රවීට එරෙහි බැඳුම්කර නඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කරයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,022
    4,417
    113
    බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

    ඒ, රවී කරුණානායක ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි.

    2016 වසරේ මාර්තු මස 29 වැනිදා සහ 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකේ දී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

    --- Hiru
     
    • Haha
    Reactions: Thoththa_Baba

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    2,306
    3,446
    113
    @monson

    Mr Bean Thumbs Up GIF
     
    • Haha
    Reactions: Hasitha22