යුක්රේන සටන් පෙරමුණේ භට කණ්ඩායම්වලට නායකත්වය දුන් යුක්රේන සන්නද්ධ හමුදා පළමුවන විශේෂ බළකායේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයකු වන කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනකු රුසියානු හමුදා ප්‍රහාරයකින් පෙරේදා (04 ) මියගොස් ඇත.
රුසියානු රජයේ හමුදාවන් විසින් ‘කළු හතුරා’ ලෙස හඳුන්වන රුසියානුවන්ගේ ද ඉලක්කයක් ලෙස කපිතාන් රනිෂ් හේවගේ නම්කර තිබී ඇත.
ශ්‍රී ලංකා පාබල හමුදාවේ හා කමාන්ඩෝ බළකායේ පුහුණුව ලබා නීත්‍යනුකූල ලෙස ඉවත්ව යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයකු ලෙස 2022 මාර්තුවල බැඳුණු රුසියානු යුක්රේන යුද්ධයේ දී රනිෂ් සටන් පෙරමුණේ දැක් වූ වීරත්වය නිසා එරට ජනපති විසින් ජනාධිපති විශේෂ සම්මාන පහක් ඔහුට ප්‍රධානය කර ඇත.
සටන් පෙරමුණේ නව වතාවක් තුවාල ලබමින් යුක්රේන රාජ්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් සටන් කළ රනිෂ් හේවගේ එරට හමුදාවෙන් ‘කපිතාන් ඩෙන්ටිස්ට්’ යන නාමයෙන් හඳුන්වා දී ඇත.
යුක්රේන් රජයේ හමුදාවට මෙරටින් නීත්‍යනුකූල සේවයෙන් ඉවත්ව ගිය හැත්තෑ දෙනකු පමණ සේවය සඳහා එක්වීමට අයැදුම් කර ඇති අතර කපිතාන් රනීෂ් සමග ශ්‍රී ලාංකික භටපිරිස්වල විස්සකට ආසන්න පිරිසක් එහි සේවය කර ඇත. ඔහු යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම්ද සේවය කර ඇත. එක් සටනකදී ඔහු සමග සිටි කැනඩා භටයින් විසිඑක් දෙනකු මියගොස් ඇත. කපිතාන් රනිෂ් හේවගේ එම සටනින් තුවාල ලබා දිවි බේරා ගෙන ඇත.
රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ද යුක්රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි.
කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරින් හා සෙසු නිලයන්වල හැත්තෑදෙනකු පමණ අසර්බයිජාන්, ඩුබායි හා ඉන්දියාවට ගොස් පෝලන්තය ඔස්සේ එරටට යාමට සූදානමින් සිට ඇත.
මෙරට ඇති ආර්ථික ප්‍රශ්නය හමුවේ මසකට රුපියල් ලක්ෂ දහයක්-දොළහක් අතර වැටුපකට ශ්‍රී ලාංකික හමුදාවල සිටි භට කණ්ඩායම් යුක්රේන් රජයේ හමුදාවට එක්වන බව සොයා බැලීමකදී හෙළි විය.
සටන් බිමේ මියගිය ශ්‍රී ලාංකික හමුදා සාමාජිකයන් තිදෙනා සම්බන්ධව තානාපති අංශ මගින් ශ්‍රී ලංකා රජය දැනුවත් කිරීමට ඊයේ (05 වැනිදා) වන විට කටයුතු යොදා ඇති බවද යුක්රේනයෙන් වාර්තා විය.
Source: iri.lk