හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා (PSO) ලවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක (CI) මාධව ගුණවර්ධනට දුරකතන ඇමතුමක් දෙමින් දැනට අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන් සමඟ දුරකතනය මාර්ගයෙන් කතාකිරීමට අවස්ථාව දෙන මෙන් බලපෑම් කර ඇත.
රනිල් ගේ නියෝගය මත මේ ඇමතුම ලබාගෙන ඇත්තේ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ විසිනි. ඒ සඳහා භාවිතා කර ඇත්තේ අංක 0777 --- --- දරන රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික දුරකතනය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ඔස්සේ අපට වාර්තා වෙයි. (සම්පූර්ණ දුරකතන අංකය අප සතු වුවත්, විමර්ශනවලට බාධා විය හැකි බැවින් පළ නොකරමු.)
“පිල්ලෙයාන්ට ෆෝන් එක දෙන්න!”
- - - - - - - - - - - -
දුරකතනය ඔස්සේ CID ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව ගුණවර්ධන ඇමතූ CI ආරියවංශ පවසා ඇත්තේ අත්අඩංගුවේ පසුවන පිල්ලෙයාන්ට කතාකිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍යව ඇති බැවින් පිල්ලෙයාන්ට වහාම පොලිස් නිලධාරියාගේ දුරකතනය ලබාදෙන ලෙස ය.
මේ ඉල්ලීමට තරයේ විරුද්ධ වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියවංශ කියා ඇත්තේ තමන් භාරයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට තමන්ගේ දුරකතනය ලබාදීමට හැකියාවක් නැති බවත්, එසේ ඉල්ලීමක් කිරීම පවා නීති විරෝධී බවත් ය.
සීඅයිඩී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ නීති විරෝධී බලපෑම සම්බන්ධයෙන් රාජකාරිමය සටහනක් දමා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කිරීමට නියමිත බව ද අපට වාර්තා වේ.
Last edited: