යුක්රේනයෙන් ලංකාවට තෑගි..

dxx

Well-known member
  • Dec 26, 2011
    18,394
    21,950
    113

    😅😅

    යුක්රේනයෙන් මෙරටට කසළ බහාලූම් 28 ක්​


    garbage-litter-ukrain-681x356.jpg


    කොත්තමල්ලි ලෙස සඳහන් කරමින් යුක්රේනයෙන් මෙරටට ආනයනය කර ඇති කසළ බහාලූම් 28 ක් රේගුව මගින් රඳවාගෙන ඇති බව ‘දිවයින’ පුවත්පත වාර්තා කරයි.

    මෙහි ඇත්තේ කොත්තමල්ලි නොව, කෘෂිකාර්මික අපද්‍රව්‍ය තොගයක් බව රේගුව මගින් අනාවරණය කරගත්තේ මීට සති දෙකකට පමණ පෙරදීය. මේ අනුව මෙම වංචනික ක‍්‍රියාවට අදාළව රේගුව මගින් තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බව රේගුව කියා සිටී. නමුත් මෙම බහාලූම් තොගය මෙරටට ආනයනය කර ඇත්තේ කවුරුන්ද යන්න ගැන රජය මුණිවත රකිනු පෙනේ. නොහොත් මේ හොර ජාවාරම සිදුකර ඇත්තේ හෝ සිදුකරන්නේ කවුරුන්ද යන්න හෙළිකරනු වෙනුවට එම තොරතුරු සඟවාගෙන සිටීමට උත්සාහ කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට සම්බන්ධ කවුරුන් හෝ මේ ගනුදෙනුව පිටුපස සිටින බව යැයි මේ පිළිබඳව අදහස් දක්වන පරිසරවේදීහු කියා සිටිති.

    එනම්, පසුගිය දෙසැම්බර් අවසන් සතියේදී පරිසර යුක්ති කේන්ද්‍රය මගින් තොරතුරු දැනගැනීමේ පනතට අනුව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඉල්ලා ඇති නමුත් මේ වනතුරුත් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන්නට හෝ හෙළි කරන්නට රේගුව හෝ අදාළ රාජ්‍ය අංශ කටයුතු කර නැති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සඳහන් කරයි. නමුත්, දැනගන්නට ඇති පරිදි මෙම ව්‍යාජ කොත්තමල්ලි ජාවාරම සිදුකර ඇත්තේ මෙරටට කොත්තමල්ලි ඇතුළු භාණ්ඩ ආනයනය සිදුකරන ප‍්‍රකට ආනයනකරුවන් කිහිප(අට)දෙනෙකු විසිනි. මේ සඳහා රුපියල් කෝටි 8 ක් ගෙවා ඇති බවද කියනු ලැබේ. නමුත් ප‍්‍රශ්නය නම්, මෙම ව්‍යාපාරිකයින් විසින් මෙතෙක් කලක් මෙරටට ආනයනය කරන ලද බොහෝ බහාලූම් තුළ තිබී ඇත්තේ බහාලූම්වල සඳහන් කර තිබූ දෑමද යන්නය. ඒ අනුව මීට පෙර ගෙන්වන ලද බහාලූම් තුළ ද ව්‍යාජ බඩු භාණ්ඩ ඕනෑතරම් තිබෙන්නට ඉඩ ඇත. පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා නම් කියන්නේ අදාළ කසළ තොගය ගැන දැනටමත් ජිනීවාහි ඇති බාසල් සම්මුති ලේකම් කාර්යාලයට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇති බව හා යුක්රේන රජය ශ‍්‍රී ලංකා රජය රැවට්ටුවේ ද යන්න හා අදාළ ආනයනකරුවන් රේගුව ඇතුළු රජය හිතාමතා රවට්ටා මේ කෘෂි අපද්‍රව්‍ය තොගය මෙරටට ගෙන ආවේද යන්න ගැන සොයාබලන බවයි. උපද්‍රවකාරී අපද්‍රව්‍ය රටකින් තවත් රටකට ගෙනයෑමේදී අදාළ රටවල් දෙකේම එකඟතාවෙන් එය සිදුවිය යුතු අතර එසේ නොවන්නේ නම් එය බාසල් සම්මුතියට අනුව තහනම් කටයුත්තකි. මෙසේ අනවසර හුවමාරුවක් සිදුවන්නේ එම සම්මුතියට අත්සන් තබා ඇති රටවල් දෙකක් අතර හෝ ඊට එක රටක් හෝ සම්බන්ධව සිටින්නේ නම් එය තවත් බරපතල සිද්ධියකි. නොහොත් එම සම්මුතිය උල්ලංඝනය කරන්නකි. යුක්රේනය හා ශ‍්‍රී ලංකාව යන රටවල් දෙකම සම්මුතියේ පාර්ශ්වකරුවන්ය. මේ නිසා එම මූලස්ථානයට පැමිණිලි කිරීමට ඇමැතිවරයා ගත් ක‍්‍රියාමාර්ගය වැදගත් වුවත් ඉන් ලද ප‍්‍රතිපලය කුමක්ද යන්න පැහැදිලි නැත. නොහොත් තවමත් ඊට පිළිතුරක් නැති බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි. එසේම, මේ නීති විරෝධී කසළ බහාලූම් එවීමේ සිද්ධිය පිළිබඳව මේ වන විට යුක්රේනයේ බාසල් සම්මුතිය ක‍්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන දෙකටම ලිඛිතව පැමිණිලි කළ බවද මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා පවසයි.

    මීට ප‍්‍රථම එංගලන්තයේ සිට මේ අයුරින්ම ප‍්‍රති සැකසුම් භාණ්ඩ ලෙස ව්‍යාජ ලෙස සඳහන් කර රෝහල් හා සායනික අපද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය මැකී යන්නටත් පෙර මෙසේ තවත් කසළ තොගයක් මෙරටට පැමිණීම සංවිධානාත්මක අපරාධයක් ලෙස පරිසරවේදීහු හඳුන්වති. මුදල් තණ්හාවෙන් රට පාවාදෙන මෙවන් කටයුතු සඳහා වහාම වැට බැඳිය යුතු බවත්, මේ සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් රජය මගින් අනුගමනය කරන්නේ නම්, ඉදිරියේදී තවත් කසළ කඳු පිටින් රේගුව හරහා රට තුළට ඇතුළුවීම වළකාලිය නොහැකිවනු ඇති බවද ඔවුහු රජයට අනතුරු හඟවා සිටිති. ව්‍යාජ ලේබල් යටතේ මෙරටට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ගෙන ඒම සම්බන්ධයෙන් රජය දක්වන ඇල්මැරුණු, ලිහිල් හා අඳ බාල තීන්දු නිසා රට හා ජනතාව විශාල අනතුරකට පත්විය හැකි බවද, ලංකාව ලෝකයේ පහසු කුණු ගොඩක් බවට පත්කිරීමට කාහටවත් ඉඩ නොදිය යුතු බවද පරිසරවේදීන්ගේ අදහසයි.

    ඔවුන් මේ බව කියන්නේ රටේ නමගිය, බිලියන පන්තියේ ව්‍යාපාරිකයින් විසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරටට ගෙන්වා තවමත් අධිකරණ නියෝගයකින් යළිත් රට පටවන්නට සිදු වූ එංගලන්ත රෝහල් අපද්‍රව්‍ය තොගයට සිදුව ඇති දේ පිළිබඳව කරුණු කාරණා හෙළිදරව් කරමිනි.

    එම කසළ තොගය රේගුව මගින් අනාවරණය කරගත් මොහොතේ එම බහාලූම් අපේ නොවේ කියන්නටත්, එම උත්සාහය ව්‍යර්ථ වූ පසු බහාලූම් තුළ ඇත්තේ ප‍්‍රති සැකසුම සඳහා ගෙන එන ලද භාණ්ඩ තොගයක් ලෙස හුවා දක්වමින් බහාලූම් පරීක්ෂා කිරීම නවතාලන්නට කටයුතු කළ අයුරු අපට මතකය. එනමුත් මේ සඳහා රේගුවට අමතරව පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන්, මධ්‍යම පරිසර අධිකාරිය වැනි රාජ්‍ය ආයතන ද ක‍්‍රියාශීලීව මැදිහත්වීමෙන් බහාලූම් ලිහා පරීක්ෂාවට බඳුන් කරන්නට හැකිවිය. ඒ අනුව මෙහි ඇත්තේ රෝහල් අපද්‍රව්‍ය බවට හඳුනාගන්නා ලදී. අනතුරුව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් සිද්ධියට අදාළව අධිකරණයේ නඩු පවරන ලදී. තීන්දුව ප‍්‍රකාශයට පත් කළ අධිකරණය බහාලූම් එංගලන්තය බලා ප‍්‍රති අපනයනය කරන ලෙසට අදාළ සමාගම් දෙකකට නියෝග ලබා දුන් අතර, වැරදිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස ද රජයට නියෝග කළේය.

