රට බංකොලොත් කළ වගඋත්තර කරුවන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්...!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    10,323
    11,480
    113
    Westනාහිර
    DR8TUXd.jpeg


    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සහ තවත් පුද්ගයන් තුන් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

    නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබෙන 13 දෙනා අතරට අයත් ය.

    රට බංකොලොත් වීම කෙරෙහි බලපෑ කරුණු කිහිපයක් පෙත්සම්කරුවන් විසින් ලයිස්තුගතර කර තිබේ.

    01. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ සැනින් 2019 දී සිදු කළ බදු සහනය.

    02. එම බදු සහනය ආපහු හැරවීමට කටයුතු නොකිරීම.

    03. ණය ශ්‍රේණිගති කිරීමේ ආයතන රට පහතට හෙළුෑ විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම.

    04. රුපියල බලහත්කාරයෙන් රදවාගෙන සිටීම.

    05. ස්වෛරී බැදුම්කර හරහා ණය ලබා ගැනීමට කටයුතු කිරීම.

    06. අර්බුදය දිග්ගැහෙන තෙක් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු නොකිරීම.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,894
    1,649
    113
    මූලික අයිතිවාසිකම් ? දැන් කැඩුන මූලික අයිතිවාසිකම් ම‍ොනව කියලද දාලා තිය‍ෙන්න‍ේ ?
    ඔය කියන කාරනා වලට දඩුවම් ද‍ෙන්න ක්‍රමයක් තිය‍ෙනවාද ?
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    20,307
    32,418
    113
    සජිත් කියන මෝඩයත් මේකට ගේන්න ඕනි විපක්ශ නායක කියන ජොබ් එක හරියට නොකරට
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    6,831
    14,578
    113
    ඇමරිකන් කාරයෙක්ට ජන්දෙ ඉල්ලන්න දීපු මහින්ද දේශප්‍රිය?
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    3,555
    1,889
    113
    මූලික අයිතිවාසිකම් ? දැන් කැඩුන මූලික අයිතිවාසිකම් ම‍ොනව කියලද දාලා තිය‍ෙන්න‍ේ ?
    ඔය කියන කාරනා වලට දඩුවම් ද‍ෙන්න ක්‍රමයක් තිය‍ෙනවාද ?
    amuthuwen denna deyak na. tika kalekin baba hambei
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    25,978
    13,080
    113
    DR8TUXd.jpeg


    ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත් කිරීමට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් සංවිධානය සහ තවත් පුද්ගයන් තුන් දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බව වාර්තා වේ.

    නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්) හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය පෙත්සමෙන් වගඋත්තරකරුවන් කර තිබෙන 13 දෙනා අතරට අයත් ය.

    රට බංකොලොත් වීම කෙරෙහි බලපෑ කරුණු කිහිපයක් පෙත්සම්කරුවන් විසින් ලයිස්තුගතර කර තිබේ.

    01. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වූ සැනින් 2019 දී සිදු කළ බදු සහනය.

    02. එම බදු සහනය ආපහු හැරවීමට කටයුතු නොකිරීම.

    03. ණය ශ්‍රේණිගති කිරීමේ ආයතන රට පහතට හෙළුෑ විට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම.

    04. රුපියල බලහත්කාරයෙන් රදවාගෙන සිටීම.

    05. ස්වෛරී බැදුම්කර හරහා ණය ලබා ගැනීමට කටයුතු කිරීම.

    06. අර්බුදය දිග්ගැහෙන තෙක් ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට කටයුතු නොකිරීම.
    judge la kiyanne law ekada?