අනාගත කාලය ඉතා දීර්ඝ වූවකි. එය දින මාස වර්ෂ ගණනින් තබා කල්ප ගණනිකුදු ප්‍රමාණ නො කළ හැකි ය. එහි අවසාන කොණක් ඇත්තේ ම නැත. ඒ දීර්ඝ වූ කාලයෙහි නැවත නැවතත් උපදනා වූ මේ සත්ත්වයන්ගෙන් එක් එක් පුද්ගලයකු විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍රමාණයක් ද නැත. අපායෙහි උපදින්නට සිදුවන වාරයන් ගේ ප්‍රමාණයක් ද නැත. එබැවින් එක් එක් පුද්ගලයකුට අනාගතයෙහි ලබන්නට වන දුඃඛස්කන්ධය ඉතා මහත් ය. සෝවාන් පුද්ගලයාට ඉතිරිව තිබෙන ජාති සතකට අයත් දුක් රැස නිවීගිය දුඃඛස්කන්ධය හා සසඳා බලතහොත් ඉතා සුළු දෙයකි.
බුදුන් වහන්සේ,
“මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළා වූ සෝවාන් වූ ආර්‍ය්‍ය ශ්‍රාවකයා හට ක්ෂය වූ දුඃඛය ම ඉතා බොහෝ ය. ඉතිරි දුක සුළුය. එය ක්ෂය වූ දුඃඛයෙන් සියයෙන් පංගුවකුදු නො වන්නේය, දහසින් පංගුවකුදු නො වන්නේය, ලක්ෂයෙන් පංගුවකුදු නො වන්නේය” යි වදාළ සේක.
“සක්විති රජකමට ද වඩා, ස්වර්ගයට යාමට ද වඩා, සියලු ලොව අධිපති වීමට ද වඩා සෝවාන් ඵලය උතුම්ය’ යැයි වදාළේ එහෙයිනි..
කොපමණ වීර්යයෙන් හෝ ධර්මාවබෝධය කළ යුත්තේ ඒ නිසාම ය.
සෝවාන් ඵලය යනු ආර්‍ය්‍යසත්‍යාවබෝධයෙන් ලැබෙන ඵලයයි.
චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරනු පිණිස කරන්නා වූ ව්‍යායාමය: ශරීරය පෝෂණය කරනු පිණිස, අඹුදරුවන් පෝෂණය කරනු පිණිස, පස්කම් සුව විඳිනු පිණිස, පොහොසත් වනු පිණිස, ප්‍රසිද්ධ වනු පිණිස, ප්‍රශංසා ලබනු පිණිස කරන්නා වූ ව්‍යායාමයන්ට වඩා සියදහස් ගුණයෙන් සඵල වූ දෙයක් නො වේ නම්, වැඩක් නැතියන් විසින් ම කළයුතු දෙයක් හෝ නිෂ්ඵල දෙයක් හෝ නම්, සියල්ල දත්තා වූ මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යාවබෝධය පිණිස වීර්‍ය්‍ය කළ යුතු බව, මෙපමණ බර කොට මෙපමණ උසස් කොට නො වදාරන්නාහ. එසේ වදාරන ලද්දේ එය ඒකාන්තයෙන් ම අන් හැම දෙයකට ම වඩා වැඩදායක දෙයක් හෙයිනි. එබැවින් ඒ බුදුන් වහන්සේ ගේ වදන් පිළිගන්නා වූ සියල්ලෝ ම හැකි පමණින්වත් සත්‍යාවබෝධය කරගනු පිණිස උත්සාහ කරත්වා!
තවද එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ,
මහණෙනි! තෙපි යමෙකුට අනුකම්පා කරන්නාහු ද යම්කිසි මිත්‍රයෝ හෝ අසල්වැසියෝ හෝ නෑයෝ හෝ සහලේනෑයෝ හෝ තොපගේ වචනය අසත් ද තෙපි ඔවුන් චතුරාර්‍ය්‍ය සත්‍යය තත් වූ පරිද්දෙන් අවබෝධ කර ගැන්මෙහි යොදවව්, පිහිටවව්” යි වදාළ සේක.
මෙලොව උපදින මනුෂ්‍යයන් අතීතයේ විඳි කන්දරාව ද අනාගතයේ විඳින්නට වන දුක් කන්දරාවද බුදු නුවණින් දුටු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මාවබෝධය කිරීම ජීවිතයකට කොපමණ අර්ථයක් ගෙන දෙනවාදැයි දේශනා කළේ එබැවිනි.
සාධූ.. සාධූ.. සාධූ...