රනිල් ව්‍යවස්ථාව කඩල, පොලිස්පති පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි - අනුර කුමාර -

madhawavish

Well-known member
  • Sep 18, 2014
    5,877
    1
    2,814
    113
    the universe
    රනිල් ව්‍යවස්ථාව කඩල, පොලිස්පති පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි - අනුර කුමාර -
    .
    (ලංකා ඊ නිව්ස් -2024.මාර්තු.04, ප.ව.10.30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අරඹා ඇත්තේ ජාතික ජන බලවේගයට පහර දීමේ අරමුණින් ප්‍රචාරක ආයතන තුනකට කොන්ත්‍රාත්තු බාරදීමෙන් බවත් විශේෂයෙන් 1988, 1989 කාලය පිළිබඳව සහ මැයි 09 වැනිදා සිදුවීම් පිළිබඳව ව්‍යාජ තොරතුරු උලුප්පමින් ජනතාව අත මඩ ප්‍රචාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අනාවරණය කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යනුවෙන් රන්තපුර දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ නායක අනුර දිසානායක,

    “අපට දැන් ප්‍රධාන වැඩකොටස් දෙකක් තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක මේ රට හැදීම. දීර්ඝ කාලයක් මේ රටේ පාලකයන්, දේශපාලන අධිකාරිය විසින් අපේ රටට උරුමකර දී තිබෙන්නේ විනාශකාරී තත්වයක්. ඔවුන් බලයේ හිටියොත් අපට ඉතිරි කරන්නේ විනාශකාරී අනාගතයක්. එය තවදුරටත් අත්හදා බලන්න වුවමනා නැහැ. අපි හැමෝම පොරබදන්න ඕනෑ සුබදායී අනාගතයක් වෙනුවෙන්. ඒ සඳහා මෙතක් ගමන් කළ දේශපාලන මාවත වෙනුවට නව දේශපාලන ගමන් මාවතකට අවතීර්ණ කළ යුතුමයි. අපි බලය ලබාගත යුතුමයි. මේ අවුරුද්දේ ඔක්තෝබර් අවසන් වෙන විට ලංකාවේ තිබෙන්නේ අලුත් ආණ්ඩුවක්. දැන් ඡන්දේ පැවැත්වීම ගැන අවිනිශ්චිතව සිතන්නේ ඇයි? පළමුවෙනි වතාවට රටේ ‘බලය’ උඩ ඉන්න දූෂිත ප්‍රභූ තන්ත්‍රයෙන් පොදු ජනතාව අතට මාරුවීමට නියමිතව තිබෙන නිසා. ඒගොල්ලෝ මෙතෙක් ඡන්දේ කල්දැම්මේ බලය එයාලට අහිමිවෙයි කියන බයට. මේ එකතුවෙලා ඉන්න ගැහැනු දකින කොට දැන් ඡන්දේ කල්දාන්න කොහොමත් බයයි.

    ප්‍රචාරක ආයතන තුනකින් මඩ සැලසුම මෙන්න..​

    ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙන ජනතාවගේ සැඩපහර විශාලයි. ඒ නිසා නයි මුගටි එකට එකතු වෙමින් ඉන්නවා. හැමෝම එකතු වෙලා අවලාද අසත්‍ය චෝදනා එල්ල කරනවා. රනිල් වික්‍රමසිංහ එයාගේ ප්‍රචාරක සැලැස්ම සැලසුම් කර තිබෙනවා. ඒ සැලසුමට ලංකාවේ තිබෙන ප්‍රචාරක ආයතන තුනක් තෝරාගෙන තිබෙනවා. ඒ ප්‍රචාරක සැලැස්මේ තිබෙන්නේ අපි ගැන කියන්න. අපි ගැන කියන කෑල්ල හදන්න දීලා තිබෙන්නේ අපේ කෙනෙකුට. රනිල් වික්‍රමසිංහ හදන ප්‍රචාරක දැන්වීම්වල කරුණු තුනක් තිබෙනවා. එකක් 88-89 හා මැයි මාසයේ 09 සිදුවීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ප්‍රචණ්ඩකාරී ඉතිහාසය අත්හැර නොමැති බවට ප්‍රචාරයක් හදන එක. මැයි මාසයේ 09දා ගිනිතැබීම්වලට සම්බන්ධ වූවන්ගේ නාම ලේඛනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ නාම ලේඛනයේ තිබෙනවා ඒ හවුල් වූ අයගේ දේශපාලන සබඳතාවය. වැඩිම සම්බන්ධතා තිබෙන්නේ පොහොට්ටුවේ අයට. මේ හදන්නේ නැවත අතීතයක් අවුස්සලා ජවිපෙ ගැන බියජනක චිත්‍රයක් හදන්න.

    ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරු පස්දෙනාම අධිකරණයෙන් වැරදිකරුවන් කළ අය..​

    ඒ වගේම මේය අය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. දැනට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරු පස්දෙනාම ප්‍රජාතන්ත්‍රවාදයට, නීතියට විරුද්ධව වැඩ කරපු අය. පස්දෙනාම අධිකරණයෙන් වැරදිකරුවන් වී තිබෙනවා. පාර්ලිමේන්තුව අසල තිබෙන ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරාගෙන තමන්ගේ මිතුරෙකුට දීම සම්බන්ධව අධිකරණයෙන් වැරදිකරු වී චන්ද්‍රිකාට දඩයකුත් ගැහුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආර්ථිකය බංකොලොත් කර කඩා වැට්ටවීමේ වරදට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළා “ආර්ථික ඝාතකයෝ” කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ව්‍යවස්ථාවෙන් එයාට බලයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් හත්දෙනෙක් තීන්දු කළා එය ව්‍යවස්ථාවට පටහැණි බවට. ඊළඟට පාස්කු ප්‍රහාරයේදී ජනාධිපතිවරයා ලෙස තමන්ට පැවරී තිබෙන වගකීම ඉටුකිරීමට අසමත් වූ නිසා, එම වරදට දශලක්ෂ සියයක (කෝටි 10ක) වන්දියක් නියම කළා. මෛත්‍රීපාල සිරිසේන තමන් කැබිනට් මණ්ඩලයේ ඉන්න අතරෙ තමන් විශ්‍රාම යනකොට තමන්ට වුවමනා ගේ කැබිනට් මණ්ඩලයේ තමන්ම ඉඳගෙන අනුමත කරගත්තා. ඒවට රනිල් වික්‍රමසිංහ අත ඉස්සුවා. සජිත් අත ඉස්සුවා. මෛත්‍රීපාල සිරිසේනට විශ්‍රාම ගොස් ඉන්න කොළඹ වටිනාම විශාල ගෙයක් දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නා ඒ ගේ එයාට අයිති නැහැ කියලා. නිවසෙන් එළියට ඇදල දැම්මා. ලැජ්ජා නෑ මේ අයට. ඊයේ පෙරේදා රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයා පත් කළා. එම පත්කිරීම ව්‍යවස්ථා විරෝධියි. ව්‍යවස්ථා සභාවේ පස්දෙනෙක් අනුමත කරන්න ඕනෑ. ව්‍යවස්ථා සභාවේ හතර දෙනෙක් අනුමත කළා. දෙන්නෙක් විරුද්ධ වුණා. දෙන්නෙක් නිහඬව හිටියා. ඡන්ද ප්‍රමාණය සමාන වුණොත් කථානායකවරයාට තීරක ඡන්දයක් තිබෙනවා පාවිච්චි කිරීමට. මෙතන ඡන්ද සම නැහැ. නමුත් කළේ කථානායකවරයා පක්ෂ බවට ඡන්දයක් දී පොලිස්පති පත් කළා. මේ පත්කිරීම ව්‍යවස්ථාවට පටහැණියි. මහ දවල් අමු අමුවේ ඒ විදියට නීති කඩන, ව්‍යවස්ථාවට පටහැණිව කටයුතු කරන අය ප්‍රකාශ කරනවා, “ජාතික ජන බලවේගය ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙයි” කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කඩන්නේ, මහා පරිමාණ අපරාධකාරයෝ, දූෂිතයෝ ආරක්ෂා කරන්නේ ඒගොල්ලෝ. රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක සැලැස්ම තුළ තිබෙනවා, ජාතික ජන බලවේගය පිළිබඳ ජනතාව බියවැද්දීම.

