මෝඩ ගෝඨාගෙ පාලනයට එරෙහිව ICCPR ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඓතිහාසික තීන්දුවක්

monson

Well-known member
  • May 7, 2007
    15,845
    8,643
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයේ පාලන සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රම්සි රසීක්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

    රම්සි රාසික් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කර තිබෙනවා.

    එමෙන්ම ඔහුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසද රජයට නියෝගක් ද නිකුත් කර බවයි වාර්තා වන්නේ.

    සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනතේ 3 වැනි වගන්තිය අපහාස කිරීම අපරාධයක් ලෙස වටහා නොගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් තවදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

    ලේඛක රම්සි රසීක් 2020 අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු ෆේස්බුක්හි කළ ප්‍රකාශයක් හේතුවෙන් 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ ඔහුට චෝදනා එල්ල කර තිබුණා.

    චෝදනාවක් ගොනු නොකර ඔහු මාස 5ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

    රම්සි රසීක් කියා සිටින්නේ ඔහුගේ සමාජ මාධ්‍ය සටහන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැරදි ලෙස අර්ථකථනය කර ඔහු අත්අඩංගුවට ගත් බවයි.

    කෙසේ වෙතත්, මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

    - https://www.hirunews.lk/353986/iccpr-ගැන-ශ්‍රේෂ්ඨාධිකරණය-ලබා-දුන්-ඓතිහාසික-තීන්දුවක්
     
    • Like
    Reactions: hasithayad

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    14,913
    30,874
    113
    BeLbLkP.jpeg


    මේ ගෑණිත් වන්දි ඉල්ලුවොත් මිලියන දෙකක් ටැක්ස් සල්ලි 🙁

    ඉන්දික තොටවත්තත් ඉල්ලුවොත් මිලියන තුනයි 🥲
    ------ Post added on Nov 15, 2023 at 11:37 AM
     
    • Like
    Reactions: Max_r

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    1,999
    3,909
    113
    රාජපක්ෂලා හිරේ යයි කියලා බලාන ඉන්න අහිංසක මිනිස්සු 🫢

    ඩ්‍රාමා එකක් වෙන්න ඇති ඕවත්