මෙරට හදන බෙහෙත් අඩු කුලේ බව තහවුරු කරමින් චක්‍රලේඛ නිකුත් කරයි 💊🤒

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    19,625
    39,288
    113
    1. https://gagana.lk/article/aspirin-medecine-1690040221

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින්, රජයේ රෝහල් වල භාවිතය සදහා මෙරට නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ඇස්ප්‍රීන් කාණ්ඩයේ ඖෂධ භාවිතයෙන් ඉවත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

    එයට හේතුව වී ඇත්තේ, ඇස්ප්‍රීන් පෙති වල ඇස්ප්‍රීන් නැමති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බවට තහවුරු වීම හේතුවෙන්. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ එහි අධ්‍යක්ෂ කපිල වික්‍රමණායකගේ අත්සනින් යුතුවයි.

    වෛද්‍යවරුන් විසින් හෘදයාබාධ වලට ලක්වීමේ අවධානම සහිත පුද්ගලයින්ට සහ හෘදයාබාදයන්ට ලක්වූ රෝගීන්ගේ හෘදයේ රුධිර වාහිනීවල රුධිර කැටිගැසීම වැළැක්වීම සදහා ඇස්ප්‍රීන් අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස රෝගීන්ට ලබා දෙනවා.

    2. https://gagana.lk/article/a-drug-is-prohibited-1690090540

    මෙරටදී නිෂ්පාදනය කෙරෙන ඇස්ප්‍රින් ඖෂධයේ කාණ්ඩ 02ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බවට වාර්තා වනවා.

    ඒ, අදාළ ඖෂධයේ කාණ්ඩ 02ක් නිසි ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගැනීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

    පසුගියදා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රජයේ රෝහල් කිහිපයක භාවිත කරන ඇස්ප්‍රින් ඖෂධයේ සාම්පල කිහිපයක් පරීක්ෂාවට ලක්කර තිබුණා.

    එහිදී මෙලෙස ප්‍රමිතියෙන් තොර බවට හඳුනාගෙන ඇත. ඒ අනුව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශවලට අනුව වෛද්‍ය සැපයුම් අංශය විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

    වෛද්‍ය සැපයුම් අංශය විසින් සියලු රෝහල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ, අදාළ කාණ්ඩ 02ට අයත් ඇස්ප්‍රින් ඖෂධ සියල්ල භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

    මෙලෙස අදාළ කාණ්ඩ 02 රෝහල්වල භාවිතයෙන් ඉවත් කළ ද ඇස්ප්‍රින් ඖෂධයේ හිඟයක් රෝහල් තුළ නොමැති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා සඳහන් කළේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,637
    113
    日本
    ඵහෙනම් ඩස්ප ඉන්දියාවෙන්ම ගේමු..ඕකනේ රනිලා පාස්කුවට බෝම්බ ගහලම කරන්න ප්ලෑන් කරේ..ඩස්ප ලංකා..🤣
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඇස්ප්‍රීන් පෙති වල ඇස්ප්‍රීන් නැමති එහි ප්‍රධාන සංඝටකය තුළ ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බවට තහවුරු වීම

    එතකොට ඇස්ප්‍රින් පෙති කියල බීල තියෙන්නෙ මොනාද :D
     
    • Haha
    Reactions: gnilukshi

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,108
    14,702
    113
    SPC ඵකේ කොච්චර කොලටි බෙහෙත් හැදුවද...අැයි බං මේ ලංකාවේ ගොන් හැත්ත ලංකාවේ හදන දේවල් වලට මේ තරම් අකමැති.අපේ රටේ හදන්න පුළුවන් දේත් රටින් ගෙනාවහම ලංකාවේ උන්ට ජොබ්ස් කොහෙන්ද..බලපං පිලිපීනේ දැන් SD cards හිටන් හදනවා..සිංගප්පූරුවෙත් උන් රටේ හදන්න පුළුවන් දේවල් ටික හදනවනේ..අැයි ලංකාවේ උන් රටින්ම බඩු ගේන්න හදන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    10,278
    32,126
    113
    Homagama
    yako lankawe hadana ewa wath trust karanna barida? @emoji diaries any comments?
    රෙජිස්ටරේ⁣ ඩේටා නැතිවුන කතාව නිකමට ගුගලයක් ගහපංකෝ.
    ඵහෙනම් ඩස්ප ඉන්දියාවෙන්ම ගේමු..ඕකනේ රනිලා පාස්කුවට බෝම්බ ගහලම කරන්න ප්ලෑන් කරේ..ඩස්ප ලංකා..🤣
    ඊට වඩා හොදයි රොටි කනවා. ඒ තරම් පිටි.

    මිනිස්සු හැමදේම මනින්නේ ලාබයෙන්. දතාගේ ඖෂධ මිල නියාමනය උඩ තියන් දිව්වාට, එතනින් තමා ඉන්දියන් පකිස් මිල අඩු බාල බෙහෙත් සර්කියුලර් වෙන්න ගත්තේ. අද වෙද්දි බැල්කනි ඩවුන් ඒක නෙකේස් ලෙවල් එකට ගෙනියලා තියනවා ජරාම විදිහට.