    රනිල් රට වැට්ටුවේ මෙහෙමයි..​

    එයාගේ සැලැස්මේ දෙවැන්න ලෙස තිබෙන්නේ ජනතාව රැවැට්ටීමට ගන්න උත්සාහයක්. “මේ රට කඩා වැටී තිබෙන වෙලාවක්. මේ වෙලාව අලුත් අය ගෙනැවිත් අත්හදා බලන්න හොඳ වෙලාවක් නොවෙයි. අමාරු වෙලාවක්.” ඒ කියන්නේ පුරුදු අය වුණු රනිල්ලාටම දෙන්න කියන එකට මතයක් ගොඩනැගීම. ඒ ගොල්ලෝ කවුද? මේ ආර්ථිකය වට්ටපු අය. අපේ රටේ ඩොලර් හිඟයක් ඇතිකරපු, නිෂ්පාදනය කඩා වට්ටපු අය. ඇඹිලිපිටියේ දශක ගණනාවක් පැරණි කඩදාසි කම්හලට ඉතා හොඳ මාර්කට් එකක් හදා තිබුණා නම් අද ලෝකයේ දියුණුතම ෆැක්ටරියක් වෙන්න තිබුණා. රනිල් වික්‍රමසිංහගේ බියගම ආසනයේ පොහොර ෆැක්ටරිය තිබුණා. 1982 යුරියා මෙට්‍රි ටොන් 50,000ක් පාකිස්ථානයට විකුණුවා. අද වගාවන්ට මේ පොහොර ප්‍රශ්නය කොතරම් බලපානවාද? ඒ ෆැක්ටරි විනාශ කළා මේ රනිල් වික්‍රමසිංහලා. හිඟුරාන, කන්තලේ සීනි ෆැක්ටරි තිබුණා. තුල්හිරිය, මත්තේගොඩ, පූගොඩ රෙදිකම්හල් තිබුණා. ඒව විකුණලා වහලා දැම්මා. මේ ආර්ථිකය හදපු අය නොවෙයි. ආර්ථිකය කාබාසිනියා කරපු අය. ලෝකේ කොහේවත් රටක් වට්ටපු අය රටක් ගොඩ අරගෙන නැහැ. රටවල් ගොඩනගලා තියෙන්නේ රට වට්ටපු අය පලවා හැරලා අලුත් කණ්ඩායමක් බලය අරගෙන.

     
    • Like
    Reactions: Kumbhakarna22

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    5,877
    1
    2,814
    113
    the universe

    ගණිතය නොවෙයි සමාජ විද්‍යාව..​

    රනිල්ගේ කැම්පේන් එකේ අනෙක් තර්කය තමයි, 3% කොහොමද 51% වෙන්නේ කියන ගණිතය. ගණිතය අනුව නම් හිතන්නවත් බැහැ තමයි. එහෙත් දේශපාලනය කියන්නේ ගණිතය නෙවෙයි. ගණිතය අනුව නම් 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය තවත් ජනාධිපති වෙලා ඉන්න ඕනෑ. තුනෙන් දෙකක් ගත් මහින්ද රාජපක්ෂ තවත් අගමැති වෙලා ඉන්න ඕනෑ. දේශපාලනය කියන්නේ සමාජ විද්‍යාව. මිනිස්සු කොහොමද නැගිටින්නේ? ප්‍රශ්න ඇති වෙන්නේ කොහොමද? ප්‍රශ්න දරාගන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? අද රට පුරා තිබෙන හඬ “මේ රට විනාශ කළ පාලකයන් පළවා හරින්න ඕනෑ” කියන හඬ; ඒක ගණිතය නොවෙයි. සමාජ විද්‍යාව. මිනිස්සු සිතන මතන ආකරය වෙනස් වෙලා තිබෙනවා. එළඹෙන මැතිවරණයේදී ගණිත විද්‍යාවෙන් විතරක් නොවෙයි, සමාජ විද්‍යාවෙනුත් ජයග්‍රහණය කරන්නේ ජාතික ජන බලවේගය බව පැහැදිලියි.

