රට හදන්න අවශ්‍ය විසඳුම් ගැන සමාජය තුල යම් කිසි සුභවාදී ආකල්පයක් නිර්මාණය කරන්නට අරගලයට පෙර සහ අරගලය තුල යම් ආකාරයකින් අපිට හැකියාවක් ලැබුනා.
IMF එකට යෑමේ සිට පුද්ගලීකරණය දක්වා මේ පැහැදිලි කිරීම පිළිගන්න තත්ත්වයක් තිබුනා.
නමුත් අවාසනාවකට රනිල් ජනාධිපති වීම තුල එම පුද්ගලයාට ඇති අකමැත්ත මත, ඒ විසඳුම් වලින් පවා මිනිස්සු ඈත් උනා. අපි ඒ කිව්වේ විසඳුම් උනත්, ඒවා රනිල් ක්‍රියාත්මක කරනවා නම්, ඔහුව විශ්වාස කිරීමට සමාජය සූදානම් වුනේ නෑ. ඒක තමයි රනිල්ගේ බ්‍රෑන්ඩින් crisis එක.
ප්‍රථිපලය වුනේ රටේ වාමාංශික ව්‍යාපාර තමන්ගේ ආණ්ඩු විරෝධී ආකල්ප එක්ක අසාර්ථක සමාජවාදී අදහස් යලිත් සමාජය තුල බලාත්මක කිරීමයි. රටේ අර්බුදයට පිළියම් ලෙස අත්‍යාවශ්‍ය විසඳුම් සහ ප්‍රතිසංස්කරණ ගැන ජනමතය සම්පූර්ණයෙන් ඊට විරුද්ධ දිශාවකට යොමු කරන්න ඔවුන්ට පුළුවන් උනා. හුදෙක් ආණ්ඩු විරෝධී ජනමතය තමන්ගේ වාමාංශික මතවාදයට පෙරලන්න ඔවුන් සමත් උනා.
සාමාන්‍ය පුරවැසියෙකු ගත් කළ ඔහුට හෝ ඇයට රට ගැන තීන්දු තීරණ ගන්න පුළුවන් තරම් දේශපාලන සාක්ෂරතාවයක් ලැබෙන්නේ නෑ. බොහෝ විට ඒ සාමාන්‍ය පුරවැසියා සිය දේශපාලන තීරණය ගනු ලබන්නේ තමන් විශ්වාස කරන දේශපාලන නායකත්වය සහ කඳවුර මත. ඒ කියන්නේ ඒක කරන්නේ මොළයෙන් නෙවෙයි බොක්කෙන්. ඒ විස්වාසය රනිල්ට කිසි විටෙක දීමට ඔවුන් සූදානම් නෑ.
මේ සමස්ථයේ ප්‍රථිපලය වෙලා තියෙන්නේ වත්මන් ජනමතය විසඳුම් වලින් ඈතට තල්ලු වී යෑමයි. එනම්, මේ රටේ ඇති අර්බුදය විසඳන්න මිනිසුන්ගේ සහයෝගය ලබා ගැනිමට දුෂ්කර බවයි. ඒ කටුක සත්‍යයට අපිට මුහුණ දීමට සිදුවීම ඉතා අභාග්‍යක්.
එහෙත් ඔබට යළිත් හිතන්න පුළුවන්. අලුත් තැනකින් පටන් ගන්න පුළුවන්.
මේ දේශපාලන ක්‍රමය වෙනස් කර ගෙන, එන නිවැරැදි තැනකින් පටන් ගන්න ඔබට සිදු වෙනවා. ඒකට ධෛර්යය ඔබ උපදවා ගන්නා තුරු, ඔබට ජීවිතේ ලස්සන කර ගන්නට ලැබෙන්නේ නෑ.
රනිල් අද ඉඳියි, හෙට නැති වෙයි. ඒත් ඔබ ඉදිරියට ජීවත් වෙන්න ඕනේ නම්, මේ ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගන්න ඕනේ. මේ ප්‍රතිසංස්කරණ රනිල්ගේ ඒවා නෙවෙයි. ඒවා රට හදන්න ඕනේ ඒවා. ඒවාට ඔබේ සහය අත්‍යාවශ්‍යයි. රනිල්ට තියෙන අකමැත්තට ප්‍රතිසංස්කරණ වලට එරෙහි වන්න එපා. රනිල්ව ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතිසංස්කරණ ඉදිරියට තල්ලු කරන්න.
උත්සාහ කරන්න.
ඔබට පුළුවන්.
පැතුම් කර්නර්
#හරිත #පැතූනොමික්ස් #රටහදනහරිපාර