    අනතුරුව සිදු වූ සැබෑව නම්, ශ‍්‍රී ලංකාවට මෙම සමාගම් දෙක මගින් ගෙන එන ලද රෝහල් කසළ බහාලූම් 264 කින් වරායේ රඳවාගෙන සිටි බහාලූම් වරායේ ගොඩබා තිබූ කන්ටේනර් 133 ක් පමණක් අවස්ථා තුනකදී ආපසු එංගලන්තයට යවා තිබීමය. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ සඟවා තිබියදී සොයාගත් අඩි 40 තවත් කන්ටේනර් 131 ක් අඩි 20 කන්ටේනර් 330 කට නැවත අසුරා ඇති අතර, තවමත් මේවා ලංකාවේ පවතින බවත්, මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෝ රේගුව මගින් විත්ති පාර්ශ්වයට එරෙහිව තවමත් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන නැති බවත් මේ පිළිබඳව කරුණු දක්වන පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.

    මේ පිළිබඳව අප මධ්‍යම පරිසර අධිකාරියේ උපද්‍රවකාරී අපද්‍රව්‍ය ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතාගෙන් කරුණු විමසූ විට ඔහු කියා සිටියේ එංගලන්තයෙන් ගෙනවිත් කටුනායකදී පරීක්ෂාවට ලක්කර නැවත බහාලූම් 330 කට පුරවා ඇති කසළ තොගය නැවත යැවීමට අදාළ අධීක්ෂණ කටයුතු රේගුව හා එක්ව තම ඒකකය මගින් සිදුකරමින් පවතින බවයි. එය කිසිලෙසකින් හෝ නොසලකා නොමැති බවත් නැව්වල මේ සඳහා ඉඩකඩ ලැබෙන පරිදි යැවීම සිදුකරන බැවින් ප‍්‍රමාදයක් පවතින බවද ඒ මහතා සඳහන් කළේය. එසේම, අදාළ සමාගම් දෙකට එරෙහිව දැනටමත් නඩු පවරා ඇති බවත් එක් නඩුවාරයක් අසා ඇති බවත් ඔහු කීවේය.

    කොත්තමල්ලි යයි පවසන බහාලූම් පිළිබඳව අදහස් දැක්වූ වීරසුන්දර මහතා පැවසුවේ මීට අදාළ සමාගම්කරුවන් සියල්ලම හඳුනාගෙන ඇති බවයි. එසේම, බහාලූම් ගලවා පරීක්ෂා කළ බවද, මෙහි ඇත්තේ කුඩු හා කැබැලි කරන ලද ශාක කොටස් හා බීජ වර්ග බවද ඔහු පවසයි.

    එසේම, තවමත් මේ බහාලූම් රට තුළට පැමිණ නැති බැවින් ජාතික පාරිසරික පනත ප‍්‍රකාරව කටයුතු කළ නොහැකි බවද, රේගු පනතට අනුව රේගුව විසින් ක‍්‍රියාමාර්ග ගත හැකි බවයි. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් දැනටමත් මෙම අපද්‍රව්‍ය බහාලූම් තොගය නැවත, හරවා යවන ලෙස රේගුවට ලිඛිතව දන්වා ඇතැයිද වීරසුන්දර මහතා ප‍්‍රකාශ කළේය.

    ව්‍යාජ කොත්තමල්ලි බහාලූම් තොගයටත් මේ දෙයම වන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. පරිසර යුක්ති කේන්ද්‍රය නොවන්නට එංගලන්ත කසළ තොගයට අධිකරණ තීන්දුවක් තාමත් ලැබෙන්නේ නැත. මධ්‍යම පරිසර අධිකාරියේ හෝ රේගුවේ ක‍්‍රියාමාර්ග ගැන බලාසිටියේ නම් එම කුණු ගොඩ දැනටමත් රට තුළ කසළ ගොඩකට එකතු වී බොහෝ කල්ය. රජය ඇල්මැරුණු ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ යැයි අප කියන්නේ මේ පෙර අත්දැකීම් අනුවය. එක්කෝ ආණ්ඩුව මේ සමාගම්කරුවන්ට බයය. නැතහොත් ආණ්ඩුවේ තීන්දු තීරණ ගන්නා අය මේ සමාගම්වලින් හා ව්‍යාපාරිකයින්ගෙන් යැපෙති. එනිසා රටට හෙණ ගැහුණත් ආණ්ඩුවේ අයට කම් නැත. නොඑසේනම් මෙවන් කාලකන්නින්ට රැකවරණය දෙන්නේ ඇයිද යන්න අපට ප‍්‍රශ්නයක් තිබේ. අඩුම තරමින් කොත්තමල්ලි යයි හඟවා මෙරටට යුක්රේන කෘෂි අපද්‍රව්‍ය නීති විරෝධීව ගෙන එන ලද්දේ කවුරුන්ද යන්නවත් හෙළිකිරීමෙන් අදාළ ආනයනකරුවන්ට ලජ්ජාවක්වත් ඇතිවේ, ජනතාව තුළ එම සමාගම්වලට කළු ලේබලයක් ඇල වේ.