    ඒගොල්ලෝ අපට විරුද්ධව එකතු වෙනවා. ඒගොල්ලන්ගේ සල්ලි යොදවලා, රූපවාහිනීවල, පත්තරවල දැන්වීම් දාලා මේ කිවුව වර්ගයේ ප්‍රචාරක සැලසුමක් හදා තිබෙනවා. ඒ වගේම විවිධ පන්නයේ අවලාද ගහනවා. එවැනි කිසිදු අවලාදයකට පිළිතුරු දෙන්න අපි අපේ කාලය මිඩංගු කරන්නේ නැහැ. අවලාද, මඩ ගහලා ජාතික ජන බලවේගය දුර්වල කරන්න තිබූ කාලය පැනලා ඉවරයි. අපට එරෙහිව සියල්ල සැලසුම් කර තිබෙනවා. නමුත් අසාර්ථකයි. අපි, බලය අත්පත් කර ගැනීම සඳහා අපේ ගමන අපි යමු. ඒකේ ප්‍රධානම කොටසක්, අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් තමයි කාන්තාවන්ගේ අවදිවීම. දෙසැම්බර් 30වැනිදා එතෙක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම කාන්තා නැගිටීම මාතරදී පෙන්නුවා. එගොල්ලන් වැඩියෙන් කලබල වුණේ ඒකට. ඒගොල්ලන් හිතුවා දේශපාලනය පිරිමින්ගේ වැඩක් කියලා. ඔවුන් සිතුවේ කාන්තාවන් සක්‍රීයව දේශපාලනයට එන්නේ නැහැ, දේශපාලනය තමන්ගේ භූමිකාවක් ලෙස තේරුම් ගන්නේ නැහැ කියලා. කාන්තාව හැම වෙලාවෙම පිරිමි පාර්ශ්වය දේශපාලනයේ තියලා කාන්තාව නිහඬව සිටියා. ඒ ගොල්ලන් හැමදාම හිතුවා අපේ ගැහැනුන් පීඩාවට පත්කරලා, අසරණභාවයට පත්කරලා, ඒ අසරණභාවයෙන් මිදෙන්න මොනවා හෝ දීලා හරවා ගන්න පුළුවන් වෙයි කියා.

    අද ඉන්නේ අලුත් ජනතාවක්..​

    රනිල් වික්‍රමසිංහගේ අලුත් වැඩපිළිවෙළ තමයි අස්වැසුම, හාල් කිලේ 20ක්, ඉඩම්වලට ඔප්පු දීලා ජනතාව රැවැට්ටීම. මේ ගණන් හදන්නේ පැරණි ජනතාව ගැන හිතලා. අද ඉන්නේ අලුත් ජනතාවක්. ලෝක ඉතිහාසයේ මෑත කාලයේ ජනතාව පාරට ඇවිත් මාස හත අටකට වැඩි කාලයක් අඛණ්ඩව උද්ඝෝෂණය කරලා, රත්නපුර, මාතර, අනුරාධපුර, ගෝල්ෆේස් පිටියේ රටපුරාම ජනතාව එළියට බැහැලා පාලකයා පළවා හැරියා. දැන් ඉන්නේ ලෝක ඉතිහාසයේ වාර්තාවක් තැබූ ජනතාවක්. රනිල් වික්‍රමසිංහලා තේරුම් ගන්න ඕනෑ එදා හිටපු ජනතාව නොවෙයි අද ඉන්නේ කියලා.

