රඹුටන් චට්නි...

Malin Media

Well-known member
  • Apr 24, 2018
    61
    74
    63
    රඹුටන් චට්නි... අවශ්‍ය ද්‍රව්‍ය... * ලෙලි ඉවත් කර ගත් රඔුටන් ගෙඩි 25ක් * අබ, ගම්මිරිස් ,වියලි මිරිස් කුඩු ,කුරුඳු ,ඉඟුරු ,විනාකිරි, වතුර අඩු කෝප්ප බාගයක් . සාදන ක්‍රමය... පළමුව සෑදීමට ප්‍රථම අබ, විනාකිරි වලින් පැය දෙකක් පොඟවා ගන්න. මැටි වළඳක් ලිප තබා සීනි ස්වල්පයක් දමා caramel කරගන්න. ඉන්පසු වතුර අඬු කෝප්ප භාගය ද දමා ඉතුරු සීනි ද එක්කර හොඳින් උණු වූ පසු, අප විසින් මුලින් විනාකිරි දමා අඹරන ලද ( අබ,ගම්මිරිස් ,වියලි මිරිස් කුඩු ,කුරුඳු, ඉඟුරු) මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු එයට පොතු ඉවත් කර පිරිසිදු කරගන්නා ලද රඔුටන් ටික එකතු කරන්න .පදමට එනතුරු සකස් කර ලිපෙන් බාගන්න. දැන් ඔබට රසවත් පෙනුමකින් යුතු සහ සුවඳ හමන රඔුටන්චට්නි රස විඳිය හැක.. ලංකාවේ රඹුටන් වලට ගොඩක් ප්‍රසිද්ධ නගරය තමයි මල්වාන කියන්නේ. මැලේසියාව ,තායිලන්තය, වගේ රටවල රඔුටන් වගා කරනවා .යකඩ, ප්‍රෝටීන්, කැල්සියම් ,පොස්පරස් ,විටමින් බී, විටමින් සී ,මැග්නීසියම්, පොටෑසියම් වැනි පෝෂණ කොටස් වලින් රඹුටන් අන්තර්ගත වෙනවා. වැඩෙන දරුවන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට, රඹුටන්වලට පුළුවන්. මානසික ආතතිය දුරු කරන්නත් රඹුටන්වලට පුළුවන්. සම පැහැපත් කිරීමට ,හිසකෙස් ගැලවී යාම වැළැක්වීමටත් ,කදිම විසඳුමක් තමයි රඹුටන් කියන්නේ. රඹුටන් වලින් වයසට යාම පාලනය කරනවා, රඹුටන් වල අඩංගු විටමින් සී ,මගින් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා ,පණු රෝග වලට, බැක්ටීරියා ආසාදන වලට, රඔුටන් ආහාරයට ගැනීම හොඳයි. දිගටම කැස්ස තියෙන අයට නම් කන්න හොඳ නැහැ, ඇත්තටම රඹුටං කියන්නේ උෂ්ණාධික පලතුරක්.....


    Seee More Videos - https://www.youtube.com/channel/UCtsqmkwg-BebjNZEg6ofAcA
    01.jpg
    02.jpg