණයෙන්ම වගේ නියුට්‍රෝන විතරක් ඉතිරි වෙනවා.
නියුට්‍රෝනවලට විද්‍යුත් චුම්භක බලය අදාළ නොවෙන නිසා සාමාන්‍යයෙන් අපි දන්න භෞතික විද්‍යාත්මක නියම යටතේ පදාර්ථයේ හිද් තැන් මොනවත් නැති සැබෑ ඝණත්වය හිමි වෙනවා.
(කළු කුහරවල සිද්ධි අවකාශයෙන් එකෙන් එහා මීට වඩා අමුතු දෙයක් වෙනවා තමයි, එ‍්ක තාම අපි හරියටම දන් නෑ. කොහොම වුණත් එතන තියෙන්නෙ baryonic පදාර්ථය නෙවෙයි කියල දැනට අැති තරම් සාක්ෂි තියෙනවා. එ‍් කියන්නෙ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන පවා තව දුරටත් කැඩෙනවා කියන එක.)
ඉතින් නියුට්‍රෝන තාරකාවක ඝණත්වය තමයි අපි මෙතනදි පාවිච්චි කරන්නෙ.
අපි සාමාන්‍යයෙන් දන්න විදිහට ජලයේ ඝණත්වය 1000 kg/m^3. වාතයේ මේ අගය 1.6 වගේ. වැලිවල මේක 2700, යකඩවල 7800, ඊයම්වල 11,500 සහ රත්තරන්වල 19,200 වගේ වෙනවා. එ‍් කියන්නෙ ඝණ මීටරයක් විශාල කුට්ටියක ස්කන්ධය.
එ‍් විදිහටම බැලුවාම නියුට්‍රෝන තාරකාවක ඝණත්වය ඝණ මීටරයකට කිලෝග්‍රෑම් බිලියන බිලියනයක් හෙවත් 10^18 විතර වෙනවා! එ‍් තමයි හිස්තැන් ඉවත් කරල ගත්තම පදාර්ථයේ සැබෑ ඝණත්වය.
කිලෝග්‍රෑම් බිලියන බිලියනයක් කියන එක අපිට එකපාර හිතාගන්නත් අමාරු තරම් ලොකු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් ඉන්දියාවෙ මුහුදු මට්ටමෙන් උඩට තියෙන සම්පූර්ණ පස් ප්‍රමාණය ගත්තොත් එච්චර විතර බරයි කියල හිතන්න පුළුවන්. නැත්නම් හිමාලය සමස්ත කඳු වැටියම වගේ 1000 ගුණයක් කියල හිතුවත් හරි. සමස්ත මුහුදේම තියෙන වතුරවල ස්කන්ධයෙන් 1% ක් කියල හිතුවත් හරි.
එ‍් ප්‍රමාණයම ඝණ මීටරයක, නැත්නම් අපේ ගෙවල්වල තියෙන ලීටර් 1000 වතුර ටැංකියක ප්‍රමාණයේ තිබ්බාම තමයි හිස්තැන් නැති සැබෑ පදාර්ථයේ ප්‍රමාණය එන්නෙ. අනිත් පැත්තට ලීටරේ ජෝග්ගුවක පුරවන්න පුළුවන් වතුර ප්‍රමාණය හිතලා, එ‍්ක හිමාලය කඳු පන්තියම තරම් ප්‍රසාරණය කරොත් මැද හිස්තැන් කොච්චර ඉතිරි වෙනවද කියල හිතුවත් අපි දකින ලෝකය කොච්චර හිස්ද කියල තේරුම් ගන්න පුළුවන්.
ඉතින් දැන් අපි අවසාන ගණනයට එමු. ඝණ මීටරයක කිලෝග්‍රෑම් බිලියන බිලියනයක් කියන්නෙ ඝණ මිලි මීටරයක ස්කන්ධය ගත්තොත් එ‍්ක කිලෝග්‍රෑම් බිලියනයයි. ටොන් මිලියනයයි. ඔන්න දැන් අපිට එකපාර හිතාගන්න ලේසි එ‍්කකයක් ලැබිලා තියෙනවා.
ලංකාවෙ ජනගහනය මිලියන 22 යි. ගෑනු අය සහ ළමයි අැතුළත්ව එක්කෙනෙක්ගෙ සාමාන්‍ය ස්කන්ධය කිලෝග්‍රෑම් 60 ක් විතර කියල හිතුවොත් ලංකාවෙ මිනිස්සු කෝටි 2.2 දෙනාගෙ ස්කන්ධය කිලෝග්‍රෑම් මිලියන 1320 ක් විතර කියල ලැබෙනවා. එ‍් කියන්නෙ කලින් විදිහට බැලුවොත් ඝණ මිලි මීටර් 1.32 ක පදාර්ථ ප්‍රමාණය.
ඝණ මිලි මීටර් 1.32 ක් තේරුම් ගන්න හොඳ ක්‍රමයක් තමයි සම්බා වගේ පුංචි හාල් ජාතියක හාල් අැටයක ප්‍රමාණය. හාල් අැටය අරන් මිනිස්සු කෝටි 2.2 ක ප්‍රමාණයකට පිම්බුවා කියන්නෙ ඉන්න මිනිස්සුන්ගෙ සිරුරු කොයි තරම් හිස් අවකාශයද කියල හිතා ගන්න පුළුවන්නෙ.
මිනිස් සිරුරෙ සාමාන්‍ය ඝණත්වය 1000 kg/m^3 කියල ගත්තොත් අපේ සැබෑ ස්කන්ධය අර 10^18 අගයෙන් ට්‍රිලියන 1000 කින් එකක්. එ‍් කියන්නෙ 1 ට පස්සෙ බිංදු 15 කින් එකක්. ප්‍රතිශතයක් විදිහට අපේ හිස්තැන් ප්‍රමාණය ලිව්වොත් 99.99999999999999% ක්. දශමස්ථානයට පස්සෙ 9 ඉලක්කම් 13 ක්. හොඳ හුස්මක් ගත්තාම අපි වතුරෙ පා වෙන නිසා (ඝණත්වය 950 kg/m^3 වගේ) අැත්තටම ඔයිටත් වඩා හිස් ගතිය තව චුට්ටක් විතර වැඩියි.
ඉතින් අන්න එ‍්කයි කියන්නෙ, අපි දකින හැම දෙයක්ම තනිකරම හිස් ගොඩක් විතරයි. වෙනත් විදිහකට කිව්වොත් එකම හිස්තැනක්..
Indrajith Gamage

Last edited: