ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී සිදුකර ඇත්තේ ඝාතනයක් බවත් එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27) පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය.
මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල ලැබීය. මෙහි මරණ පරීක්ෂණය සිදුකළ කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය වෙඩි තැබීමෙන් සිදුවූ ඝාතනයක් බවය.
මේවනවිට මෙම සිදුවීම පිළිබඳව සීඅයිඩීය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
source - gossiplanka news
පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය.
මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල ලැබීය. මෙහි මරණ පරීක්ෂණය සිදුකළ කෑගල්ල අධිකරණ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙය වෙඩි තැබීමෙන් සිදුවූ ඝාතනයක් බවය.
ඒ අනුව විනිසුරුවරිය මෙම නියෝගය නිකුත් කර ඇත.මේවනවිට මෙම සිදුවීම පිළිබඳව සීඅයිඩීය පරීක්ෂණ මෙහෙයවමින් සිටී.
source - gossiplanka news