මේ ගෙවෙන්නේ දුක, සැක, බිය, ද්වේෂය ආදී නොයෙකුත් අකුසල් මූලික සිත් සහිත කාල වකවානුවකි. මේ විශ්වයට මුදා හැරෙන්නේ සෘණාත්මක ශක්තියකි. මිය ගිය විපතට පත්වූවන් දෙස බලා කරුණාව පහළ වූවද එයද බොහෝ විට ප්‍රඥා සම්ප්‍රයුක්ත කරුණාවක් නොවන බව හැඟී යයි. විපතට පත් වූවකු දෙස බලා " අනේ පව්" යන හැඟීම පසුපසින්ම, සතුරා කෙරෙහි ද්වේෂ සිතද පහළ වන බැවිනි.
මේ මොහොත තුළ අවශ්‍යතාවය තිබුණද ඉවසීම, කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව ආදී ගුණයන් වැඩීම ඉතාමත්ම අපහසු තත්වයකට බොහෝ දෙනා පත්ව තිබේ. නමුත් අප කෙසේ හෝ ඒවා වැඩිය යුතුවන්නේ අපේ ආධ්‍යාත්මික දියුණුව, නිවන පිණිස පමණක් නොව මුළු මහත් රටේම, ලෝකයේම යහපත පිණිසය.
එදා විශාලා මහනුවර දුර්භික්ෂය ඇතිවී මිනිසුන් රෝගී වී මිය ගොස් අමනුෂ්‍ය ආත්මයන්හි ඉපිද මහත් කරදර පමුණුවන්නට විණි. අද ඔබ අප මේ වා තලයට එක් කරන දුක්, ශෝක, භිය, ද්වේෂ, යන සෘණාත්මක චිත්ත තරංග වලින් සිදුවන්නේ යහපතක් නොවේ. යළි යළි ඒවාම අප කරා පැමිණේ. අපට පිහිට වීමට කැමති සම්‍යක් දෘෂ්ටික දෙවිවරුනට පවා ඇතැම් විට මෙම සෘණාත්මක ශක්තිය අභිබවමින් ඒමට ඇතැම් විට අපහසු වනවා ඇත. මෙය එක්කෙනෙකු දෙදෙනෙකුගෙන් නොව මිලියන විස්සකට අධික වූ සිත් සතන් වලින් නිකුත් වල අකුසල් චිත්ත දහරාවන්ය. දුක යනුද පටිඝ මූලික සිතකි. අරමුණ කෙරෙහි ඇති ගැටීමයි. අනාගාමි වූ කෙනෙක් පටිඝය සම්පූර්ණයෙන්ම ක්ෂය කරන බැවින් යළි දුකක් සිතේ ඇති නොවන්නේ එබැවිනි.
පූරුදු කරන ලද මෙත් සිතක් නොමැති නම් ඔබට මේ මොහොතේ එය වැඩීම අපහසු වනු ඇත. කෙසේ වුවත් ද්වේෂය, කළකිරීම, පසුතැවීම , භිය , දුක ආදී සියළු අකුසල සිත් මැඩලා අප විසින් සුබවාදී චිත්ත දහරාවන් මේ විශ්වයට මුදාහළ යුතුමය. එය අප විසින් මේ මොහොතේ කළ යුතුම දෙයකි.
කෙනෙක් ඔබ වෙත වෛරී චිත්ත තරංග යොමු කරද්දී, ඔබ තුළත් පවතින්නේ වෛරී සිතිවිලි නම්, එම වෛරී චිත්ත තරංග වලට ඔබ හසුවීම පහසු වනු ඇත. නමුත් ඔබ මෛත්‍රී චිත්තය වඩන්නේ නම් සතුරා විසින් එවන වෛරී චිත්ත තරංග වල බලය මන්දගාමී වීම හෝ ඔබේ මෙත් සිතේ ප්‍රබලත්වය මත ඒවා තනිකරම අඩපණ වී යනු ඇත.
බුදුරජාණන් වහන්සේ තිරිසන් සතකු වූ නාලාගිරි ඇතා දමනය කළේ විජ්ජා බලයකින් නොව. මෙත් සිතේ බලයෙනි. මහා කරුණාවේ බලයෙනි. සාමාවතිය ඇතුළු පිරිස මරන්නට මාගන්දියා බිසව හේවායන් ලවා ඊතළ යොමුකරද්දී , සාමාවතී බිසව ඇතුළු පිරිස මෛත්‍රී ධ්‍යානයන්ට සමවැදුණි. ඒ මෙත් සිත්වල ශක්තියෙන් එම දුනු ඊතල නැවී ගියේය. මේවා හුදෙක් මනංකල්පිතයන් නොවන බව අංශුමාත්රයක් හෝ මෛත්‍රී සිත් පුහුණු කරන්නෙකු අත්දකී.
