http://www.baiscopelk.com/?p=1601
The Hurt Locker (2008) | වීරයෙක් නොවේ.. [සිංහල උපසිරැසි සමඟින්]
අපි ඔබට තිළිණ කරන්නේ ලොව ජනප්‍රියම චිත්‍රපට අතර ගැවසෙන IMDB රේටින්ග්ස් වල 8.0/10 ක් ලබා ගෙන තියෙන චිත්‍රපටයක්…
සම්මාන 8ක් හා වැනීස සිනමා උළලේ හොඳම චිත්‍රපටය ලෙසටද නාම යෝජනා වෙලා තියෙන මේ ෆිල්ම් එක, ත්‍රාස්‍ය ජනක හා යුධමය චිත්‍රපට වලටයි, නාට්‍යම චිත්‍රපට වලටයි, ආස අය මේකට කැමති වෙයි.
මේ අපගේ පළමු වන ලිපිය වන අතර ඒ සමඟම සිංහල උපසිරැසි ද, තිළිණ කරන්නේ ඉමහත් සතුටිනී.
ඉරාක යුධ සමයේ නොපෙනෙන වීරයන් ලෙස බෝම්බ නිෂ්ක්‍රීය කරමින් මහජනතාවගේද, සහෝදර සොල්දාදුවන්ගේද, ජීවිත බේරා ගත් බෝම්බ නිෂ්ක්‍රීය කරන කණ්ඩායමක නායකයෙකුගේ දින කීපයක් මෙම චිත්‍රපටයට පාදක වී ඇත. තවද, ඉරාකයේ ත්‍රස්තවාදීකණ්ඩායම් අවුල් වුන යුද්ධයක යෙදෙමින් සෑම තැනම බෝම්බ අටවමින් සිටින අවස්ථාවක, අති විශිෂ්ට බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක අවශ්‍යතාව තදින්ම දැනෙන්නේ නාගරික ප්‍රදේශ වලට වන අතර ඒවා, එම නගර වල තිබෙන අති ප්‍රබල කාගෙත් පොදු සතුරෙක් වන, සෑම කෙනෙකුටම මාරාන්තික වන බෝම්බයක් විය හැකි බැවිනි.
කොයි වෙලාවකවත් අවසානය හිතා ගන්න බැරි තරම් අවස්ථා ගණනාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලත් ඉක්මනටම මේ ෆිල්ම් එක බාගෙන බලන්න.