මෙල්බන් කොවිඩ් ව්‍යාප්තියට හේතුව ශ්‍රී ලාංකිකයෙක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    12,394
    6,233
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇති වී ඇතැයි ද ශ්‍රී ලංකාවේ සිට පැමිණි අයකු ඊට සම්බන්ධ යැයි ද ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

    ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවරින් ඩෙල්ටා ප්‍රභේදය ( ඉන්දීය ප්‍රභේදය) හඳුනාගෙන ඇතැයි ද ඒ පිළිබඳ සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයකුගෙන් එලෙස එම ප්‍රභේදය රටට ඇතුළු වී ඇතැයි ද එම වාර්තාවල දැක්වේ.

    ශ්‍රී ලංකාවේ පැතිර යන සම්ප්‍රේෂණ හැකියාව ඉහළ මෙම ප්‍රභේදය හේතුවෙන් ප්‍රජාවකට වයිරසය ආසාදනය වීමේ අවදානමක් ඇතැයි ද විශේෂඥයන් උපුටා දක්වමින් ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

    එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ මැයි 8 වැනිදා ය. ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර ඉන් පසුව ඔහු හෝටල් නිරෝධායනයට යොමු කර ඇත. ඔහුගේ නිරෝධායන කාලසීමාව අවසන් වී ඇත්තේ මැයි මස 23 වැනිදා ය.


    Source: https://www.lankadeepa.lk/news/මෙල්බන්-කොවිඩ්-ව්‍යාප්තියට-හේතුව-ශ්‍රී-ලාංකිකයෙක්/101-592113
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,675
    1,759
    113
    N/A
    පර සුද්දන්ට කෙලෙවුවාට මාගේ සමාචාරය වගේ එවුවා හිතන උනුත් ඉන්නවා බං. මාත් එහෙමයි ඉස්සර. මෝඩ බටහිර වෛරය.
     
    • Haha
    Reactions: kc_0304 and Kolama

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,660
    1,062
    113
    ලංකාවට ගහන vaccine එකෙන් covid හැදෙන්න පුලුවන් කියන්නේ.....මැරෙන එක විතරයි ලු අඩු....
     
    • Wow
    Reactions: Champ HB

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    12,394
    6,233
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවට ගහන vaccine එකෙන් covid හැදෙන්න පුලුවන් කියන්නේ.....මැරෙන එක විතරයි ලු අඩු....
    වැක්සින් ගැහුවයි කියලා කොරෝනා හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ මචන්. හැදුනාම ගොඩක් ලෙඩේ දරුනු නොවෙන එකයි වැක්සින් එකකින් වෙන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    4,709
    992
    113
    www.trekwings.com
    ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේදීම ඔහුට බී.1.617.2 ප්‍රභේදය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති අතර

    එ වෙලෙම හොයාගෙන නිරොදානය කරාම කොහොමද පැතිරිලා තියෙන්නෙ????
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    6,660
    1,062
    113
    වැක්සින් ගැහුවයි කියලා කොරෝනා හැදෙන්නෙ නැතුව තියෙන්නෙ නෑ මචන්. හැදුනාම ගොඩක් ලෙඩේ දරුනු නොවෙන එකයි වැක්සින් එකකින් වෙන්නෙ.

    Ape vaccine internationally accepted na neda
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,264
    1,543
    113
    oya lankawe idan giyapu ekekda nathnm indiawe idan lankawata genalla nirodayanaa karala pitarata yawapu ekeka?
     
    • Like
    Reactions: NRTG