'රනිල් ආර්ථිකය ගොඩදැම්මා'යි කෂ්ටිය කියද්දී රනිල්ම ඒ කෂ්ටියේ රෙද්ද කඩා දමයි..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    50,760
    50,624
    113
    මේ දිනවල එජාප දේශපාලකයින් රට වටේ යමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා මේ වන විට රට ගොඩ ගෙන ඇති බව කියති. ඔවුන් උදාහරණ හැටියට කියන්නේ තෙල් පෝලිම් නැත , ගෑස් පෝලිම් නැත , උද්ධමනය අඩු වී ඇත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබී ඇත, සංචාරකයෝ පැමිණෙති , විදේශ ප්‍රේශන ලැබෙමින් පවතී, ඩොලර් බිලියන 3.1ක් දක්වා විදේශ සංචිත වර්ධනය වී ඇත යනාදි කරුණු යි.

    බැලූ බැල්මට ඔවුන් කියන කතාව නිවැරැදි ය. මන්ද මේ සියල්ල එලි පෙහෙළියේ ඇවිදින විට ඔබට පේන්නට ඇත. එහෙත් සත්‍ය එය නොවන වග ඔවුන්ගේම නායක මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුදල් අමාත්‍යාංශය විසින්ම ඔප්පු කොට ඇත.

    රනිල්ගේම අමාත්‍යාංශයෙන් දෙලොව රත්වෙන පිළිතුරක්..​

    රට ගොඩවිත් ඇත කියා කියන අයට ලංකාවේ මුදල් අමාත්‍යාංශය කදිම පිළිතුරක් දැනට ටික දිනකට පෙර නිකුත් කල මධ්‍ය වාර්ෂික මූල්‍ය වාර්තාව-2023 විසින් ලබා දී ඇත. (MID-YEAR FISCAL POSITION REPORT -2023) https://www.treasury.gov.lk/api/file/c53ea3ac-0e34-49ae-bf66-b549a2da30c0

    එහි 14 පිටුවේ ඇති 2.1 වගුව බැලුව හොත් ඔබට දෙලොව රත්වෙනු ඇත. 2023 වර්ෂයේ ජනවාරි-අප්‍රේල් මාස 4 රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන (Revenue & Grants) එකතුව රුපියල් බිලියන 821.35 කි. ඉන් ප්‍රදාන (Grants ) ඉවත් කල විට ආදායම රුපියල් බිලියන 820.07 කි. මෙම ආදායමින් දේශීය සහ විදේශීය ණය පොලී ගෙවීම සඳහා පමණක් රුපියල් බිලියන 818.97 ක් වැයකොට ඇත. භාණ්ඩාගාරයේ අතිරික්තය වී ඇත්තේ රුපියල් බිලියන 2.38 ක සොච්චම් මුදල කි. එසේනම්, රට ගොඩ ගියා කියන මහත්වරුන් කියන්නේ කෙප්පයක් නොවේද ?

    සංසන්දනය කර බලන්න...​

    මෙය 2022 පැවති තත්ත්වය හා සංසන්දනය කොට බලන්න . එම වර්ෂයේ පළමු මාස හතරේ ආදායම රුපියල් බිලියන 621.13 කි. එම මාස හතරේ දේශීය සහ විදේශීය ණය පොලී වියදම රුපියල් බිලියන 426.79 ක් වන අතර ආදායම් අතිරික්තයක් ලෙස රුපියල් බිලියන 204.34 ක් ලැබී ඇත . කෙතරම් පෝලිම් පැවතියත් , රට පුරා උද්ඝෝෂණ , අරගල පැවතියත් 2022 පළමු මාස 4 රජයේ ආදායමේ කිසියම් ප්‍රගතියක් තිබී ඇත. එසේනම් 2023 වර්ෂය 2022 ට වඩා ආර්ථිකය පිරිහී නැද්ද? රජය ණය ගැනීම දෙගුණයක් කරගෙන නැද්ද ? විදේශීය ණය ගැනීමට නොහැකි වූවාට රජය උපරිමයෙන් දේශීය ණය ලබා ගෙන තිබේ. රජයේ ණය ගැනීමේ සීමාව බිලියන 5000 සිට 9000 දක්වා වැඩි කරගැනීමට යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමටද නියමිත ය.