    ආණ්ඩුව මේ සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් සිදුවන්නේ ඉදිරියේදීත් කසළ තොග මෙරටට ගෙන එන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන දූෂිතයින්ට ඉණි මං බැඳීමකි. එංගලන්ත කසළ තොගය මෙරටට ගෙනවිත් තිබුණේ මෙරට නමගිය ප‍්‍රකෝටිපති සමාගමක් මගින් පැහැදිලිවම රජය රවටාය. යුක්රේන කොත්තමල්ලි බහාලූම් තොගයද බොහෝවිට එසේ වීමට ඉඩ තිබේ. මන්ද, කෝටි ගණන් වැයකර මෙරටට හැමදාමත් කොත්තමල්ලි ගෙන්වන කොම්පැණිකාරයින් බබාලා නොවන බව අපගේ වැටහීම වන නිසාය.
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ආණ්ඩුව මේ සඳහා ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් සිදුවන්නේ ඉදිරියේදීත් කසළ තොග මෙරටට ගෙන එන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන දූෂිතයින්ට ඉණි මං බැඳීමකි.
     
    • Like
    Reactions: dxx

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,459
    1,443
    113
    අර උට්ටා කොරොනා ගෙනවා වගේ මෙකත් ඌමද දන්නෙ නැ ගෙනාවෙ
     
    • Like
    Reactions: dxx

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,147
    113
    ඉන්දියන් සාගරයේ කුණු ඇටය කරල තියෙන්නේ
    ඕව විවේචනය කරල බල්ලො වගෙ මැරුම් කන්නද යන්නෙ. ඔය කන්ටේනර් එකෙ කුනු නෙවෙ තියෙන්නෙ රන් රිදී කියහල්ල ඉන්න ආසාවක් ඇත්නම්, 🤩
     
    • Wow
    Reactions: dilann

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,557
    624
    113
    රට මැද්දෙ ඈත ගමකට ගිහින් රේගුවට බනිනකොට එහෙ දුප්පත් අහින්සක ගොවියො හිතන්නෙ රේගුවෙයි කියන්නෙ පෝර හදන කොම්පැනියක් හරි අඩු ගානට උන්ගෙන් වී ටික කොටාගන්න කොම්පැනියක් හරි කියල ඔන්න චන්ද ට්‍රික්ස් පට්ට සර් :lol: :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,280
    113
    Malabe
    රට මැද්දෙ ඈත ගමකට ගිහින් රේගුවට බනිනකොට එහෙ දුප්පත් අහින්සක ගොවියො හිතන්නෙ රේගුවෙයි කියන්නෙ පෝර හදන කොම්පැනියක් හරි අඩු ගානට උන්ගෙන් වී ටික කොටාගන්න කොම්පැනියක් හරි කියල ඔන්න චන්ද ට්‍රික්ස් පට්ට සර් :lol: :lol: :lol:
    එහෙමද උබ හිතන් ඉන්නෙ ඒ තරන් මෝඩයි කියලද, ඔතන තමයි උබල හැමදාම වරද්ද ගන්න තැන
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    ස’ ෆේල්
    කුණුකාරයෙක් අල්ලගන්න බෑ
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    14,721
    22,950
    113
    34
    Mirihana
    alis.alberta.ca
    පට්ට ආතල් ඕයි.
    මේ රට හොඳ හරක් ලස්ස 69ටයි උන්ව පාලනය කරන හොරු රැලටම තමා.
    ළමයෙක් හදන කාලෙක ඔසී වගේ යන්න තිබ්බ නම් හොඳයි.
    නැත්නම් පොඩි උන්ටත් මේ ඉන්න නාකින්ගෙ හුරතල් බල බල තමා ඉන්න වෙන්නෙ :giggle: