මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදෙස් ණය ගෙවයි. සුළු ජනාගෙ තව පච එළිවෙයි

monson

Well-known member
  • May 7, 2007
    21,273
    19,659
    113
    මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ.

    එහිදී ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් හා ඩොලර් මිලියන 227.9 ක් පොලී ගෙවීම් ලෙසත් සටහන්ව ඇත.

    2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37.5 කි.

    රජය විසින් අනුගමනය කරන ලද අතුරු ප්‍රතිපත්තියට අනුකූලව, බලපෑමට ලක් වූ ද්විපාර්ශවික සහ වානිජ ණය හිමියන්ගේ විදේශ ණය සේවාකරණය 2022 වසරේ අප්‍රේල් මස 12 වන දින සිට අන්තර්කාලීන වශයෙන් තාවකාලිකව අත්හිටුවන ලදී.

    ඒ අනුව 2022 වසරේ ජූනි 30 දින දක්වා නොපියවා ඇති ණය වාරික ප්‍රමාණය ඩොලර් මිලියන 5,670 ක් ද, පොලී ප්‍රමාණය ඩොලර් මිලියන 2,527 ක් ද ලෙසින් වාර්තා වී ඇත.

    මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.


    https://biz.adaderana.lk/ශ්‍රී-ලංකාව-ඩොලර්-මිලියන-500/
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,841
    1
    36,538
    113
    xxx
    එතකොට දෑන් ජෙබයියෝ මිලියන 500 ණය ගෙව්වා කියලා පෝස්ට් දාන්නේ මේක ගෑනද?
     

    Similar threads