එසේ හෙයින් අප සියල්ලන්ම මෛත්‍රී සිත් වල බලයෙන් අප රට කෙරෙහි ඇති වෛරී සිත්වල බලය දුර්වල කල යුතුය. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු, ශාසනය රකින දෙවිවරුන්ට අප වෙත ළඟා වීමට අප විසින් මාර්ගය විවර කළ දිය යුතුය. කුණු ගොඩක් අසලින් යාමට ඔබ ප්‍රිය කරන්නේද? එය මඟහැර යාමට ඔබ උත්සාහ කරයි. නමුත් සුනඛයන් ඒ කුණු ගොඩ අවුස්සමින් සිටියි. එසේම අකුසල් සිත් වලින් දූෂණය වී ඇති කල්හි දෙවිවරු වූවද අප කරා ළඟා වීමට ප්‍රිය නොවේ. ඒ වෙනුවට අපට ළං වන්නේ අමනුෂ්යන්ය. මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ය. එසේ හෙයින් අප විසින් පිරිසිදු සිත් ඇතිකර ගත යුතුමය.
මේ විශ්වය තුළ වෙසෙනා සියළු සත්වයන් කර්මයට යටත් වී ඇත. පෙර භවයන්හි සහ මේ භවයේදීම සිදු කරන ලද කාය, වචී, මනෝ ක්‍රියාවන්හි විපාක ශක්තිය නැවත අප කරා එළඹීම නියතය. කර්ම විපාක ශක්තිය මැඬලීමට කිසිවකු සමත් නොවේ. එසේ හෙයින් මේ සිදුවූ සියල්ල දෙස මැදහත් සිතින් බලන්නට සිත මෙහෙය වන්න. තවද සසරෙහි පවත්නා අනාරක්ෂිත බව, දුක් සහිත බව නැවත් නැවත පසක් කරගන්න. කොතන සිටියත් මරණයෙන් සැඟවී සිටීමට නොහැක. ඇතැම් අය පවුල් පිටින්ම මිය යන්නේද , ඇතැමුන් ක්ෂණයක කාල වෙනසකින් මරණයෙන් ගැලවෙන්නේද එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය මතය. අප කොතෙක් හැඬුවද , කෑ ගැසුවද එය වෙනස් කළ නොහැක. කිසිඳු සංස්කාරයක් අපට කැමති පරිදි පවත්වාගත නොහැක. සිතූ දේ නොමවන, නොසිතූ දේම වන සංස්කාරයන්ගේ අනිත්‍ය බව, අනාත්ම බව, දුක් බව විදසුන් නුවණින් අවබෝධ කරගන්න. ආශ්වාදය හමුවේ මේ සියල්ල මෝහයට යටවී යන නමුත් මෙවැනි අවස්ථාවන්හි ඇසට ඇන ඇන පෙන්වන්නේ සසරේ දුක් බව නොවේද ?
අප අනන්ත සසරේ මේ අයුරින් මිය ගොස් ඇති වාර අනන්තය. බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන්නේ,
" මහණෙනි හරකෙකු වී බෙල්ල කපද්දී ගිය ලේ ප්‍රමාණය මහා සාගර ජලය පරදවාලන" බවයි. සසරේ දීර්ඝ බව, දුක් බව අවබෝධ කරගන්නට ඒ බුදු වදන වුව සෑහේ. සසර පුරා මෙවන් ව්‍යසනයන්ට මුහුණ දුන් වාර ගණන අනන්ත අප්‍රමාණ වූවද, බුද්ධෝත්පාද කාලයක, ධර්මය පවතිද්දී, නිවන අවබෝධ කරගන්නට හැකියාව සහිතව ලත් මනුෂ්‍ය දිවිය ඉතාමත්ම ඉතාමත්ම ඉතාමත්ම දුර්ලභය. බුදු රජාණන් වහන්සේ එය දැක්වූයේ "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලූ කල සඳ දක්නට ලැබීමේ හැකියාව මෙන්" ලෙසයි. එසේ හෙයින් නුවණින් මේ දෙස බලා සිත යම් පමණකට හෝ සන්සුන් බාවයකට , උපේක්ෂිත බාවයකට ගන්න.
ඉන්පසු අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ ගැන විශ්වාසය, ශ්‍රද්ධාව ඇති කරගන්න. එදා කෝටියක් මාර සේනාව චිත්ත ශක්තියෙන් තනිව සටන් කොට පරාජය කොට බුද්ධත්වයට පත්වූ අයුරු මෙනෙහි කරන්න. දෙවියන් බඹුන් පවා බියට පත්ව පළා ගියේ ඒ මාර ශක්තිය එතරම්ම දැඩි වූත්, ත්‍රාසජනක වූත් බැවිනි.
