සුරාබදු රෙගුලාසි වලට පටහැනිව දේශපාලකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවය මත මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ චෝදනාවට ලක්ව සිටින සුරාබදු දෙපාර්තමේන්තු ප්‍රධානියෙකු විදෙස්ගත වීමේ සූදානමක් පවතින බව 2024 08 27 පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබුණි.මේ පිලිබඳ සොයාබැලීමේදී වාර්තා වූයේ ඒ වෙන කිසිදු පුද්ගලයෙකු නොව වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්. ජී. ගුණසිරි බවයි. සුරාබදු නීති ප්‍රකාරව ලබාදිය හැකි මත්පැන් බලපත්‍ර ප්‍රමාණය අභිභවමින් ඔහු විසින් විවිධ පුද්ගලයන්ට රහසිගතව මත්පැන් බලපත්‍ර ලබාදීම සිදුකරන ලද අතර මීට විරෝධය පල කරමින් මත්පැන් හල් හිමියන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමෙන් අනතුරුව එලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිව අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. නමුත් එම අධිකරණ නියෝගය නොතකා දිගින් දිගටම මත්පැන් බලපත්‍ර නිකුත් කළ සුරාබදු කොමසාරිස් වරයා නව රජයේ දූෂණ විරෝධි වැඩ පිලිවෙල හමුවේ රට හැර යාමට සූදානම් වන බව සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති අනාවරණය කරනු ලබයි.
තවද මෙන්ඩිස් සමාගමේ සිදුවූ ව්‍යාජ ස්ටිකර් ජාවාරමට සම්බන්ධව ආරම්භ කරන ලද පරීක්ෂණයද මේ වන විට යට ගැසීමට කටයුතු කර තිබෙන අතර මෙම දූෂිත නිළධාරින්ගේ සැලසුම ඉතා ඉක්මනින් විදෙස්ගත වීමයි.
නව රජයේ දූෂණ විරෝධි වැඩ පිලිවෙලට අනුව මහා පරිමාණ ලෙස රටට අහිමි වන සුරා බදු මුදල් ලබාගැනීමට මෙම නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුව තිබෙන අතර ඔවුන් වංචා සහගත ලෙස අත්පත් කරගත් ජනතා මුදල් නව රජය විසින් නැවත ජනතා සේවය සඳහා යොදවන තෙක් ජනතාව බලා සිටින බව මේ කරුණු අනාවරණය කරන ලද සුරාබදු වෘත්තීය සමිති නිළධාරීහු පවසති.
අර්ජුන් ඇලෝසියස්ට පමණක් මත්පැන් බලපත්‍ර 70 ක්..
පසුගිය කාලසීමාව තුළ නව මත්පැන් බලපත්‍ර 500 ක් පමන ඔහු විසින් නිකුත් කරන ලද අතර මෙලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේදී දූෂිත සුරාබදු කොමාසාරිස් විසින් එක් බලපත්‍රයක් සඳහා රුපියල් කෝටි 3 ක පමණ අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව වාර්තා වේ. එමෙන්ම ඔහුගේ මෙම කටයුතු සඳහා සහයෝගය ලබාදුන් සුරාබදු නිළධාරින් කිහිප දෙනෙකුට ද සන්තෝසම් ලෙස මත්පැන් බලපත් ලබා දී තිබේ. සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රජයේ ගිණුම්කාරක සභාවේදී කෝටි 600 කට අධිකව රජයට බදු ගෙවීම් පැහැර හැර තිබෙන බවට අනාවරණය වූ මෙන්ඩිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ට පමණක් මත්පැන් බලපත්‍ර 70 ක් පමණ නිකුත් කර තිබෙන අතර දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් රැසකට මෙලෙස නීතියට පටහැනිව බලපත් නිකුත් කර ඇත.රු. කෝටි 6000 ක් අහිමි කළ ව්‍යාජ මත්පැන් ස්ටිකර් ජාවාරමේ මහ මොලකරු..
එමෙන්ම පසුගිය කාල සීමාවේ දැඩිව කතා බහට ලක්වූ මහාපරිමාණ වංචාවක් වූ ව්‍යාජ මත්පැන් ස්ටිකර් ජාවාරමේද මහ මොලකරුවෙකු වන එම්. ජී. ගුණසිරි විසින් එම ජාවාරම හරහා වසරකට කෝටි ගණනක බදු අහිමි කරනු ලබයි.එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද ආකාරයට එම අගය වසරකට රුපියල් කෝටි 6000 ක් පමණ (රුපියල් බිලියන 60) පමණ වේ.2023 වසරේ මෙන්ඩිස් ආයතනය විසින් පමණක් ව්‍යාජ ස්ටිකර් භාවිතා කර සිදුකළ බදු වංචාව රුපියල් කෝටි 440 ක් ලෙස සුරාබදු දෙපාර්තමේන්තු විසින් ඇස්තමේන්තු ගත කර තිබුණු අතර ව්‍යාජ ස්ටිකර් සහිත එක් මත්පැන් බෝතලයකින් රජයට රුපියල් 1850 ක් බදු මුදලක් අහිමි වේ.සැලසුම රට පනින්නයි..
අල්ලස් ලබාගැනීම පිළිබද සුරාබදු දෙපාර්තමේන්තුව තුල අසූචි බණ්ඩාර යන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධ ජයන්ත බණ්ඩාර නම් නිළධාරියා මෙන්ඩිස් ව්‍යාජ ස්ටිකර් ජාවාරමේ මහ මොලකරු වන අතර කොමසාරිස් වරයාගේ අල්ලස් ලබාගැනීමේ කටයුතු මෙහෙයවන පුද්ගලයාද ඔහු වේ.තවද මෙන්ඩිස් සමාගමේ සිදුවූ ව්‍යාජ ස්ටිකර් ජාවාරමට සම්බන්ධව ආරම්භ කරන ලද පරීක්ෂණයද මේ වන විට යට ගැසීමට කටයුතු කර තිබෙන අතර මෙම දූෂිත නිළධාරින්ගේ සැලසුම ඉතා ඉක්මනින් විදෙස්ගත වීමයි.
නව රජයේ දූෂණ විරෝධි වැඩ පිලිවෙලට අනුව මහා පරිමාණ ලෙස රටට අහිමි වන සුරා බදු මුදල් ලබාගැනීමට මෙම නිළධාරින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුව තිබෙන අතර ඔවුන් වංචා සහගත ලෙස අත්පත් කරගත් ජනතා මුදල් නව රජය විසින් නැවත ජනතා සේවය සඳහා යොදවන තෙක් ජනතාව බලා සිටින බව මේ කරුණු අනාවරණය කරන ලද සුරාබදු වෘත්තීය සමිති නිළධාරීහු පවසති.