මේ කණ්ඩායම මීලග ලෝක කුසලානය ගේනවාමයි.. මේ පාරත් ගේන්නයි ගියේ.. චුට්ටක් වැරදුනා.. මං අස්වෙන්නෑ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    57,251
    54,301
    113
    අද සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් තරුණ කණ්ඩායම විසින් ඉදිරි ලෝක කුසලානයක් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    මෙවර ඉන්දියාවේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූයේ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානය ගෙන ඒ යයි විස්වාසයෙන් බවද ඔහු පැවසීය.

    සිම්බාබ්වේ දී පැවති ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ ස්ථානය තරගාවලිය 12 වැනි ස්ථානයේ සිටියත් එම තරගාවලියෙන් පසු 09 වන ස්ථානය දක්වා පැමිණි බවත් ලෝක කුසලානයට ලංකාවට ඇතුළු වන්නේ එම ජයග්‍රහණ මානසිකත්වය බවත් ඔහු සඳහන් කළේය.

    තමන් විසින් ගොඩ ගොඩනඟගන ලද තරුණ කණ්ඩායම තවත් වසර පහකින් සිටින ස්ථානය දෙස බලා සිටින්නැයි පැවසූ ඔහු තමන් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස් නොවන බවත් අමාත්‍යවරයාට අවශ්‍ය නම් තමන් ධුරයෙන් ඉවත් කළ හැකි බවත් කියා සිටියේය.

    දෙරණ රූපවාහිනිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.


    60 ta aduwen out wela, dan kiyanawa චුට්ටක් වැරදුනා lu
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,734
    113
    ඉදිරි ලෝක කුසලානයක් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ
    < ∞

    තමන් විසින් ගොඩ ගොඩනඟගන ලද තරුණ කණ්ඩායම තවත් වසර පහකින් සිටින ස්ථානය දෙස බලා සිටින්නැයි
    Ranilge anith eka.
    ------ Post added on Nov 15, 2023 at 12:48 AM
     
    • Haha
    Reactions: shenat and SLK_sri

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    20,857
    12,499
    113
    2048 වෙනකං බලං ඉන්න අපිට අවුරුදු 5ත් කජ්ජක්ද? :lol:
    ඊලඟ වර්ල්ඩ් කප් එක තියෙන්නෙ තව අවුරුදු හතරකින් හැබැයි, ඒ කියන්නෙ ඒකත් ලොස් ද? :baffled:
     
    • Haha
    Reactions: zid2021