    මී ලඟට මෙම වාර්තාවේ 2.1 වගුවේ ඇති තවත් වැදගත් දත්තයක් වන්නේ රජයේ ආදායම රුපියල් බිලියන 820.07 න් රුපියල් බිලියන 742.57 ක් ම ලැබී තිබෙන්නේ බදු වලිනි. එසේනම් , ඔබට තේරෙනවා ද මෙම පාලකයන් ඔබ මත කෙතරම් බදු බරක් පටවා තිබෙනවා ද කියා ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව මෙය 2024 දෙගුණ වීමට නියමිත ය.

    කොහොමටවත් ඉලක්කය සපුරා ගන්න බෑ..​

    2023 අයවැය ඇස්තමේන්තුව අනුව රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,408 කි. වර්ෂයේ පළමු මාස 4 ආදායම රුපියල් බිලියන 820 ක් වන විට එය මුළු ආදායමෙන් 24.1% කි. මේ අනුව බලන කල රජයට කෙසේ වත් වර්ෂය අවසානයේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වනු ඇත.

    2023 රජයේ ආදායමේ වැඩිම දායකත්වය සපයන්නේ බදු මගින් ය. එය රුපියල් බිලියන 3,130 ක් හෙවත් මුලු ආදායමෙන් 91.8% කි. කෙසේ වෙතත්, අපේක්ෂිත බදු ආදායමෙන් මේ වන විට එකතු කරගෙන තිබෙන්නේ රුපියල් බිලියන 743 කි. එය මුලු ආදායමෙන් 23.7% ක් වන අතර මේ අනුව මාගේ ඇස්තමේන්තුවට අනුව 2023 වර්ෂය අවසාන වන විට උපරිම රුපියල් බිලියන 2,100-2,400 අතර ආදායමක් එකතු කරගැනීමට රජයට හැකි වනු ඇති. මේ අනුව රට ගොඩ ඒම කෙසේ වෙතත් බදු පිට බදු ගැසීමට නම් රජයට සිදුවනු ඇත.

    ආණ්ඩුව විකල්පයක් හොයන්නෙත් නෑ...​

    රනිල් වික්‍රමසිංහ පොහොට්ටු රජය ආදායම් වැඩි කර ගැනීමට වෙනත් කිසිදු විකල්ප සොයන බවක් පේන්නට නැත. ඔවුන් සති පතා දේශීය වෙළෙඳපොළින් භාණ්ඩාගාර බැදුම්කර සහ බිල්පත් හරහා ණය ගනිමින් රට කරගෙන යෑමත්, හැකි තාක් බදු පැන වීමත් හැර වෙනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ඔවුන්ට නොමැත.

    අවම වශයෙන් බැංකු ණය පොලී අඩු කොට පෞද්ගලික අංශයට විශේෂයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට සහන ලබා දී නිෂ්පාදන දිරිගැන්වීම සහ අපනයන ඉහළ දමා ගැනීමට කිසිදු උස්සාහයක් ඔවුන් ගන්නා බවක් පේන්නට නැත.

    ආර්ථිකයේ කඩාවැටීම ඍන -11.5% කි​

    මෙම මුදල් අමාත්‍යාංශ වාර්තාවේ vii පිටුවේ තිබෙන වගුව අනුව 2023 පළමු කාර්තුව අවසන් වන විට ආර්ථිකයේ කඩාවැටීම -11.5% කි. එය 2022 -0.5% ක් බව දක්වා ඇත. ඒ අනුව බලන කල 2022 ට වඩා 2023 ආර්ථික තත්ත්වය ඉතා පිරිහීමට ලක් වෙමින් ඇත. විශේෂයෙන්ම කර්මාන්ත අංශයේ කඩාවැටීම -23.4% කි. එහෙත් කෙතරම් බාධා හමුවේ වුවත් 2022 පළමු කාර්තුවේ කර්මාන්ත කඩා වැටී ඇත්තේ -3.7% කිනි. මේ අනුව රට ගොඩ යනවා කියන මුසාව ඔබ තවදුරටත් පිළිගත යුතුද?

