මෝඩ ගෑනුන් රවටා මුදල්, දේපල මංකොල්ලාකන විකෘති මහමෙව්නාව දරුපවුලක් කඩා ⁣කොළඹ නිවසක් පවරා ගනී..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,154
    55,156
    113
    කිරිබත්ගොඩ ඤාණානන්ද හෙවත් අසපු පූජක ජූඩ් කබ්රාල් ගේ මහමෙව්නාවේ කූට මහණුන් විසින් බුද්ධ දර්ශනය විකෘති කර, දිව්‍යලෝක, සුරංගනා කථා වලින් මෝඩ කාන්තාවන් රවටා, පවුල් කඩා දමා සිදුකරන දේපල මංකොල්ලකෑමට අදාළ තවත් සිදුවීමක් සිඩ්නි නුවරින් වාර්තා වේ.

    මෙම කථාවට අදාළ කාන්තාව කොළඹ දේවී බාලිකාවේ ඉගෙනුම ලැබූ නමුත් අධ්‍යාපනයේ සමත්කමක් නොදැක්වූ ඇයට කොළඹ නිවසක් හිමිවීම මත ඉංජිනේරු මහතකු හා විවාහ වීමටත්, පසුව ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සුඛෝපභෝගී ජීවිතයකටත් වාසනාව ලැබෙන්නේය.

    ඒ වාසනාව, ඉංජිනේරු මහතාට අවාසනාවක් වන්නේ මෙම තැනැත්තිය සිඩ්නි මහමෙව්නා අසපුවේ ඇසුරට වැටීම නිසාය.

    ධෛර්ය සම්පන්න පුද්ගලයකු වූ ඉංජිනේරු මහතා වෙහෙස මහන්සියෙන් කටයුතු කර ඕස්ට්‍රේලියාවේ සුපිරි නිවාස කීපයක් හිමි ධනවතකු බවට පත්වන අතර, ඔහුගේ සමාගම ලබාගන්නා Automotion engineering සේවා සැපයීම වෙනුවෙන් මාස ගණන් නිවසින් බැහැර විදේශගත වීමට සිදුව ඇත.

    දියණියන් දෙදෙනෙකු සහ වයෝවෘද්ධ මව සමග නිවසේ තනිවන අදාල කාන්තාව සිඩ්නිහි මහමෙව්නා අසපුව වෙත යන්නේ සිය කාන්සිය පාළුව මකාගැනීම සඳහා ය.

    ඊනියා කල්‍යාණ මිත්‍රයන්....​

    කිරිබත්ගොඩ ඤාණානන්ද ගේ දේශනාවට අනුව ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ සිටි නමුත් කල්‍යාණ මිත්‍ර ඇසුර නොලැබීම මත නිවන් මග මගහැරී ගිය බව කියයි. ඒ නිසා කල්‍යාණ මිත්‍ර ඇසුර අත්‍යාවශ්‍ය බව හුවා දක්වන ඔහු කල්‍යාණ මිත්‍රයන් යනු මහමෙව්නාවේ මහණුන් පමනක්ම බව සිය අනුගාමිකයන් හට දේශනා කරයි.

    මහමෙව්නාව ට ප්‍රශ්න සහිතව එන කාන්තාවන් දැලේ දා ගැනීම සඳහා වන මායම් ප්‍රගුණ කර ඇති කල්‍යාණ මිත්‍රයන් හෙවත් කූට අසපු මහණුන්ගේ ග්‍රහණයට අප කතා නායිකාව ලක්වන්නේ නිරායාසයෙනි.

    මව නිවසින් පන්නා දැමීම ...​

    මහමෙව්නාවේ කූට මහණුන් ගේ ඇසුර පිළිබඳව මවට බරපතල සැකයක් ඇතිවූවා ය. ඒ පිළිබඳව මව විසින් දෙන උපදෙස් පිළිපදිනු වෙනුවට ඒ ගැනත් සිය කළ්‍යාණ මිත්‍රයන් වූ අසපු මහණුන් හට කීමට තරම් ඇය මෝඩ වූවා ය.

    ඇයගේ තනි නොතනියට සිටි මව සමග භේද භින්න කරවන කූට අසපු මහණුන් , වයෝවෘද්ධ මව වැඩිහිටි නිවාසයකට යැවීමට සලස්වන ලදී.

    විවාහය කඩාකප්පල් කිරීම...​

    මහමෙව්නාවේ බුදුරුව නාරි දේහ ලක්ෂණ සහිත වීමත්, මහා පුරුෂ ලක්ෂණ ඉවත් කරලීමත්, කාන්තාවන් ඉලක්ක කරගත් කූට උපායක ගති ලක්ෂණයකි.