    රජයෙන් දෙන උත්ත⁣රේ අපිට සල්ලි නැ. මොනා ඇහුවත් අපිට ඕවාට සල්ලි නැ. පටන් ගන්නේම ඔය ලයින් එකෙන්.

    හැබැයි රජයේ සල්ලි ඔක්කොම නාස්ති කරලා ණයට තෙල් ගහන් පට්ට පාඩුවට sri lankan ප්ලේන් දුවනවා. ඔය ටික ග්‍රවුන්ඩ් කරල⁣ තෙල් වියදමට යන සල්ලි දුන්නත් අපිට හෙල්ත් දුවවන්න පුලුවන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    7,204
    12,499
    113
    SPC ඵකේ කොච්චර කොලටි බෙහෙත් හැදුවද...අැයි බං මේ ලංකාවේ ගොන් හැත්ත ලංකාවේ හදන දේවල් වලට මේ තරම් අකමැති.අපේ රටේ හදන්න පුළුවන් දේත් රටින් ගෙනාවහම ලංකාවේ උන්ට ජොබ්ස් කොහෙන්ද..
    Aspirin හදන්නේ SPC නෙවේ, Newgen කියලා කුරුණැගල පැත්තේ company එකක්. ඒකේ හදපු ඒනා තමයි ඔය Reject කරලා තියෙන්නේ
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    4,285
    2,030
    113
    රෙජිස්ටරේ⁣ ඩේටා නැතිවුන කතාව නිකමට ගුගලයක් ගහපංකෝ.

    ඊට වඩා හොදයි රොටි කනවා. ඒ තරම් පිටි.

    මිනිස්සු හැමදේම මනින්නේ ලාබයෙන්. දතාගේ ඖෂධ මිල නියාමනය උඩ තියන් දිව්වාට, එතනින් තමා ඉන්දියන් පකිස් මිල අඩු බාල බෙහෙත් සර්කියුලර් වෙන්න ගත්තේ. අද වෙද්දි බැල්කනි ඩවුන් ඒක නෙකේස් ලෙවල් එකට ගෙනියලා තියනවා ජරාම විදිහට.

    රජයෙන් දෙන උත්ත⁣රේ අපිට සල්ලි නැ. මොනා ඇහුවත් අපිට ඕවාට සල්ලි නැ. පටන් ගන්නේම ඔය ලයින් එකෙන්.

    හැබැයි රජයේ සල්ලි ඔක්කොම නාස්ති කරලා ණයට තෙල් ගහන් පට්ට පාඩුවට sri lankan ප්ලේන් දුවනවා. ඔය ටික ග්‍රවුන්ඩ් කරල⁣ තෙල් වියදමට යන සල්ලි දුන්නත් අපිට හෙල්ත් දුවවන්න පුලුවන්.
    Sri Lankan, CEB, Ceypetco wala monopoly eka ain karala down size karanakan me rata goda ganna behe
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,332
    1
    35,670
    113
    තාම ලන්කාවේ
    රෙජිස්ටරේ⁣ ඩේටා නැතිවුන කතාව නිකමට ගුගලයක් ගහපංකෝ.

    ඊට වඩා හොදයි රොටි කනවා. ඒ තරම් පිටි.

    මිනිස්සු හැමදේම මනින්නේ ලාබයෙන්. දතාගේ ඖෂධ මිල නියාමනය උඩ තියන් දිව්වාට, එතනින් තමා ඉන්දියන් පකිස් මිල අඩු බාල බෙහෙත් සර්කියුලර් වෙන්න ගත්තේ. අද වෙද්දි බැල්කනි ඩවුන් ඒක නෙකේස් ලෙවල් එකට ගෙනියලා තියනවා ජරාම විදිහට.

    රජයෙන් දෙන උත්ත⁣රේ අපිට සල්ලි නැ. මොනා ඇහුවත් අපිට ඕවාට සල්ලි නැ. පටන් ගන්නේම ඔය ලයින් එකෙන්.

    හැබැයි රජයේ සල්ලි ඔක්කොම නාස්ති කරලා ණයට තෙල් ගහන් පට්ට පාඩුවට sri lankan ප්ලේන් දුවනවා. ඔය ටික ග්‍රවුන්ඩ් කරල⁣ තෙල් වියදමට යන සල්ලි දුන්නත් අපිට හෙල්ත් දුවවන්න පුලුවන්.
    ආණ්ඩුවේ ප්‍රමුඛතාවය සම්පූර්ණයෙන් වෙනස්. ඒයාලට ඕනේ ඒ පන්තිය නඩත්තු කරන්න සෑපට. ඒක තාම මිනිස්සු තේරුම් අරන් නෑ. තාම කඩේ යනවා.. එහෙම යනගමන් සමහරු තමන්ගේ පන්තියේ එවුන්ටම හිතේ තියෙන පීඩනය පිටකරනවා.

