රජයේ නිලධාරීන්ට වාහන ආනයන බලපත‍්‍ර.........//රජයේ ලොක්කෝ ලක්ෂ 25 වාහන පර්මිට් ලක්ෂ 2ට විකුණලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,988
    55,708
    113
    රජයේ නිලධාරීන්ට වාහන ආනයන බලපත‍්‍ර..

    අවුරුදු හැටක් සම්පූර්ණ කර විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ටත් තීරු බදු සහන ඇති වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබාදීමට රජය තීරණය කර ඇත.

    මෙම තීරණය ගෙන ඇත්තේ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය.

    ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත.

    මේ අතර පසුගිය කාලසීමාවේ ඇති වූ මුල්‍ය අර්බුදය හේතුවෙන් අවසන් වරට ලැබුණු වාහන ආනයන බලපත්‍ර රාජ්‍ය නිලධාරීන් විසින් ලක්ෂ දෙකක පමණ අඩු වටිනාකමින් යුතු මුදලකට වාහන ආනයනකරුවන්ට විකුණා දමා ඇති බවද වාර්තා වෙයි.

    සාමාන්‍ය කාල වලදී රුපියල් ලක්ෂ විසි පහක පමණ මිලකට එම බලපත‍්‍ර අලෙවි විය.



    රජයේ ලොක්කෝ ලක්ෂ 25 වාහන පර්මිට් ලක්ෂ 2ට විකුණලා




    රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක් කලකට පෙර තමන්ට රජයෙන් දී තිබූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ආර්ථික දුෂ්කරතා හේතුවෙන් රුපියල් ලක්ෂ දෙක තුනකට වාහන අලෙවිකරුවන්ට විකුණා ඇතැයි වාර්තා වේ. මෙම වාහන බලපත්‍රය දී තිබුණේ විදේශයෙන් වාහන ආනයනය තහනම් කිරීමට පෙරය.

    මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබාදුනහොත්, වැරැදි මතයක් සමාජගත විය හැකි හෙයින්, මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබා දීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබා දීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇත.



    එසේම, රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇත. රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය.වාහන ආනයනය තහනම් කිරීමත් සමග රජයේ බොහෝ විධායක නිලධාරීන් පිරිසකට වාහන බලපත්‍රය ළඟ තබාගෙන බලා සිටීමට සිදු වී ඇතැයි කියති. ඒ පිරිස අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවරුන් ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් වෙති.

    wikunala kiyala denagenath apahu denneth okuntamai
     
    • Like
    Reactions: zid2021