රනිල් තවත් රට අල කලොත් ජනතාව බලය දුන්නත් මාලිමාව රට බාරගන්නේ නෑ..

Romesh Ranjan

Well-known member
  • Dec 1, 2022
    346
    657
    93
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තියට අනුව මේ වන විට රට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට ඇද වැටෙමින් පවතින බව ජාතික ජන බලවේගය විධායක කමිටු සාමාජික හිටපු පලාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතා පවසයි.

    තවත් වසරක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙලෙස රට පාලනය කලොත් මාලිමාවේ ආණ්ඩුවක් බලයට පැමිණියත් රට ගොඩ නැගීමට අපහසු වන බවත් ඔහු සදහන් කලේය.

    එවිට ආණ්ඩු බලයක් ලැබුණත් ජාතික ජන බලවේගය භාරගැනීමට සූදානම් නැති බවත් ඊට පෙර රටේ ජනතාව මාලිමාවට බලය ලබා දිය යුතු බවත් හෙතෙම කියා සිටී.

    රනිල් වික්‍රමසිංහ මහතා විනාශ කළ රට නැවත ගොඩ ගැනීමට නොහැකි අවස්ථාවක රට භාර ගතහොත් රටේ මිනිස්සු මාලිමාවේ සාමාජිකයන්ටද පහරදෙනු ඇති බවත් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,830
    1
    4,185
    113
    Unknown
    රනිලා උට ඕන දේ කරනවා
    ඕකා ඉන්න කාලෙක චන්දයක් නම් කොහොමත් තියන්න වෙන්නේ නෑ