රෑ වැසිකිලි යන බව කියා අනියම් පෙමට ගිය බිරියට සැමියා මන්නෙන් කොටලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    36,760
    31,812
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රාත්‍රි කාලයේ දිනපතා කැළෑවට වැසිකිළි යාමට කියා නි‍වසින් බැහැරව යන විවාහක බිරිය කෙරෙහි ඇතිකර ගත් සැකය ඔස්සේ විමර්ශනයක යෙදුණු සැමියාට අනියම් පෙමෙක තොරතුරු හෙළි වීමෙන් කෝපයට පත් සැමියා බිරියගේ හිසට හා අත් දෙකටම මන්නයකින් කෙටීම හේතුවෙන් බරපතළ තත්ත්වයේ පසු වූ ඇය

    පෙරේදා (12) රාත්‍රියේදී පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.



    මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පොල්පිතිගම, තලාකොළවැව, ඇරෑපොළයාය ලිපිනයේ පදිංචි අවුරුදු 32ක් වයසැති විවාහක දෙදරු මවකි. ඇයට අවුරුදු දහයක හා අවුරුදු දෙකක දියණියන් දෙදෙනෙකු සිටින බවද පොල්පිතිගම පොලිසිය පවසයි. නි‍ෙවසේ සිට කැළෑවට වැසිකිළි ගියත් වැසිකිළි කරපු ස්ථානයක් පෙන්වන්නට කියා සැමියා ඉල්ලීම් කර ඇතත් එවැනි ස්ථානයක් පෙන්වීමට පවා ඇය අපොහොසත්වීම හේතුවෙන් සැකයෙන් පසු වූ සැමියාට පෙරේදා (12) රාත්‍රියේදීත් ඇය එලෙස කැළෑවට යාමේදී අනියම් සම්බන්ධතාවයක තොරතුරු හෙළිවීමෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් සැමියා බිරියගේ හිසෙහි දෙපොළකට හා මැණික් කටුව සීමාවෙන් බරපතළ ලෙසට කැපෙන්නට අත් දෙකටම මන්නයකින් කොටා ඇති බව පොලිසිය සඳහන් කරයි.

    තුවාල ලබා සිටි කාන්තාව පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. අවුරුදු 47ක් වයසැති විවාහක සැමියා සැකපිට පොල්පිතිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    පොල්පිතිගම - නන්දන කැලේග
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,228
    19,732
    113
    40
    ජොනිගෙ සංවර්ධනේ, ආසනේ උන්ට රෙන්ඩ කක්කුසියක්වත් නෑ
     
    • Haha
    Reactions: gnilukshi

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    17,363
    1
    56,013
    113
    Kaduwela
    නි‍ෙවසේ සිට කැළෑවට වැසිකිළි ගියත් වැසිකිළි කරපු ස්ථානයක් පෙන්වන්නට කියා සැමියා ඉල්ලීම් කර ඇතත් එවැනි ස්ථානයක් පෙන්වීමට පවා ඇය අපොහොසත්වීම හේතුවෙන්
    MPeit1.gif
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,061
    7,062
    113
    ජොනිගෙ සංවර්ධනේ, ආසනේ උන්ට රෙන්ඩ කක්කුසියක්වත් නෑ
    චන්දේ ලංවෙලා ලැට් පොච්චියක් දෙන්න ඉන්න ඇත්තේ.. නේද @2osama ගෙරි බයියෝ
     
    • Haha
    Reactions: lilman

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,481
    1
    8,179
    113
    පිස්සු රටක බොලව් අපි ඉන්නෙ

    එක්කො matrix scene එක හරි