You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම පිණිස අවශ්‍ය වන ණය කළමනාකරණ මෘදුකාංග පද්ධතියක් මිල දී ගැනීම
- 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත අනුව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවිය යුතු වේ. එම පනතේ 23 වන වගන්තියේ විධිවිධාන පරිදි රාජ්‍ය ණය පිළිබඳ කාලානුරූප, විස්තරාත්මක හා නිවැරදි දත්ත හා තොරතුරු සුදුසු දත්ත පද්ධතියක පවත්වා ගත යුතුය. රජය විසින් මේ වන විට විදේශ ණය වාර්තාගත කිරීම සහ ණය කළමනාකරණය පිණිස පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය වෙතින් ලබා දී ඇති Commonwealth Secretariat Debt Recording and Management System (CS-DRMS) පද්ධතිය යොදා ගනු ලබන අතර, එය විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කොට පවත්වාගෙන යනු ලැබේ. එම පද්ධතියේ යාවත්කාලීන කිරීම් සහ වාර්ෂික බලපත්‍රය දීර්ඝ කිරීම පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් මේ වන විට නවතා ඇත. රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ තාක්ෂණික දූත මණ්ඩල සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය විසින් සපයනු ලබන Commonwealth Meridian මෘදුකාංගය හෝ එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය විසින් සපයනු ලබන DMFAS මෘදුකාංගය හෝ යොදා ගැනීම සුදුසු බව නිර්දේශ කරනු ලැබ තිබේ. ඒ අනුව, පිරිවැය වාසිදායක වීම, දත්ත සම්ප්‍රේෂණය පහසු වීම, ඒවායේ අඛණ්ඩතාව පවත්වා ගත හැකි වීම සහ පද්ධති අතර ඒකාග්‍රතාව තහවුරු කළ හැකි වීම යන හේතු මත පදනම්ව, පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලයෙන් Commonwealth Meridian මෘදුකාංගය මිල දී ගැනීම පිණිස යෝජනාවක් ලබා ගැනීමටත්, එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක නිර්දේශ ලබා ගැනීම සඳහා යොමු කිරීමටත් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
-
https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=12856
AKD ඇතුළු මාලිමා ජෙප්පොත් රිලවු වෙයි 

පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකන් මුන් කරලා තියෙන්නෙ
- ඉස්සර මුන් වැරදි වැරදි ගාපු රනිල් කරන් ගිය වැඩ එහෙමම කරන යන එක
- රනිලා කරපුවා වල ක්‍රෙඩිට් එක ගන්න එක.