රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා

weer 11

Well-known member
  • Jan 14, 2018
    1,431
    1,918
    113
    රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා - මියයන්න පෙර හෙළිදරව්වකුත් කරලා
    1626504377714.png


    හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසෙහි මෙහෙකාරකමෙහි යොදවා සිටිය දී සිරුරට ගිනි ඇවිලී සිදු වූ අබිරහස් අනතුරකින් රෝහල් ගත කර සිටි දැරිය පෙරේදා (15) මරණයට පත් වුණා.

    මිය යන විට ඇය පසුවූයේ 16 හැවිරිදි වියේ යි.

    පසුගිය 03 වැනි දා මෙම දැරිය දරුණු පිළිස්සුම් තුවාළ සහිතව රෝහල්ගත කර තිබුණා.

    ඇගේ සිරුරින් 70%කට වඩා ප්‍රමාණයක් දැඩි ලෙස පිළිස්සී තිබූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

    දැරියගේ සිරුරට ගිනි ඇවිලුණු අවස්ථාවේ දී බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු පිරිසක් ද නිවස තුළ සිට ඇති බව සඳහන්.

    මරණ පරීක්ෂණයෙන් හෙළි වූ ලිංගික අතවර

    මේ අතර මෙම දැරිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණක් මේවන විට අනාවරණය වී තිබෙනවා.

    දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇත්තේ මෙලෙස අබිරහස් මරණයකට ලක් වූ ඇය දිගු කාලයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව ඇති බව යි.

    මියයන විට 16 හැවිරිදි වියෙහි පසු වුවත් මන්ත්‍රීවරයාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා මෙම දැරිය රැගෙන විත් ඇත්තේ ඇයට වයස 15ක් වැනි කාලයක දී යි.

    ළමා මෙහෙකාර සේවය පිළිබඳ ගැටළුවක් ද ඒ හරහා මතු වී තිබෙනවා.

    මියයාමට පෙර දැරියගෙන් අනාවරණයක්

    ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති මෙම දැරිය හැටන්, ඩයගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

    මේ අතර මෙම දැරියගේ සිරුරට ගිනි ඇවිළුණු ආකාරය පිළිබඳව මෙතෙක් නිෂ්චිතව සනාථ වී නැහැ.

    කෙසේ වෙතත් දැරිය මිය යාමට පෙර වෛද්‍යවරුන් හට හෙළි කොට ඇත්තේ තමන් සිය සිරුරට භූමිතෙල් වත් කොටගෙන ගිනිතබාගත් බව යි.

    එහෙත් එලෙස සිදු කරගැනීමට හේතුවක් ඇය පවසා නැහැ.

    ගිනි තබාගත්තේ ලිංගික හිංසන නිසා ද?

    එලෙස සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට නම් කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුුුතු බව පොලීසිය පවසනවා.

    එමෙන්ම දිගු කලක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට දැරියගේ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇති පසුබිමක එම හේතුව නිසා ඇය දිවි නසා ගැනීමට උත්සහ දරා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

    කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව යි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

    බදියුදීන්ගේ බිරිඳගෙන් ප්‍රශ්ණ කරයි

    මේ අතර දැරියගේ මරණය සහ ඇයට සිදුව ඇති බව පැවසෙන ලිංගික අතවර සම්බන්ධයෙන් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසෙහි පදිංචිකරුවන්වන ඔහුගේ බිරිඳ සහ මව්පියන්ගෙන් මෙන්ම එම නිවසෙහි මෙහෙකාර සේවයේ නිරතව සිටින තවත් තරුණයෙකුගෙන් ද බොරැල්ල පොලීසිය විසින් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තා වෙනවා.

    එමෙන්ම බාලවයස්කාර දැරියක් මෙලෙස මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන් ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසෙනවා.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    5,270
    726
    113
    බලාපියව් එකෙක් හිරේ යන්නේ නෑ.
    ----------------------------------------
    තමන් ගිනි තියා ගත්තා කියලා කියන්නේ කොහොමද 70% ගිනිගත්තු මනුස්සයෙක් ? දේශපාලන බලය පාවිච්චි කරලා කටඋත්තරයක් ලියලා ඒ ළමයා කිව්වා කියලා.
    නඩුවෙන් වැඩක් වෙන්නේ නෑ. සල්ලි කීයක් හරි දෙවි. දුප්පත් අහිංසක මිනිස්සුන්ට කොහේ ගියත් අසාදාරණේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    17,894
    9,579
    113
    Colombo
    කෙල්ල මුස්ලිම් නම් උඹල බොරුවට දුක් වෙන්න එපා.. වැඩක් වෙන්නෙ නෑ.