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට ඇස්, හිස්, මස්, ලේ දන්දී පාරමී පුරන ලද මාගේ බුදු පියාණන්ගේ පාරමී ශක්තිය හමුවේ මාර සේනාව පළා ගියේ හිස් ලූ ලූ අතය. ජය ශ්‍රී මහ බෝධි මූලයේ සිට පුරන ලද පාරමී ප්‍රමාණය මෙනෙහි කර, මහ පොළොව සාක්ෂි ලෙසින් දක්වද්දී අත පොළොව දෙසට දිගු කරද්දී මේ මහා පෘතුවිය දෙදරා කම්පිත විය. එසේ වූ මහා බල සම්පන්න පාරමිතා ශක්තියකින් සමන්විත, කෝටි ලක්ෂයක් පුරා බුද්ධ අණසක ක්‍රියාත්මක වූ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාණ බුද්ධ බලය, මහා කරුණාව , මෛත්‍රිය මේ විශ්වයේ තබන්නට ඉඩ මදිය. ඒ අනන්ත වූ බලයෙන් යුත් ශක්තිය පුරාම පවතින්නේ මහා කරුණාවය, මහා මෛත්‍රී ශක්තියයි..මුදිතාවයි. තාදී ගුණයයි.
අහස පොළොව දෙදරා ගියද අකම්පිතව පවතින, තාදී ගුණයෙන් යුත් බුදු පියාණන්ගේ අප්‍රමාණ වූ චිත්ත බලය මෙනෙහි කරන්න. අප්‍රමාණ වූ සිල් බලය,සමාධි බලය මෙනෙහි කරන්න. විශ්වයේ සීමාව කොතෙක්ද සර්වඥතා ඥාණය එතාක්ය. සර්වඥතා ඥාණය කොතෙක්ද විශ්වයේ සීමාව එතෙක්ය. විශ්වයටද, සර්වඥතා ඥාණයටද සීමාවක් නොමැත.
මගේ බුදු පියාණන් සාරා සංඛ්‍යය කල්ප ලක්ෂයක් පුරා ඇස් ගලව ගලවා දන් දෙමින්, හිස් දන්දෙමින්, දරුවන්, අඹුවන් දන්දෙමින් පැමිණියේ සීමීත පිරිසකගේ නිවීම පිණිස පමණක් නොවේ. ඇසට පෙනෙන නොපෙනෙන සියළු සත්වයන්ගේ නිවීම පිණිසය. තමන් මරන්නට එන පුද්ගලයා කෙරෙහි හෝ තරහා සිතක් ඇති කරගන්නේ නම්, උන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නොවන බව උන් වහන්සේ පැවසූහ. උන් වහන්සේ සතු මෛත්‍රීය, අපට සිතා නිම කළ නොහැක.
මෙසේ අනන්ත අප්‍රමාණ ගුණ සාගරයකින් යුත් බුදු සමිඳානන් , අපට මාර්ගය විවර කර දුන්නේ සදාකාලිකවම දුකින් මිදී, සියල්ල අත හැර නිවී සැනසීම ලබා ගැනීමටය.
මේ සා වූ අනන්ත ගුණයන් මෙනෙහි කර සිත් සතන් ශ්‍රද්ධාවෙන් පිරිසිදු කරගන්න. මෛත්‍රිය , ඉවසීම පුරුදු කරමින් නැණවත්ව මුහුණ දෙන්න. මෛත්‍රී කිරීම, ඉවසීම නිවට කමක් නොවන බව දැනගන්න. බුද්ධිමත් බාවය වඩා වැදගත්ය. සැලකිලිමත්බාවය, ආවේගශීලී නොවන බව, උපායශීලී බව, මෙන්ම අවස්ථාවට සුදුසු ලෙස නුවණ මෙහෙයවා ක්‍රියා කිරීමට ඔබගේ සන්සුන් සිත මහත් ප්රයෝජනවත්ය.
බුදුවරයකු පහළ වන්නේ සිල්වත්, ගුණවත් මිනිසුන් බහුලව පවත්නා සමාජයකය. සක්විති රජවරුන් පහළ වන්නේ සිල්වත්, ගුණවත් සමාජයකය. එසේ නම් අප පුරවැසියන් ලෙසින් සීලයෙන්, ගුණයෙන් පිරිහෙද්දී අප තුළින්ම බිහිවන්නේද අධර්මිෂ්ඨ පාලකයන් වීම වැළැක්විය නොහැකිය.
පළමුව තම සිත තුළ සාමය ඇතිකර ගත යුතුය. තමන් ඇතුළතින් දැවෙමින් ලෝකයෙන් සාමය සෙවීම නිෂ්ඵලය.
අද ඔබ සතුරා යැයි හංවඩු ගසා ද්වේෂ මිශ්‍රිත සිතින් බලන ආකාරයටම ඒ පුද්ගලයන්ද අප ගැන සිතන්නට ඇත. සිතිවිලි අතින් ගත් කළ දෙදෙනාගේම සිත්වල ඇත්තේ ද්වේශයයි.