රට අරාජික වෙන්න හැරලා මට බලාගෙන ඉන්න බෑ. මම අයින් වෙන්නේ නෑ- මහින්ද 🤣

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    11,026
    15,471
    113
    Westනාහිර
    FtObfZA.jpeg


    තමන් අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් නො වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසුවේ යැ යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා.

    ඒ මීට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී නිමාව දුටු ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් ‍රැස්වීමෙන් අනතුරු ව ජනමාධ්‍යවේදින් සිදු කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්.

    මීට පෙර වාර්තා පළ වුයේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජප්කෂ අද දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍ය තනතුර අත් හැරීමට තමන්ගේ ඇති සූදානම පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දීමට සූදනම් වන බව යි.

    කෙසේ වෙතත් එම ප්‍රකාශය හරහා ද අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිත ව තිබුණේ, පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන කණ්ඩායමකට ඉඩ දී සිය තනතුර අත් හැරීමට සූදානම් බව යි.

    එසේ නොමැති ව අග්‍රාමාත්‍ය ධුරය අත් හැර පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක වශයෙනුත් රටත් අරාජික කිරීමට තමන් සූදානම් නොමැති බවත් ඔහු ප්‍රකාශ කිරීමට නියමිත ව තිබූ බව වාර්තා වුණා.

    කෙසේ වෙතත් ඊයේ හවස විපක්ෂය විසින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහි ව භාර දුන් විශ්වාසභංග යෝජනා හේතුවෙන් මෙම විශේෂ ප්‍රකාශයේ සැලැසුම වෙනස් වූ බව පසු ව වාර්තා වුණා.

    ඒ අනුව යි අද පැවති ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එතෙක් පැවති සිය ස්ථාවරය වෙනස් කරමින් අග්‍රාමාත්‍ය ධුරය අත් හැරීමට සූදානම් නොමැති බව ප්‍රකාශ කර ඇත්තේ.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    6,648
    14,542
    113
    මට බය අායෙත් කොහේ හරි බෝම්බ පුපුරවයිද කියල යන්න ලං වෙන කාලෙක..🤣🤣
    දැන් ඒ සෙල්ලම් කරන්න අමාරුයි කියලා හිතන්නේ. එකක් කට්ටිය ඔක්කොගෙම attention වගේම පාර්ශව ගොඩක විරුද්ධත්වය ඇවිත් නේ තියෙන්නේ. දැන් ඔය වගේ වැඩක් කරොත් වැඩේ එළි වෙන්න ඉඩ වැඩී. අනික කට්ටියගේ connection එහෙම එහෙමෙහෙ වෙලා ඇත්තේ දැන්
     
    • Like
    Reactions: NRTG

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    246
    293
    63
    අරාජික කරපු අයට යන්න කිව්වම අරාජික වෙයිලු 😂
    මූ අරාජික කරපු රට අනිත් උන් ඇවිල්ල ගොඩ ගියි කියල මූට බය තියෙන්නේ..
     
    • Sad
    Reactions: B.Chat

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    3,837
    5,218
    113
    Hambanthota
    3%ක පාර්ලිමේන්තු බලයක් තියන ජෙබ්බෝ අරගල කලා කියලා මහින්දලා මේවා දාලා යන්නේ ඇයි? ලංකාවේ මිනිස්සු අරගල භූමි වල නෑ හරියට... ඉන්නේ සොච්චමයි..ආර්ථිකේ ආමාරුව දැනෙන්නේ ගෑස් සිලින්ඩරේට මිස අරක්කු බෝතලේට නෙමේ ලංකාවේ..මහ දෙබිඩි වංචාකාරි කරුම ජීවිත තමයි මේ රටේ තියෙන්නේ.. මුන්ට මොන අරගලද ?:confused2:
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    3,919
    5,196
    113
    mu marenne danma nemei bn. baya wenna epa. thawa puluwan tharan ratata kelawala mu yanne uganda wlata