    අර හිස ගසාදාල මරපු කෙල්ලට දුක් වෙලා පුක දුන්නට වැඩක් උනේ නෑනෙ.

    අන්තිමට කෙල්ලගෙ අම්ම කිව්වෙ ඒක අල්ලගෙ කැමැත්ත කියල. :lol:
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    5,089
    2,278
    113
    tracing Geo-location.. ... ...
    රිෂාඩ්ගේ ළමා මෙහෙකාරිය දූෂණය වෙලා

    කවුරුවත් දූෂණය කරලා වෙන්න බැරිද?

    කෙල්ල දූෂණය වෙලා කවුරුවත් කරලා නෙවෙයි කොහොම වෙලාද මන්ද කියලා තීන්දුවක් එන්නත් බැරි නෑ ඒකයි..
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,786
    3,172
    113
    දූශනේ වෙච්චි එක වහන්න මොකක් හරි පනතට චන්දෙ දෙන්න ඕනෙ හාද බෑද අහයි. ඊලග චන්දෙදි සප් එක දෙන්න ඕනෙ මොකෝ කියන්නෙ ඩීල් එකට කැමතිද අහයි.
    කොහොමත් විල්පත්තුවෙ එකට ගස් කපපු යාලුව දැන් ලොකු ඇමති නිසා දූශනේ වෙලා නෑ ඇගිල්ලෙ නියපොත්ත වැදිල හීරිලා කියල තීන්දු කොරයි
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,048
    1,102
    113
    බලාපියව් එකෙක් හිරේ යන්නේ නෑ.
    ----------------------------------------
    තමන් ගිනි තියා ගත්තා කියලා කියන්නේ කොහොමද 70% ගිනිගත්තු මනුස්සයෙක් ? දේශපාලන බලය පාවිච්චි කරලා කටඋත්තරයක් ලියලා ඒ ළමයා කිව්වා කියලා.
    නඩුවෙන් වැඩක් වෙන්නේ නෑ. සල්ලි කීයක් හරි දෙවි. දුප්පත් අහිංසක මිනිස්සුන්ට කොහේ ගියත් අසාදාරණේ.
    කෙනෙක් ගින්නකට අහු උනාම ඒ පිළිස්සුම් ප්‍රමාණය ප්‍රතිශතයක් හැටියට දක්වනවා. නමුත්, ඒක අපි සාමාන්‍ය එදිනෙදා කටයුතු වලදී ගණනය කරන ආකාරයේ ප්‍රතිශතයක් නොවෙයි. ඒ අනුව, 70% පිළිස්සුනා කියන්නේ මුළු ශරීරයෙන් 70% පිළිස්සුනා කියන එක නොවෙයි.

    1626505972201.png
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    18,711
    6,292
    113
    කෙල්ල මුස්ලිම් බන් උඹල බොරුවට දුක් වෙන්න එපා.. වැඩක් වෙන්නෙ නෑ.

    අර හිස ගසාදාල මරපු කෙල්ලට දුක් වෙලා පුක දුන්නට වැඩක් උනේ නෑනෙ.

    අන්තිමට කෙල්ලගෙ අම්ම කිව්වෙ ඒක අල්ලගෙ කැමැත්ත කියල. :lol:
    tamil. muslim nemei namee hatiyata.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,919
    31,714
    113
    එකමත් එක රටක
    මුන් මහ වල් බල්ලෝ.

    මේකට හරි ඔය යකා අවුරුදු 15-20ක් ඇතුලට දාගත්ත නම් රටට හොද්යි.
    මූ දැනටත් හිරේ නෙවෙයි ද බන්? මම හිතුවේ හිරේ ඉන්නේ කියලා
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,431
    1,918
    113
    මූ දැනටත් හිරේ නෙවෙයි ද බන්? මම හිතුවේ හිරේ ඉන්නේ කියලා
    අත් අඩංගුවට අරන් ඉන්නේ. අව් 2ක් ඇප නොදී අධිකරණය ට ඉදිරිපත් නොකර පරීක්ෂන මෙහෙයවන්න පුලුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    11,919
    31,714
    113
    එකමත් එක රටක
    අත් අඩංගුවට අරන් ඉන්නේ. අව් 2ක් ඇප නොදී අධිකරණය ට ඉදිරිපත් නොකර පරීක්ෂන මෙහෙයවන්න පුලුවන්.
    හිරේ ඉන්නේ මේ කේස් එකට නෙවෙයි නේ ?? එහෙනම් මූ බේරෙනවා මේකෙන්. :rofl: