
එහි කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ සියලූ ක්ෂේත්‍රවල වෘත්තීය සමිති අද දින රැස්වී මේ පිළිබද සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවයි.
ගෝලීය කොවිඩ් මරණ අනුපාතයට සාපේක්ෂව මෙරට දෛනික කොවිඩ් මරණ අනුපාතය ඉහළ අගයක් ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවට කලූ පැල්ලමක් එක්වී ඇති බවද රවී කුමුදේශ් මහතා මෙහිදී පෙන්වා දුන්නා.
දත්ත කළමනාකරණයේ නොහැකියාව සහ දත්ත එකතු කිරීමේ විකෘතිය මෙම තත්වයට හේතුවී ඇති බවයි ඔහු සදහන් කළේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇතැමුන් කොවිඩ් වසංගතයේ සැබෑ තත්වය වසන් කිරීමේ අරමුණින් සිතා මතාම පී සී ආර් පරික්ෂණ ධාරිතාව අඩුකළ බවත් ඒ තුලින් මරණ අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළදමා රට ඉදිරියේ කලූ පැල්ලමක් ඇතිකිරීම පිළිබදව එම සෞඛ්‍ය බළධාරින් වගකිව යුතු බවත් රවී කුමුදේශ් මහතා කියා සිටියා.