මෙරට කොවිඩ් රෝගීන්ගෙන් 45,000ක් ළමුන්.රිජ්වේ ළමා රෝහලේ කොවිඩ් වාට්ටු පිරිලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,269
    7,955
    113
    මහරගම
    ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් කුඩා ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පවසයි.

    ඉන් ළමුන් 14 දෙනෙක් මියගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.

    මේ වන විට ළමුන් අතර, ඉතා සීඝ්‍රයෙන් කොවිඩ් ආසාදනය වෙමින් යන බවත්, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන් කළ වාට්ටු පිරී ගොස් ඇතැයි ද වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා සඳහන් කළේය.

    “අපි රාජගිරියේ වෙනත් තැනක තවත් වාට්ටු දෙකක් විවෘත කරන්නට මේ වන විට කටයුතු කරලා තියෙනවා. අද උදේ වන විට ළමුන් 150ක් පමණ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සහ ඉන් පාලනය වන අනෙකුත් වාට්ටු දෙකේ ප්‍රතිකාර ලබනවා. එපමණක් නෙවෙයි. පසුගිය සතිය පුරා සියලු රෝහල්වල ළමා වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරිලා ගියා.”

    සාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්නුම් කරන කොවිඩ් ආසාදිත ළමුන් රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ද විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත මහතා පෙන්වාදෙයි.

    “හැම දරුවෙකුම රෝහලකට ඇතුළත් වෙලා ප්‍රතිකාර ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නෑ, හැකියාවක් තියෙනවා නම් හෙම්බිරිසාව, ළා උණ තියෙන දරුවෝ රෝහල් වෙත ගේන්නේ නැතුව ගෙදර දී බලාගන්න ඒක වඩාත්ම වැදගත් වෙනවා. නමුත් කුමන වෙලාවේ දිද දරුවා ව රෝහලක් කරා රැගෙන ආ යුත්තේ. තද උණ තියෙනවා නම් දරුවා කන්නේ බොන්නේ නැත්නම් වමනය, පාචනය සිදුවෙලා දරුවාට අමාරුයි කියලා හිතෙන ඕනෑම වෙලාවක රැගෙන ආ හැකියි.”
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,055
    1,197
    113
    ස්ටාර්ලින් මහත්තයෝ ඔය මදි දවසට 10 000ක් වත් මැරෙනකන් උත්ගෝශන කරන්න ඕන
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,384
    10,224
    113
    ස්ටාර්ලින් මහත්තයෝ ඔය මදි දවසට 10 000ක් වත් මැරෙනකන් උත්ගෝශන කරන්න ඕන
    උද්ගෝෂණ කරාම මිනිස්සු මැරෙනවද බං
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,055
    1,197
    113
    ස්ටාර්ලින් මහත්තයෝ ඔය මදි දවසට 10 000ක් වත් මැරෙනකන් උත්ගෝශන කරන්න ඕන
    ළමයි උද්ගොෂනෙට ගිහිල්ලද?
    ඇයි ගුරුවරුන්ට ලමයි නැද්ද උට්ටො
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,151
    2,085
    113
    ස්ටාර්ලින් මහත්තයෝ ඔය මදි දවසට 10 000ක් වත් මැරෙනකන් උත්ගෝශන කරන්න ඕන

    ඇයි ගුරුවරුන්ට ලමයි නැද්ද උට්ටො
    Moko ridune? Giyapu ayata nathiwa lamainta witharada hadila thiyenne 😂
     

    nidarsha91

    Well-known member
  • පිකට්ස් කරපල්ල කිසිම අවුලක් නෑ. හැබැයි තොපි ගෙවල් වල එන්න එපා. චිලව් පිකට් එකට ගිය ගුරුවරියකගෙ අම්මට චූටි දූ පැටියට ආසාදනය වුනා. දැනුවත්ව කියන්නෙ. මේක මේ මන්ද බුද්දික දේස පාලුවොත් එක්ක ඇර ගන්න වෙලාවක් නෙමෙයි නෙ. අනික එහෙම කරනව නම්, සංචාරක කර්මාන්තයෙ උන්න වුන්ට පාස්කු බෝම්බෙන් කෙලවිලා කොරෝනාවෙන් කෙලමවෙලා අන්න උන් ලෝන් ගෙවාගන්න බැරුව එල්ලෙන්න යනවා.

    මේ වෙලාවෙ මේ රෙද්ද අඩු කරගෙන හැමෝම එකට රට ගැන හිතුවොත් ඇරෙන්න විකල්පයක් නෑ.