    අද හුගක් නරක නිව්ස් එකක් ආවා. ගුරුවරු සෑහෙන්න ගුරු සේවයෙන් ඉවත් වෙනවලු/වෙලාලු ඉස්කෝල වල පීඩනය දරා ගන්න බෑරුව. පඩි ප්‍රශ්ණ නෙමේ ළමයින්ගේ හෑසිරීම සහා පීඩනය. පොඩි ඉස්කෝල වල හුගක් ළමයි අධ්‍යාපනයට බර නෑති වෙලා ගුරුවරුන්ට උගන්වන්න නොදෙන ගානට ඈවිත්.. මට කතා කලා ගුරුවරයා සහා මම දන්න තව හතර දෙනෙක් දෑනටම අස්වෙලා. හොදට උගන්නපු මිනිස්සු. මට පේන්නේ රටේ අනාගතයට ලොකුම හානිය ඒක. ළමයින්ගේ ආකල්ප නරක් වෙන එක.
     
    ඒ වුණාට ලමයින්ට පාරක්වත් ගහන්න බෑ
    අඩුම ගානෙ බනින්නවත් බෑ
    මේවයෙ ප්‍රතිඵල ඉදිරියට බලාගන්න පුලුවන්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,332
    1
    35,670
    113
    තාම ලන්කාවේ
    ඒ වුණාට ලමයින්ට පාරක්වත් ගහන්න බෑ
    අඩුම ගානෙ බනින්නවත් බෑ
    මේවයෙ ප්‍රතිඵල ඉදිරියට බලාගන්න පුලුවන්
    මම කවදාවත් හිතුවේ නෑ ගුරුවරු පීඩනය හින්දා තමන්ගේ රස්සාව අත අරී කියලා. මම ඈහෑව්වාම කිව්වේ ඉගෙන ගන්න උනන්දු ළමයි දෙතුන් දෙනෙක් ඉන්නේ අනිත් සේරම උගන්නන්න නොදෙන ළමයි කියලා. ගහන්න බනින්න බෑරි හින්දා කිසිම දෙයක් කරගන්න බෑලු. අන්තිමට පීඩනය වෑඩි කමට මෑරෙයි කියන බයට තමා උන් අස් වෙන්නේ. හොදට උගන්නන ගුරුවරු. මාර අපරාධයක්.

    අන්තිමට ලන්කාවේ ගන්න කියලා දෙයක් නෑත්තටම නෑති වෙයිද?

    ඊලග පරම්පරාව විනාශ වෙනවා කියන්නේ ඉතින් හිතා ගන්න පුලුවන්නේ වෙන දේ
     
    • Like
    Reactions: tin_kiri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,625
    39,288
    113
    අද හුගක් නරක නිව්ස් එකක් ආවා. ගුරුවරු සෑහෙන්න ගුරු සේවයෙන් ඉවත් වෙනවලු/වෙලාලු ඉස්කෝල වල පීඩනය දරා ගන්න බෑරුව. පඩි ප්‍රශ්ණ නෙමේ ළමයින්ගේ හෑසිරීම සහා පීඩනය. පොඩි ඉස්කෝල වල හුගක් ළමයි අධ්‍යාපනයට බර නෑති වෙලා ගුරුවරුන්ට උගන්වන්න නොදෙන ගානට ඈවිත්.. මට කතා කලා ගුරුවරයා සහා මම දන්න තව හතර දෙනෙක් දෑනටම අස්වෙලා. හොදට උගන්නපු මිනිස්සු. මට පේන්නේ රටේ අනාගතයට ලොකුම හානිය ඒක. ළමයින්ගේ ආකල්ප නරක් වෙන එක.

    TikTok generation

    ඔය මගුල ගැන ඇමරිකාවේ කොන්ග්‍රස් එක වාද කරා. ඇල්ගොරිතම් වලින් අලුත් ජෙනරේජන් ප්‍රෝග්‍රෑම් කරලා රටක් වට්ටන හැටි ගැන. අපි ඉතින් දෙන ඕන දෙයක් ඇරලා ගන්නවා නේ. 😆

    ඒ වුණාට ලමයින්ට පාරක්වත් ගහන්න බෑ
    අඩුම ගානෙ බනින්නවත් බෑ
    මේවයෙ ප්‍රතිඵල ඉදිරියට බලාගන්න පුලුවන්
    දැන් ගුරුවරුන්ට වඩා ළමයි කනෙක්ට් වෙලා ඉන්නේ. මේ ලගදී ගහපු ගුරුවරයෙක්ගෙ රෙදි ෆේස්බුක් එකේ ගලවලා තිබ්බා. ජනාධිපති එලවපු අපිට සර් කජ්ජක් ද ඇටිටියුඩ් 😄
    ------ Post added on Jul 24, 2023 at 2:59 PM