රාජපක්‍ෂලාගේ දේපල රාජසන්තක කරන්න යෝජනා කරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    38,448
    39,763
    113
    රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් චෝදනා අධිකරණය විසින් වරදකරුවන් කර ඇති පුද්ගලයන්ගේ දේපළ පිළිබඳ සොයා බලා ඒවා රාජසන්තක කළ යුතු බවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

    එය සිදුකිරීම සඳහා ලෝක බැංකුවේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් ලෝක බැංකුවේ සහාය ඊට ලබා ගත හැකි බවත් ඇය සදහන් කළාය.

    එම මුදල් ලබා ගත් පසු මෙරට ආර්ථිකයට යොදාගත හැකි බවත් ශ්‍රී ලංකාවේ ණය ගෙවා දැමීමට යොදා ගත හැකි බවද ඇය පෙන්වා දෙයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය, රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු හා පුද්ගලයන් හත් දෙනෙකු මෙරට ආර්ථිකය බිඳ වැටීමට වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව මාධ්‍යවෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.


    මේ වන විට එම හත් දෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවටත් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

    @2osama ta awulak naha, sgala rathnayakage room eka thiyenawa
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    11,896
    1
    25,180
    113
    Erozan's Mom's room
    කරනවා නම් හොඳයි. හැබැයි සේරම තියෙන්නේ දෙමල්ලුන්ගේ තම්බින්ගේ නම්වලට. කව්රුත් කවදාවත් හිතන්නේ නෑනේ නේද ? ;-)

    හැබැයි පොන්න රනිල් ඉන්නකන් නං වෙන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. birthday වලට, පුත්තුන්ගේ වෙඩින් වලට යන ගමන් උන් හොරාකාපුව හොයයිද ? බත්කන එකෙක්ට නං මුන් එකතුවෙලා රටට කරන දේ තේරෙන්න ඕනේ
     
    • Like
    Reactions: Lovtus and SLK_sri

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    5,966
    19,785
    113
    අනේ අන්තිම කාලේ මහින්ද මහත්තයා ඉන්න හිටින්න තැනක් නැතුව පාරට වැටෙයිද දෙයියනේ??? 😂
     
    • Haha
    Reactions: RATHUHAAMI