යුක්රේන යුද පෙරමුණට කුරුණෑගල පිරිස් යවන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට මෙරට හිටපු හමුදා නිලධාරීන් ඇතුළු අයට රැකියා අවස්ථා දෙමින් විදෙස් ගත කිරීමේ චෝදනාව මත විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු සහ හිටපු හමුදා සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


    පොලීසිය පැවසුවේ, ඔවුන් කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.


    විශ්‍රාමික යුද ප්‍රවීණයන් කුලී හේවා කණ්ඩායම්වල සාමාජිකයන් ලෙස රුසියානු යුක්‍රේන යුද පෙරමුණට යැවීමේ ජාවාරමක නිරත වූ නීතිවිරෝධී මිනිස් ජාවාරම්කරුවන් සහ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), පොලිසිය සහ බුද්ධි අංශ පුළුල් මෙහෙයුම් දියත් කර ඇත.

    කුලී හේවායන් ලෙස එක් වූ ශ්‍රී ලාංකික රණවිරුවන් සැලකිය යුතු ප්‍රමාණයක් යුද බිමේදී මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවට ද එය අනුමත නොකරන බවටද ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.

    විදේශ හමුදාවට බැඳීමට අවස්ථාවක්, හොඳ වැටුප්, එම රටවල පුරවැසිභාවය සහ වෙනත් ප්‍රතිලාභ ලබා දෙන බවට පොරොන්දු වූ මෙම මිනිස් ජාවාරම්කරුවන් විසින් රැවටීමට ලක් වූ මෙම රණවිරුවන් කුලී හේවායන් ලෙස රුසියානු-යුක්රේන යුද පෙරමුණට පිටත්ව ගොස් ඇති බව ඔවුහු පැවසූහ. කෙසේ වෙතත්, සේවයේ යෙදී සිටින අයට හෝ තුවාල ලැබූවන්ට කිසිදු වැටුප් හෝ ප්‍රතිලාභයක් ලැබී නොමැති අතර, මෙම ජාවාරම්කරුවන් තුවාල ලැබූවන්ගේ හෝ මියගිය අයගේ පවුල්වලට කිසිදු ආකාරයක වන්දියක් පවා ලබා දී නොමැත.


    තවද, එම රණවිරුවන් සිටින ස්ථානය පිළිබඳ කිසිදු තොරතුරක් ඔවුන්ගේ පවුල්වලටද ලබාදීමට ඔවුන් අපොහොසත් වී ඇත.

    මෙම නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ මිනිස් ජාවාරම්කරුවන්ට, ආයතනවලට සහ වෙනත් පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලාංකිකයින් 55 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුක්රේනයේ ගැටුම් පවතින ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත කඩවත ප්‍රදේශයේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යන සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.
     
    • Like
    Reactions: vito