    අනගාරිකා බව වර්ණනාත්මකව අගය කිරීම සහ විවාහවීම බරපතල වරදකාරී ක්‍රියාවක් බවට එත්තු ගැන්වීමද සිදුකර ඇත. ඒ අනුව මෙම කාන්තාව ස්වාමී පුරුෂයාගෙන් වෙන් කිරීම අසපු මහනුන්ගේ ඊලඟ ව්‍යායාමය විය.


    මේ අතරතුර ඉංජිනේරු මහතා හෘදයාබාදයකට ලක්ව බරපතල අසනීප තත්වයට පත්විය. තමන්ව ඕස්ට්‍රේලියාවට රැගෙනවිත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට මෙන්ම ආගම දහම වෙනුවෙන් හෝ තමන් කැමති දෙයකට අතපුරා වියදම් කිරීමට නොමසුරුව මුදල් ලබා දුන් ඉංජිනේරු මහතාව නොසලකා හැරීමට තරම් ඇය ගුණ මකු වන්නේ මහමෙව්නා මහණුන් හෙවත් ඇගේ 'කල්‍යාණ මිත්‍රයන්' ගේ උපදෙස් වලට අවනත වෙමිනි.

    අසනීප සුව වී නිවසට එන ස්වාමී පුරුෂයා හට දොර වැසූ ඇය ඔහුව නිවසට නොගන්නා අතර, ඉන්පසු ඔහුට ද සිදුවන්නේ රජයේ රැකවරණ නිවාසයකට යෑමට ය.

    තම ස්වාමී පුරුෂයා එදා ගෙදරට වද්දා ගත්තා නම් ඇයගේ ශීලයට බරපතල හානීයක් වන බවට ස්වාමින්වහන්සේ ප්‍රකාශ කල බවත් ඒ ගැන ස්වාමීන්වහන්සේ ප්‍රශංසා කළ බවත් ඇය තැනින් තැන කියන්නේ උජාරුවට ය.

    වැඩිමහල් සහෝදරයා නොසලකා හැරීම ...​

    මහමෙව්නාවේ ඤාණානන්දගේ ඊනියා ධර්මය ට අනුව කුසල්, අකුසල් කෙසේ වෙතත් පිං ලැබෙන්නේ පිං ඇත්තවුන් ට දීමෙන් පමනක් ය.

    පිං ඇත්තවුන් යනු මහමෙව්නා මහණුන් ය. ඒ අනුව කුසල, අකුසලය කෙසේ වෙතත් මහමෙව්නාවට දීමෙන් පිං ලැබී දිව්‍යලෝක සැප සම්පත් ලඟාකර ගැනීම මහමෙව්නාවේ උපදේශනය වේ.


    එය අකුරට රකින ඇය කිසිවිටෙක තම වැඩමහල් සොහොයුරා හට සැලකීමක්, අඩුම තරමේ ටොපී ,චොකලට් එකක් හෝ නොඑවන ඇය මහමෙව්නා මහණුන් වෙනුවෙන් කෑම පෙට්ටි ගණන් එවනු ලබයි.

    මේ වන විටද ගංවතුර හුවා දක්වා කඩුවෙල අසපුවේ මහණුන් වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය පෙට්ටියකට සම්මාදන් එකතු කිරීම ආරම්භ කර ඇත.

    සහෝදරයා සතු දේපල මංකොල්ලකෑම ....​

    විවාහයේදී දෑවැද්ද ලෙස ලත් නිවස සහ භූමියෙන් කොටසක් එනම් පර්චස් 12.69 ක් පියා විසින් ඔප්පුවකින් ඇයට ලබා දී ඇත. ඉතිරි කොටස සහෝදරයාට වෙන්වන්නේය.

    පියා මිය ගිය සැනින් මව සහ එක්ව සිය සහෝදරයාගේ ඉඩමෙන් කොටසක් තම ඉඩමට ඈඳා ගනිමින් ඇය හොර ඔප්පුවක් ලියා ගත්තා ය. තවත් හොර ඔප්පුවක් මගින් සහෝදරයාට හිමි නිවස සහ භූමිය කුණු කොල්ලයට විකුණා දැමුවා ය.

    කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස ඉඩම් ලියාපදිංචි කාර්යාලයහි ලියාපදිංචි කළ යුතු ඔප්පුව ලියාපදිංචි කරන්නේ ගම්පහ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ දී ය.

    ඤාණානන්දගේ පරලොව දැක්ම...​

    මිය පරලොව ගිය ඇත්තවුන් නැවත ඉපද සිටින තැන් දැකීමේ හැකියාව ඇතැයි කියන ඤාණානන්ද පරලොව ගිය ඇත්තවුන් සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අවමන් සහගතය. එහෙත් අන්ධ භක්තිය ඇතිකරගන්නා අයට එය පරම සත්‍ය ය. මෙම කථාවට අදාළ කාන්තාව ගේ පියා මහමෙව්නාවේ ධන තන්හාවට ඈඳා ගනු ලබන්නේ ඒ අනුවය.

    වාමාංශික දේශපාලනයට සම්බන්ධව සිටි පියා විසින් සමගි පෙරමුණ ආංඩුවේ නිවාස ඇමති වෙත ලිපියක් යොමු කර රාජගිරිය UC නිවාස සංකීර්ණයේ ඉතිරිව ඇති අංක 5 දරණ බිම් කැබැල්ල ඉල්ලා සිටිනු ලැබේ.


    සැමට සමානව ලබාදෙන පර්චස් 15 ට අමතරව යාබද ඉඩම් වලින් තවත් පර්චස් 12 ක් තම ඉඩමට ඈඳා ගන්නේ දේශපාලන බලපුළුවන්කාරකම් යොදා ගනිමිනි.

    මෙම ඉඩම් කොල්ලය පාදක කරගනිමින් යාබද ඉඩම් හිමිකාරිය වන නන්දාවතී දිසානායක මහත්මිය ජන්ම වෛරක්කාරියක් බවට පත්වේ. එදා එම මහත්මියට පර්චස් 2 ක් දීමට විරුද්ධ වුවද පසුකාලයේ අදාළ පර්චස් 12 සහිත නිවස කුණුකොල්ලයට විකුණාදැමීමට සිදුවන්නේ දෛවයේ සරදමක් ලෙසිනි.

    තම බිරිඳ සහ දියනිය ඕස්ට්‍රේලියාවේ සිටියදී මෙරට තනිවූ ඔහු හෘදයාබාදයකට ලක්ව කිසිවකුගේ හව්හරනක් නොමැතිව නිවසේ බිම වැටී මිය ගොස් ඇත.

    ඤාණානන්දගේ පරලොව දැක්මට අනුව මිය ගිය පියා පෙරේත ආත්මයක ඉපද ඇති බවත්, එයින් ගලවාගැනීම සඳහා ඔහුගේ දේපල මහමෙව්නාවටම පූජා කිරීමට උපදෙස් ලැබෙන්නේය.

    මහමෙව්නාව යනු ජාවාරම් ජාලයක එකතුවකි.....​

    සිත නිවන පංසල මෙන් නොව සිත පිනවන චමත්කාරය මවා පෙන්වන මහමෙව්නා අසපු විවිධ කලාත්මක ඉදිකිරීම් සහ ආමිස පූජා වෙනුවෙන් තොරම්බල් සංස්කෘතිය ප්‍රියකරන මෝඩ මිනිසුන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ වෙනුවෙන් නිරන්තරයෙන් මිල මුදල් ලබා ගැනීමටත් සැදී පැහැදී සිටී.

    විදේශගත බෞද්ධ භික්ෂූන් විසින් එම රටවල සුදු ජාතිකයන් අරභයා බෞද්ධ දර්ශනය ප්‍රචලිත කිරීමේ නියැලෙන අතර මහමෙව්නා මහණුන් ඉලක්ක කර ඇත්තේ විදේශගත සිංහලයන්ය. එහි අරමුණ සාශනික මෙහෙවරක යෙදීම නොව මහමෙව්නාව වෙනුවෙන් මුදල් සහ දේපල ලබා ගැනීම වේ.

    කූට ලෙස මුදල් ඉපැයීමට අදාළව විවිධ නම් වලින් සීමාසහිත සමාගම් පිහිටුවා ඇති අතර අත්පත් කරගන්නා දේපල විකිනීම මෙන්ම විවිධ ව්‍යාපෘති නාමයෙන් කරන ජාවාරම් මේ හරහා ක්‍රියාත්මක කෙරේ.

    මෙම ලිපියට අදාළ දේපල Compassion Products ( Pvt ) Ltd සමාගමට පවරාගෙන , නැවත විකුණා දැමීමට කටයුතු සැලසුම් වී තිබුනි. එහෙත් ඉඩමේ මුල් හිමිකරු මිය ගිය පසුව ලියන ලද කූට ඔප්පු මගින් අවස්ථා කීපයකදී නැවත නැවත ඇය වෙත අයිතිය පවරාගැනීම පිළිබඳ ගැටලුව මත වෙනත් පාර්ශවයකට විකිණීමේ අදහස තාවකාලිකව අත්හැරීමට මහමෙව්නාවේ ජාවාරමුන්ට සිදුවිය.

