මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව - රනිල් සජිත් ට ලියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    4,778
    10,205
    113
    මේක සජිත්ව අමාරුවේ දාන්න ලියපු ලියුමක්. සජිත් පිළිතුරු දුන්නත්, නොදුන්නත් පාඩුව සජිත් ටම තමයි. රනිල් ගේ ආරාධනය ඉවත දාන හේතුව පොදු මහජනයාගේ හිත සුව පිණිස හේතු වෙන එකක් වෙන්නත් එපා යැ .

    පරණ විහිළු කතාවක් මතක් උනා. සීයා මළාම, මුණුපුරාට ඒ ගැන දන්වලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න කියලා ආච්චි උපදෙස් දුන්නලු. ඒ විතරක් නොවෙයි, මුණුපුරා සීයාට හුඟක් ආදරේ හින්දා, එකපාරටම මළා කියලා කියන්න එපා, හිතේ දුකට කරදරයක් කර ගනීද දන්නේ නැහැ කියලත් කිව්වලු. ඉතින් ටෙලිග්‍රෑම් එකේ මෙහෙම ලිව්වලු.

    සීයාට අසනීපයි. ආදාහනය අනිද්දා!


    සජිත් ට ලියන්න වෙන්නෙත් එහෙම පිළිතුරක් තමයි.
    ඉටි ගෙඩිය

    උඹට ලියුමකට උත්තරයක් දී ගන්න බැරි උනාට, බලපං පුතානෝ දැන් ලියන ලිපිය. රනිල්ට ඉංග්‍රීසි දෙපිටින් යන්න හම්බවෙන්නේ 😄
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    7,121
    7,207
    113
    ඉටි ගෙඩිය

    උඹට ලියුමකට උත්තරයක් දී ගන්න බැරි උනාට, බලපං පුතානෝ දැන් ලියන ලිපිය. රනිල්ට ඉංග්‍රීසි දෙපිටින් යන්න හම්බවෙන්නේ 😄
    Can you post tentative letter how sajii will write
     
    • Like
    Reactions: sakuntha1996

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    766
    510
    93
    මට රනිල් ගේ දක්නට ලැබුණ විශේෂ දෙයක් තමයි, ඔහුට අකැමැති පුද්ගලයන් හෝ විරුද්ධවාදීන් සමග වුවත් කටයුතු කිරීමට පසුබට නොවීමේ හැකියාව. ඕක ගොඩක් අයට නෑ.
    මම නිර්පාක්ෂික බව සලකන්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    23,223
    19,943
    113
    Colombo
    රට බේරගන්න තියන අන්ත්ම අවස්තාව කියල මයින කිව්වම ගුපියො ආතල් ගන්නව.

    ඒත් රනිල කිව්වම ගුපියො චියර් කරනව :lol:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    181
    266
    63
    හරිම සරලයි.

    සමහර එවුන් මේ ලියුම්වල privacy නැත්තේ ඇයි කියල අහනවා. ඒවා එහෙම තමයි. දේශපාලන අවශ්‍යතාව අනුව සමහර ලියුම් private. සමහර ඒවා නැහැ. උදාහරණයක් හැටියට මහින්ද අගමැතිකමෙන් අයින් වෙන්න කලින් ගෝටාබයට ලියුමක් යැව්වා තමන් අගමැතිකමෙන් ඉවත් නොවිය යුත්තේ ඇයි කියල. ඒකෙ ගෝටාබයගේ පොහොර ප්‍රතිපත්තිය ගැන එහෙමත් විවේචනාත්මකව තියෙනවලු. ඒත් ඒක private තියාගන්න යවන කෙනා තීන්දු කළා.

    දැන් මේ කාරණය බලමු.

    1. රනිල සජියගෙන් ජාතික වගකීමක් ඉෂ්ට කරන්න ඉල්ලනවා.

    2. සජිය එක්කෝ ඒක පිළිගන්නවා; එක්කෝ ඒක ප්‍රතික්ෂේප කරනවා.

    3. ඔතනින් කොයි අන්තයත් රනිල්ට වාසියි. සජිය ඉල්ලීම පිළිගන්නවා කියන්නේ සජබේ සහයෝගය ආණ්ඩුවට ලැබෙනවා. සජබේ කට්ටියක් කැඩිලා යාම වළක්වන්න ඌ මේ ඉල්ලීමට කැමති වෙන්න ආසයි, ඒත් බයයි. මොකද ෆීල්ඩ් මාෂල් වගේ මාරාන්තික ආණ්ඩු විරෝධීන්ගෙන් සජියට අහගන්න වෙනවා ඌ මේකට කැමති වුනොත්.

