යාපනේ එවුන්ට ඉන්දියන්කාරයෝ හොඳට සලකනවා මේ දවස්වල...
ජෙබ්බෝ එලවන්න එලවන්න උන්ට අත් වෙන්නේ මේ ඉරණම තමයි..
උතුරු මුහුදු සීමාව ඉන්දීය ධීවරයින්ට දින 03 ක් බදු වශයෙන් රජය ලබාදීමේ සූදානමක් පවතින බැවින් වහාම එය හකුලා ගන්නා ලෙසටත් ඉන්දීය ධීවරයින් උතුරු මුහුදට පැමිණීම නවත්වන ලෙසටත් රජයට බලකරමින් මන්නාරමේ ධීවරයින්, වෙළඳ සංගම් සහ ආගමික නායකයින් එක්ව 25 වනදා දැවන්ත විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.
මන්නාරම මහජන ක්‍රීඩාංගනය අසලට රැස් වූ විරෝධතාකරුවන් පෙලපාලියකින් මන්නාරම බසාර් වීදිය හරහා බස්නැවතුම්පල ඉදිරියට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.
විරෝධතාවය වෙනුවෙන් මන්නාරමේ සියලුම ධීවර සංගම් නියෝජිතයින් මෙන්ම විරෝධතාවය පැවති අවස්ථාවේ මන්නාරම් නගරයේ පිහිටි සියලු වෙළඳසැල් වසා වෙළඳ සංගම් නියෝජිතයින්ද සහභාගී වූ අතර තවද මන්නාරම් රදගුරු නිවාසයද ඊට සහය පලකරමින් පියතුමන්ලා රැසක්ද සහභාගී වූහ.
විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,
‘පසුගියදා අමාත්‍යංශයක් මගින් ඉන්දීය බලධාරීන් සමග උතුරු මුහුදු තීරය දින 3 කට බදු දීමේ සූදානමක් පිලිබඳව සාකච්ඡාවක් සිදුකිරීමේ තොරතුරු ලැබී ඇති බැවින් එම තීරණය වහාම හකුලාගෙන උතුරු මහුදු තීරයට එන ඉන්දීය ධීවරයින් වහාම නවතා දෙන ලෙසට විරෝධතා කරුවන් වැඩිදුරටත් පවසා සිටියහ.
විරෝධතාවයේ නිරත වූවන් වැඩිදුරටත් පවසා සිටියේ,
‘ මේ වන විටත් උතුරු මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් දහස් ගණනක් පැමිණෙනවා ඉන් ධීවරයින් 10 ක් 20 ක් පමණ කලාතුරකින් නාවික හමුදාව අත්අඩංගුවට ගන්නවා නමුත් උතුරේ ධීවරයින්ගේ ජීවනෝපාය කඩා වැටීම ආර්ථිකය කඩාවැටීම ආදි කිසිදු ගැටලුවකට විසඳුමක් නොමැති අවස්ථාවක ඉන්දිය ධීවරයින්ට දින 3 ක් උතුරු මුහුද ලබා දෙන්නේ නම් උතුරේ ධීවර කර්මාන්තය සම්පූරණයෙන්ම නවතින බැවින් ඉන්දීය ධීවර ගැටලුවට කඩිනමින් විධිමත් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවට පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