    ඔබ කොතරම් ඉවසුවාද? තවදුරටත් අපේ රටේ ගැහැනිය මේ අසාධාරණය, අයුක්තිසහගත තත්වය ඉවසිය යුතු නැහැ. නැතිබැරිකම ඉවසිය යුතු නැහැ. දැන් ඉවසීමේ සීමාව පැනලා තිබෙන්නේ. ජාතික ජන බලවේගය සැලසුම් කර තිබෙනවා මේ පීඩාවට පත්වූ කාන්තාවන් එකට ඒකාබද්ධ කරලා, අපේ රට අලුත් දිසාවකට ගෙනයාමේ මාවත නිර්මාණය කරන්න. මෙහි ප්‍රධානම පංගුකරුවන් වන්නේ ඔබ. ලංකාවේ ගැහැනිය සක්‍රීයවම දේශපාලනයට ඇවිත් තිබෙනවා. ඒ ඇවිත් තිබෙන්නේ ජාතික ජන බලවේගය සමග.

    තව මාස හතයි තිබෙන්නේ. හමුවෙන හැමෝටම කතා කරන්න. දැනුවත් කරන්න. ඔබ මොනතරම් ප්‍රමාණයකට ගමේ සක්‍රීය වෙනවාද? ඔබ තව කෙනෙක් දිනාගන්න උත්සාහ කරනවාද? ඒ ප්‍රමාණයටයි අපි ජයග්‍රහණයට කිට්ටු කරන්නේ. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයේ වැඩිම පංගුව රඳා පවතින්නේ ඔබගේ මැදිහත්වීම සහ ඔබගේ සක්‍රීය දායකත්වය මත. සාඩම්බර කොටස්කරුවෙක්, ධෛර්යවන්ත ගැහැනියක්, අත්නොහරින කෙනෙක් බවට පත්වෙන්න. අපට මේ ජයග්‍රහණය අත්පත් කර ගත හැකියි. ඔබ මැදිහත් වන ප්‍රමාණයට ඔක්තෝබර් මස තිබෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්.

    අපි රට හදන්නේ මෙහෙමයි..​

    ඊට පස්සේ මේ රට හදන්න ඕනෑ. පළමුවෙන්ම පුරවැසියන්ගේ ආහාර ප්‍රශ්නය විසඳන්න ඕනෑ. ජනතාවගේ ආහාර අවශ්‍යතාවයට විසඳුම් දෙන්න ඕනෑ. එතකොට සහනාධාර ගැන අහනවා. මතයක් හදනවා සහනාධාර නරක දෙයක් කියලා. ලෝකයේ සෑම රටකම සහනාධාර දෙනවා. ප්‍රංශයේ, එංගලන්තයේ අපට වඩා සහනාධාර දෙනවා. ලෝකයේ සෑම රටකම ආර්ථිකයක් එක්ක ගැට නොගැසුණු දිළිඳු ප්‍රජාවක් ඉන්නවා. ඒ අයට සහනාධාර දෙන්න ඕනෑ. හැබැයි සහනාධාරවල හිර කරන්න නොවෙයි.

    ආදායම් වැඩි කරගන්නේ මෙහෙමයි..​

    අපි ආණ්ඩුව ගත් විගසම දරුවාගේ අධ්‍යාපනය සහතික කරනවා. අධ්‍යාපනයය ලබාදීම ආරම්භයේ සිටම ගුරුවරු, පාසල් උපකරණ, අභ්‍යාස පොත්, දුප්පත් පාසල්වලට දිවා ආහාර වේලක් ලබාදීම අපි සැලසුම් කරනවා. රනිල් කියන විදියට 2015 ඉපදුන දරුවට පළමු වසරට ඇතුළත් වෙන්න 2048 වෙනකල් ඉන්න කියනවද? ඒ වගේම සෞඛ්‍ය පහසුකම් සපයන්න අවශ්‍යයි. ඔපරේෂන් එකක් කරන්න බලන් ඉන්න රෝගියාට 2024 වෙනකල් ඉන්න කියන්න පුළුවන්ද. රනිල් වික්‍රමසිංහ කල්පනා කරන්නේ එහෙම. ආහාර පාන, අධ්‍යාපනය, සෞඛ්‍යය අපේ පාලනයකදී කඩිනම් සහන ලෙස ලබාදෙන බවට තහවුරු කරනවා. මේ අවශ්‍යතා තහවුරු නොකර රටක් ගොඩගත නොහැකියි. රනිල් ආර්ථිකය හැදුවා කියනවා. කන්න බොන්න නැතුව බෙහෙත් ටික නැතුව දරුවට අධ්‍යාපනය නැතුව ගොඩදාපු ආර්ථිකය මොකක්ද? මේවාට මුදල් හොයාගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති. මුදල් හොයාගන්න විදිය අපි කියන්නම්. අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඊට අදාළ කණ්ඩායම් සමග සාකච්ඡා කළා. එහි නීතිවල, කාර්ය මණ්ඩලයේ, තාක්ෂණයේ වෙනස්කම් කරන්න තිබෙනවා. මේ වෙනස්කම් කළහොත් දැන් ලබන ආදායම දෙගුණයකින් වැඩි කළ හැකිව තිබෙනවා. කස්ටම් එකේ, සුරාබදු එකේ ආදායම් වැඩි කළ හැකියි. ජොන්ස්ටන්, දයා ගමගේ, ඇලෝසියස් මහ බැංකුවට පොලු තියපු අය. මේ ධනය එකතු කරගත හැකියි. මේ ආදායම් හරහා පුරවැසියන්ගේ ආහාර, අධ්‍යාපනය, සෞඛ්‍යය අපි තහවුරු කරනවා.