    4. අනික් අතට සජිය ඉල්ලීම නොපිළිගත්තොත් රනිල්ට සදාචාරාත්මක හැකියාවක් ලැබෙනවා මන්ත්‍රීවරු ටිකක් සජබෙන් බිලී බාගන්න. මොකද ඌ ජාතික වගකීම ඉෂ්ට කරන්නේ නැති නම් වෙන කරන්න දෙයක් නැහැ. එදා මහින්දයා යුද්ධේ කරන වෙලාවෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවලා එජාපෙට ඇමතිකම් දෙන්න හැදුවට ගත්තේ නැහැ. ඌ බය වුනා බුලත් කොළේ ආණ්ඩුවට බහුතරය නොතිබුණු නිසා. ඊට පස්සේ එජාපෙන් කට්ටියක් කඩල ගත්තා.

    :yes: :yes: :yes:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,128
    7,667
    113
    ඉටි ගෙඩිය

    උඹට ලියුමකට උත්තරයක් දී ගන්න බැරි උනාට, බලපං පුතානෝ දැන් ලියන ලිපිය. රනිල්ට ඉංග්‍රීසි දෙපිටින් යන්න හම්බවෙන්නේ 😄
    ඌ මුලින් අකමැති කියලා මැද හරියෙදි කැමති කියයි, ආයෙත් ලියුමෙ අන්තිමට යනකොට අකමැතියි කියයි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    4,778
    10,205
    113
    හරිම සරලයි.

    සමහර එවුන් මේ ලියුම්වල privacy නැත්තේ ඇයි කියල අහනවා. ඒවා එහෙම තමයි. දේශපාලන අවශ්‍යතාව අනුව සමහර ලියුම් private. සමහර ඒවා නැහැ. උදාහරණයක් හැටියට මහින්ද අගමැතිකමෙන් අයින් වෙන්න කලින් ගෝටාබයට ලියුමක් යැව්වා තමන් අගමැතිකමෙන් ඉවත් නොවිය යුත්තේ ඇයි කියල. ඒකෙ ගෝටාබයගේ පොහොර ප්‍රතිපත්තිය ගැන එහෙමත් විවේචනාත්මකව තියෙනවලු. ඒත් ඒක private තියාගන්න යවන කෙනා තීන්දු කළා.

    දැන් මේ කාරණය බලමු.

    1. රනිල සජියගෙන් ජාතික වගකීමක් ඉෂ්ට කරන්න ඉල්ලනවා.

    2. සජිය එක්කෝ ඒක පිළිගන්නවා; එක්කෝ ඒක ප්‍රතික්ෂේප කරනවා.

    3. ඔතනින් කොයි අන්තයත් රනිල්ට වාසියි. සජිය ඉල්ලීම පිළිගන්නවා කියන්නේ සජබේ සහයෝගය ආණ්ඩුවට ලැබෙනවා. සජබේ කට්ටියක් කැඩිලා යාම වළක්වන්න ඌ මේ ඉල්ලීමට කැමති වෙන්න ආසයි, ඒත් බයයි. මොකද ෆීල්ඩ් මාෂල් වගේ මාරාන්තික ආණ්ඩු විරෝධීන්ගෙන් සජියට අහගන්න වෙනවා ඌ මේකට කැමති වුනොත්.


    4. අනික් අතට සජිය ඉල්ලීම නොපිළිගත්තොත් රනිල්ට සදාචාරාත්මක හැකියාවක් ලැබෙනවා මන්ත්‍රීවරු ටිකක් සජබෙන් බිලී බාගන්න. මොකද ඌ ජාතික වගකීම ඉෂ්ට කරන්නේ නැති නම් වෙන කරන්න දෙයක් නැහැ. එදා මහින්දයා යුද්ධේ කරන වෙලාවෙත් ජාතික ආණ්ඩුවක් පිහිටුවලා එජාපෙට ඇමතිකම් දෙන්න හැදුවට ගත්තේ නැහැ. ඌ බය වුනා බුලත් කොළේ ආණ්ඩුවට බහුතරය නොතිබුණු නිසා. ඊට පස්සේ එජාපෙන් කට්ටියක් කඩල ගත්තා.

    :yes: :yes: :yes:
    හරි අමරු ප්‍රශ්නයක් තමයි.
    රේප් කරන එකා කියනවා බඩ වෙන එක නවත්වන්න හෙල්මට් එක දාලා දෙන්නලු.

    confused-unga.gif