    මේ වන විට පැවරීම ලියා ඇත්තේ සර්ධා නැමති මාධ්‍ය සමාගමක නමටය.
    ------ Post added on Jun 9, 2024 at 6:56 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,154
    55,156
    113

    සිවුර දැරුවත් වංචනිකයා වංචනිකයාමය...​

    කොළඹ පිහිටි දේපල වල අසල් වැසියන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයයි. වටිනාකම පර්චස් එකක් රුපියල් මිලියන පනහක් පමන වන විට සමස්ථ දේපල වටිනාකම රුපියල් බිලියන අට ඉක්මවනු ලබයි.

    එහෙත් මහමෙව්නාව චෞරයන් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල වංචාකිරීම සඳහා රුපියල් මිලියන එක හමාරක ඉතා අඩු වටිනාකමක් ඇතුලත් කර ඇත.


    වංචනික ලෙස අඩු බදු මුදලක් ගෙවීම සදහා ව්‍යාජ තක්සේරුවක් සිදුකිරීම පිළිබඳව අදායම් බදු නිලධාරීන් චෞර මහමෙව්නාවේ අල්ලසට දූෂණයට එකඟවීම හෝ නොවීම ඉදිරියේදී දැනගතහැකි වනු ඇත.

    චෞරයන්ට සාක්ෂි වන චෞරයන්...​

    තම ස්වාමිපුරුෂයා හට දෑවැද්ද ලෙස පෙන්වා දුන් සහ තම දරු මුනුබුරන් හට උරුමවන්නට තිබූ දේපල ඔවුන්ගේ දැනුවත් භාවයෙන් තොරව, හොර රහසේ මහමෙව්නාවට පවරාගැනීමට අදාළ සාක්ෂි කාරයන් වන්නේ ද අදාළ ලැබුම්කාර සමාගමේ අධ්‍යාක්ෂවරු ලෙස පෙනී සිටින්නවුන්ම ය.

    විකෘති කල බුදු දහම හරහා පුද්ගලයින් කූට ලෙස මානසික ව්‍යාධීයට පත්කර දේපල මංකොල්ලකෑමට එරෙහිව නීතියක් නැතිකම කෙසේ වෙතත් බෞද්ධ ආගමික සංස්ථාවක් මගින් එසේ කිරීම සැබෑ බුදු දහමට කරන නිගාවකි.

    (ඉඩම් වංචාවට අදාල ලිය කියවිලි කිහිපයක් මෙහි ඇති ඉමේජ වල දැක්වේ)

    -සුන්දරා​



     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    25,564
    1
    43,589
    113
    චූවගෙ රෑෂ් එකේ
    තිත්තගල්ලේ ආනන්දසිරි
    පොපට් ජෙරම් කරන්නෙත් ඔයටිකම තමයි
    @Candid-B අපිත් පටන්ගමු 🥰
    මා බලවත් කරනා සමිඳාණන් තුල සියල්ල කල හැකිය..

    ඔරසම් ටිකක් කියලම පටන් ගමුද ?
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    1,964
    3,227
    113
    මොනර තැන්න
    මා බලවත් කරනා සමිඳාණන් තුල සියල්ල කල හැකිය..

    ඔරසම් ටිකක් කියලම පටන් ගමුද ?

    ආ මේන්

    576252.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,815
    78,356
    113
    ආශ්චර්යමත් රටක
    ඔය හෑල්ලට ටොපික් එකක් දාන්න කිව්වොත් ගැලපෙනම එක තමා “කොළඹ වෙනස” 🥰


    ගේමක් ගසා දියුණුවෙන් දියුණුවට පත්වූ මහමෙවුනාවේ ව්‍යවසායක තුමා 🙏
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,137
    21,218
    113
    දෙනවා බන් මිනිස්සු පුදුම විදිහට, ආච්චි ලා බෙල්ලේ දාගෙන ඉන්න මාල වළලු දෙනවා දැකලා තියෙනවා
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    9,966
    13,767
    113
    mehema baluwama Muslim & Christian hondai ban. E agam wala kawadawath minissunge depola kolla kawe pawule minissunwa beda binna karapu bawak mage jiwitheta ahala na. Duppath pawul walata udaw karanawa palli walin.
    Kari ganayonge pukawal apala unge aammalatath polin daanna one budda darshane winasa karanawata. Namata bawudda wechcha gon kariyonta one innakan sapa gannai marunata passe sapa windinnai nan mona labbatada mun buddagama adahanne?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,220
    113
    97
    හෝමාගම
    මට මහමෙව්නාව එපා කරෙ පින්නපොල කියල කෙමිස්ට්‍රි ක්ලස් කරපු එකෙක්
    උ උගන්නන එක පැත්තක දාල, ක්ලාස් එකෙ බණ කියන්න ගත්ත

    ඌට බුදුහාමුදුරුවොන්ටත් උඩින් තමයි මහමෙව්නාවෙ මහ එකා ඉන්නෙ


    පස්සෙ මන් කේ සිරිගෙ ක්ලාස් එකට මාරු උනා