    ආහාර පාන අධ්‍යාපනය සෞඛ්‍ය විතරක් නෙවෙයි සමාජ සුරක්ෂිතතාවය, මානසික සුවය, රස වින්දනය ජනතාවට අවශ්‍යයි. ගෙදර අය එකට ඉඳගෙන දවසකට එක කෑම වේලක් හරි රසවිඳින්න ඕන නැද්ද? එහෙම ජීවිතයක් අපිට අවශ්‍ය නැද්ද? එවැනි සතුටින් ඉන්න ජනතාවක්, රටක් ගොඩනගන්න නව ආර්ථික සැලැස්මක් අපට ඕනෑ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ සාරවත් මහ පොළොවක් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් පෝෂණය කළ හැකි ප්‍රදේශයක්. අපි ගොවියාගේ ජීවිතය උසස් කිරීම සඳහා වූ අටවැදෑරුම් කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හදා තිබෙනවා. රත්නපුරයේ සම්පතක් වන මැණික් අගය එකතු කළ වටිනා සම්පතක් බවට පත් කිරීමට අපි සැලසුම් හදා තිබෙනවා. විශාල වශයෙන් ඇති තේ වගාව, ඒ සමග ජීවත්වන ජන ප්‍රජාව ගොඩනැගීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක ව්‍යාපාරය, නාවික කර්මාන්තය, නාවික කර්මාන්තයත් එක්ක ගොඩනැගෙන මැරයන් සර්විස් එක දියණු කරන්න අපි සැලසුම් සකස්කොට තිබෙනවා.

    නව පරිවර්තනයට උර දෙමු...​

    මේ සමාජයත් ආර්ථිකයත් නව පරිවර්තනයකට ලක් කිරීම සඳහා නව ආර්ථික වැඩ පිළිවෙළකට අපි අවතීර්ණ වෙන්න ඕනෑ. අපිට ඒ සඳහා පියවරයන් දෙකක් තිබෙනවා. පළමුව බලය ලබාගැනීම. බලය ලබාගත්තාට පසුව අපි සියල්ලන්ම එකතු වෙලා මේ රට ගොඩනැගීම. ගම්වල සිංහල, මුස්ලිම්, දෙමළ බෙදීම් තියා ගන්න එපා. කොළ පාට, නිල් පාට, රතු පාට බෙදීම් තියා ගන්න එපා. සමස්ත සමාජයම එකතු කර නව පරිවර්තනයට උර දෙමු. ඒ සඳහා ඔබ මැදිහත්වෙන්න.”

    (ලංකා ටෘත් අනුග්‍රහයෙනි)​

    රටේ තියෙන උත්තරීතරම නීතිය ව්‍යවස්ථාව ඒක මෙහෙම කඩනව නන් පිනට ඇවිල්ල..
    https://len-official.blogspot.com/2024/03/blog-post_4.html?