    අපනයන ආදායම 2023 පලමු මාස පහේ (ජනවාරි -මැයි) ඩොලර් මිලියන 4,866 කි. එය 2022 එම කාල සීමාවේ ආදායමට වඩා 7.72% කඩාවැටීම කි. 2022 පළමු මාස පහේ ආදායම ඩොලර් මිලියන 5,273 ක් වී ඇත. ඒ අනුව 2023 පලමු මාස පහේ අපනයන ආදායමද සැලකිය යුතු ලෙස කඩා වැටෙමින් ඇත. මෙය ඉදිරි මාස කිහිපයේ තවත් දරුණු වන බවක් පේන්නට ඇත. පළමු මාස පහේදි විශේෂයෙන්ම කර්මාන්ත අපනයන ආදායම ඩොලර් මිලියන 4,277 සිට 3,825 දක්වා ඩොලර් මිලියන 452 කින් කඩා වැටී ඇත. කෘෂි හා වැවිලි භෝග අපනයන පමණක් 2022 පලමු මාස පහේ ආදායම ඩොලර් මිලියන 975 වන විට 2023 එම කාලසීමාවේදි ඩොලර් මිලියන 1,018 දක්වා ඩොලර් මිලියන 43 කින් ඉහළ ගොස් ඇත.

    රට ගොඩ යනවා නොවේ වළපල්ලට යනවා..​

    මේ අනුව බලන විට 2022 පලමු මාස පහට සාපේක්ෂව 2023 පළමු මාස පහ රට ගොඩ යන දිශාවට වඩා රට වළපල්ලට යන බව ඔබට පේනවා ඇති. මෙයින් පැහැදිලි වන්නේ මෙම පාලකයන් පැලැස්තර විසඳුම් කෙතරම් දුන්නත් සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට බලය ලබා ගෙන වසරක් ගත වන මොහොත වන විට වත් සමත් වී නොමැති බව නොවේද ?

    මෙම පාලකයන්ගේ එකම විසඳුම තව තවත් ණය ගැනීම, තිබෙන සම්පත් විකිණීම, සහ මහජනයා මත හැකි තාක් වක්‍ර බදු පැනවීම පමණි. එය ඔවුන්ගේ ආර්ථික දර්ශනය යි. මොවුන් සෑම විටම කරන්නේ පෝසතුන් තවත් පෝසත් කිරීමත් දුප්පතුන් තවත් දුප්පත් කිරීමත් ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පවා එය ඔබට පේන්නට ඇත . සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මත සම්පූර්ණ ණය බර පටවා බැදුම්කර වල ආයෝජනය කොට ඇති පෝසතුන් සහ ඔවුන් සතු පෞද්ගලික බැංකු ආරක්ෂා කිරීමට කටයුතු කොට ඇත. එසේනම්. ඔබ තවදුරටත් මේ පාලකයන් දෙසන්නාවූ මුසාබස් පිළිගන්නේ ද?

    කපටි පාලකයන් විශ්වාස නොකරමු...​

    මෙම කපටි පාලකයන් විශ්වාස නොකරමු. ඔවුන් ප්‍රතික්ෂේප කරමු. ලැබෙන පළමු අවස්ථාවේදීම මොවුන් ගෙන් මේ රට මුදවා ගැනීමට අදිටන් කර ගනිමු . ඒ සඳහා සූදානම් වෙමු. රට ගොඩනැගීමට හැකියාවක් ඇති, පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති රටේ පුරවැසියාට වගවෙන පාලනයක් බිහි කර ගැනීමට පෙළ ගැසෙමු. දැන් එයට සුදුසු කාලය යි.

    -ශාන්ත ජයරත්න​

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,687
    4,936
    113
    Minissu 90% tax gewalanam rata duwanne, ponila & anith wesige puttu monada karanne?

