රනිල්ගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්…

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    24,298
    46,963
    113
    June 16, 2023 at 3:23 am | lanka C news
    ජනපති රනිල්ගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්…


    කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද බේරා ගැනීමට සිදු වී ඇත්තේ බෙදුම්වාදින්ගෙන් හෝ අන්තවාදින්ගෙන් නොව වත්මන් ආණ්ඩුවෙන් බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව හා එක් වෙමිනි.


    එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.


    කුරුන්දි විහාරය ඇතුළු උතුරු සහ නැගෙනහිර පලාත්හි පවතින පුරාවස්තු අද අපට බේරා ගන්න සිදු වී තිබෙන්නේ බෙදුම්වාදින්ගෙන් වත් අන්තවාදින්ගෙන්වත් නොවේ. ආණ්ඩුවෙන්. ඒ නිසා ඉතිහාසය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ඒත් තමන් මහදැනමුත්තා කියලා හිතාගෙන ඉන්න ජනාධිපතිවරයාගෙන් අපේ උරුමය රැක ගන්න අපි පහත දැක්වෙන පියවර ගන්න බලාපොරොත්තු වෙනවා.


    පුරාවස්තු විනාශය විමර්ශනයට තේරීම් කාරක සභාවක්


    පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ලංකාවේ ඓතිහාසික උරුමයන් සාතිශය තිබෙන්නේ උතුරු සහ නැගෙනහිර පලාත්වල. සිරිල් මැතිව් ඇමතිතුමා විසින් යුනෙස්කෝ සංවිධානයට යැවූ ආයාචනයේ 1983 වසර වන විට හඳුනා ගෙන තිබුණු උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන 276ක් දැක්වෙනවා. අද වන විට මේ සංඛ්‍යාව තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු අද විනාශ වෙන්නේ බෙදුම්වාදින් සහ අන්තවාදින් අතින් විතරක් නොවේ. ආණ්ඩුවේ නිලධාරින් අකර්මන්‍ය වීමෙන් සහ අධිකරණ වලට බොරු වාර්තා සැපයීමෙන් ඒවාට සහය දක්වා තිබෙනවා. ඒ නිසා උතුරු සහ නැගෙනහිර පලාත් වල පුරාවස්තු විනාශය පිළිබඳ විමර්ශනය කර වාර්තා කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට අපි ජූනි 19දා ගරු කතානායකතුමාට යෝජනාවක් භාර දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝජනාවට මට අමතරව හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මහචාර්ය චන්න ජයසුමන මැතිතුමන්ලා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමා අත්සන් කර තිබෙනවා.


    දෙමළ සංධානයේ බොරු හෙලි කරන්න පිවිතුරු හෙළ උරුමය කුරුන්දි විහාරයට


    දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් කුරුන්දි විහාරය ගැන ජනාධිපතිතුමාට කිව්වේ පට්ටපල් බොරු. හොයන්නේ බලන්නේ නැතිව දේවභාෂිතය වගේ ජනාධිපති ඒවා විශ්වාස කළා. ඒ වගේම සිය රාජකාරි ඉටු කරන පුරාවිද්‍යා, වනජීවි සහ වන සංරක්ෂණ නිලධාරින්ට මේ බෙදුම්වාදි මන්ත්‍රිවරුන්ගෙන් බාධා එල්ල වන බවට අපට පැමිණිලි ලැබිලා තිබෙනවා. ඒ නිසා දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ගේ ප්‍රකාශ බොරු කියලා ඔප්පු කරන්න පිවිතුරු හෙළ උරුමයේ නියෝජිත කණ්ඩායමක් 2023 ජූනි 21 දින කුරුන්දි විහාරයට නිරීක්ෂණ චාරිකාවක් යෑමට තීරණය කලා. ඒ ගමනට බාධා කරන්න දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන්ට බෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඌ) වගන්තියෙන් ලංකාව තුල යෑම් ඊම් නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිලි අරගෙන තිබෙනවා. අපි කුරුන්දි විහාරයට යන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ඒ මූලික අයිතිවාසිකම භුක්ති විඳින්න.


    අපි නිහඬ බලා සිටියොත් මේ ජනාධිපතිවරයා රාසමානික්කම් මන්ත්‍රිවරයා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් කරලා සුමන්තිරන් මන්ත්‍රිවරයාව සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස පත් කරන්නත් ඉඩ තිබෙනවා.


    ජනපතිගෙන් ලෝක උරුමයන් බේරා දෙන්නැයි යුනෙස්කෝවෙන් ඉල්ලීමක්


    වෙන රටවල ජාතික උරුමයන් රැක දෙන්නැයි ජනතාව ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන්. නමුත් අපේ රටේ ආණ්ඩුව තමයි ජාතික උරුමයන් විනාශ කරන්න කුමන්ත්‍රණය කරන්නේ. උතුරු සහ නැගෙනහිර පලාත්වල පුරාවස්තු විනාශයන් වැඩියෙන්ම සිදු වුණේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුර දැරූ 2001-2004 සහ 2015-2019 කාල වකවානු තුල දී. ඒ අනුව එතුමා නායකත්වය දරන ආණ්ඩුවකට පුරාවස්තු රකින්නට බාරදීම නරියට කුකුල්ළු බාරදුන්නා හා සමානයි කියලයි අපි දකින්නේ. ඒ නිසා අපේම ආණ්ඩුවෙන් ලෝක උරුමයන් වන පුරාවස්තු බේරා දෙන්නැයි ලෝක උරුමයන් රැක ගැනීමට කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානය වන යුනෙස්කෝ සංවිධානයෙන් ලිඛිතව ඉල්ලා සිටීමටත් ඒ ගැන සාකච්ඡා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.


    මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර, නැගෙනහිර ‍කොළඹ ආසන සංවිධායක සරත් ඩයස් යන මහත්වරුන්ද සහභාගී වූහ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    35,679
    45,666
    113
    Colombo
    හාමු ඉදිරියේ ලොවම දනගහන්න යන්නෙ ගුපියනේ :)
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,083
    4,361
    113
    රනිල් එක්ක ඉන්න ඉන්න දවස්ක් ගානෙ රනිල් පොහොට්ටුවෙන් කෑලි කඩා ගන්නවා... ටැන්කි ක්ලිනර් වගෙ😂😂😂


     
    • Haha
    Reactions: Bitter Truth

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    508
    650
    93
    මම මේ දැන ගන්න ඕන හින්දා අහන්නේ. දැන් පුරා විද්‍යා බිම් කියලා පන්සලකට/පල්ලියකට/කෝවිලකට අක්කර සිය ගාණක් දෙන්න ඕනද? අනෙක ලංකාවේ කොහොමත් අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන එකේ, කොළඹ වුනත් කොහේ හරි යටටම හෑරුවොත් මොකක් හරි පුරා වස්තුවක් ලැබෙන්න බැරි කමක් නෑ. එතකොට ඒ ඉඩමත් වෙන් කරලා අයින් කරන්න වෙනවද? විශාල පන්සලක්/පල්ලියක්/කෝවිලක් නැත්නම් ඒ වගේ ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ඉඩම වෙන් කරා කියමු. ඒත් තැනින් තැන නටබුන් තිබ්බා කියලා ඒක වෙනමම ඒ ආගමික මධ්‍යස්තානයට දුන්නම ඒක ආරක්ෂා වෙනවද?ඇයි ඒක එහෙනම් කෞතුකාගාරයකට ගන්න බැරිද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    24,298
    46,963
    113
    මම මේ දැන ගන්න ඕන හින්දා අහන්නේ. දැන් පුරා විද්‍යා බිම් කියලා පන්සලකට/පල්ලියකට/කෝවිලකට අක්කර සිය ගාණක් දෙන්න ඕනද? අනෙක ලංකාවේ කොහොමත් අවුරුදු දහස් ගාණක ඉතිහාසයක් තියෙන එකේ, කොළඹ වුනත් කොහේ හරි යටටම හෑරුවොත් මොකක් හරි පුරා වස්තුවක් ලැබෙන්න බැරි කමක් නෑ. එතකොට ඒ ඉඩමත් වෙන් කරලා අයින් කරන්න වෙනවද? විශාල පන්සලක්/පල්ලියක්/කෝවිලක් නැත්නම් ඒ වගේ ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා නම් ඒ ඉඩම වෙන් කරා කියමු. ඒත් තැනින් තැන නටබුන් තිබ්බා කියලා ඒක වෙනමම ඒ ආගමික මධ්‍යස්තානයට දුන්නම ඒක ආරක්ෂා වෙනවද?ඇයි ඒක එහෙනම් කෞතුකාගාරයකට ගන්න බැරිද?
    මම හිතන්නේ ඒක උබටවත් මටවත් රනිල්ටත් TNA එකකටවත් තීරණය කරන්න බෑ. අදාළ ආයතනයක් තියනවා ඒකට ප්‍රොසෙස් එකක් තියනවා. එතනින් තීරණය වෙයි මොකද කරන්නේ කියලා. ඒක ඉවරවෙන්න කලින් මුල් ගල් උගුල්ලපං කියලා හරියන්නේ නෑ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    17,659
    34,641
    113
    රනිල් එක්ක ඉන්න ඉන්න දවස්ක් ගානෙ රනිල් පොහොට්ටුවෙන් කෑලි කඩා ගන්නවා... ටැන්කි ක්ලිනර් වගෙ😂😂😂




    ඊයේ මම දන්න බයියෙකුත් රනිල ගැන වියරුවෙන් කථා කරා..🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,777
    5,555
    113
    මම හිතන්නේ ඒක උබටවත් මටවත් රනිල්ටත් TNA එකකටවත් තීරණය කරන්න බෑ. අදාළ ආයතනයක් තියනවා ඒකට ප්‍රොසෙස් එකක් තියනවා. එතනින් තීරණය වෙයි මොකද කරන්නේ කියලා. ඒක ඉවරවෙන්න කලින් මුල් ගල් උගුල්ලපං කියලා හරියන්නේ නෑ.
    ජනපතිගේ කට වචනේ ගෑසට් වෙන රටනේ මේ.. කතා කරලා වෑඩක් නෑ