
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු විෂය භාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඊයේ (18) නැවත ආරම්භ විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත් කරමින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ මෙම වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදු වන අතර ඒ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ය.

ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අක්කර 14ක භූමි ප්‍රමාණයක මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබිණි.

මෙම වෙළඳ සංකීර්ණය විවෘත කළ පසු පාරිභෝගික ජනතාවට ඉදිකිරීම් ක්ෂේත්රයේ සියලු ම අමුද්‍රව්‍ය, භාණ්ඩ හා සේවා එකම ස්ථානයකින් ලබා ගැනීමට අවස්ථාව උදා වෙයි. ව්‍යාපෘතියේ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමට සමඟාමීව අද දින වෙළඳ සංකීර්ණයේ නිල වෙබ් අඩවිය www.ccity.lk එළි දැක්වීම ද සිදු විය.

එසේ ම ගිවිසුම්ගත වෙළඳසැල් කිහිපයක් නිල වශයෙන් එම වෙළඳසැල් හිමියන්ට ප්රදානය කිරීම ද ඊයේ දිනයේ සිදු විය. ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය අවසන් කළ සේවකයින් 50 දෙනෙකු සඳහා ගෙවීම් ප්‍රමාද කරමින් තිබූ රුපියල් ලක්ෂ 233ක් වටිනා පාරිතෝෂික දීමනා ප්රදානය කිරීමට ද මෙහි දී සිදුවිය.