    Ethakota wena income sources me wesawa hoyanne na? Naya gannawa, e naya gewanna apen badu gahanawa..un athal eke innawa

    Oka karanna me wesige putha oneda?
     
    • Haha
    Reactions: haunte

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,760
    50,624
    113
    Minissu 90% tax gewalanam rata duwanne, ponila & anith wesige puttu monada karanne?

    Ethakota wena income sources me wesawa hoyanne na? Naya gannawa, e naya gewanna apen badu gahanawa..un athal eke innawa

    Oka karanna me wesige putha oneda?

    @monson HTTP, waren ponnaya
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,769
    2,626
    113

    කපටි පාලකයන් විශ්වාස නොකරමු...​

    මෙම කපටි පාලකයන් විශ්වාස නොකරමු. ඔවුන් ප්‍රතික්ෂේප කරමු. ලැබෙන පළමු අවස්ථාවේදීම මොවුන් ගෙන් මේ රට මුදවා ගැනීමට අදිටන් කර ගනිමු . ඒ සඳහා සූදානම් වෙමු. රට ගොඩනැගීමට හැකියාවක් ඇති, පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති රටේ පුරවැසියාට වගවෙන පාලනයක් බිහි කර ගැනීමට පෙළ ගැසෙමු. දැන් එයට සුදුසු කාලය යි.
    දැන් කවුද එහෙම ඉන්නේ ?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,769
    2,626
    113
    monawada??
    රට ගොඩනැගීමට හැකියාවක් ඇති, පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති රටේ පුරවැසියාට වගවෙන පාලනයක් බිහි කර ගැනීමට පෙළ ගැසෙමු. දැන් එයට සුදුසු කාලය යි.

    ඔන්න ඔහම එවුන් .
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,776
    8,927
    113
    Ursa Major
    I heard this song with another tune during the Gotas' campaign. Ah, Chingalu is known for short term memory loss and is easy to turn with a nice speech with big numbers, bleaker the speech, the better the chances.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    8,919
    5,425
    113
    MEKA GODA YANNE NA
    INDIAN KARAYO denneth na ................
    Puluwan tharama ratin palayalla
     

    anonymousLKA

    Junior member
  • Jul 5, 2023
    76
    97
    18
    LK

    කපටි පාලකයන් විශ්වාස නොකරමු...​

    මෙම කපටි පාලකයන් විශ්වාස නොකරමු. ඔවුන් ප්‍රතික්ෂේප කරමු. ලැබෙන පළමු අවස්ථාවේදීම මොවුන් ගෙන් මේ රට මුදවා ගැනීමට අදිටන් කර ගනිමු . ඒ සඳහා සූදානම් වෙමු. රට ගොඩනැගීමට හැකියාවක් ඇති, පැහැදිලි දැක්මක් සහ වැඩපිළිවෙළක් ඇති රටේ පුරවැසියාට වගවෙන පාලනයක් බිහි කර ගැනීමට පෙළ ගැසෙමු. දැන් එයට සුදුසු කාලය යි.
    තැරි දාර ජෙප්පට වටේ යන්නේ නැතුව කෙලින් කියන්න කියපන්

    https://sinhala.lankanewsweb.net/06/28/21137/

    https://theleader.lk/featured/16307-450

    මුගේ opinion දෙක තුනක් බැලුවම අපරාදේ comment එක කියලත් හිතුන.
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    50,760
    50,624
    113
    ඔන්න ඔහම එවුන් .

    ශාන්ත ජයරත්න kiyanneth පෙළ ගැසෙමු kiyala, mama hithanne utath danne neha kawuda inne kiyala​


    තැරි දාර ජෙප්පට වටේ යන්නේ නැතුව කෙලින් කියන්න කියපන්

    https://sinhala.lankanewsweb.net/06/28/21137/

    https://theleader.lk/featured/16307-450

    මුගේ opinion දෙක තුනක් බැලුවම අපරාදේ comment එක කියලත් හිතුන.

    ශාන්ත ජයරත්න jeppanta kade gihinda?????​

    ------ Post added on Jul 19, 2023 at 8:32 PM