රුසියානු හමුදාවට බැදුණ ලාංකිකයන් 465 දෙනා ඉවත් කරගැනීමට බාධාවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් 465 දෙනා හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් කර ඇති ඉල්ලීමට නීතිමය බාධාවක් මතුව ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනෙකුත් රටවල

    ඉල්ලීම් සමඟ පසුවට සලකා බලනු ලබනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියාව බලා ගිය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වූ රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ ආචාර්ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි.



    රුසියානු නීතිය අනුව ද්විත්ව පුරවැසිභාවය පවත්වාගෙන යා නොහැකි බවත් එම ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසියන් බවට පත් වී ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එහෙයින් රුසියානු පුරවැසියකු පුරවැසියකු පිළිබඳ තොරතුරු ඉල්ලීමේදී සීමාවලට යටත්වීමට සිදුවන බවද ඔහු පැවැසුවේය.කෙසේ වෙතත් රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු එරට බලධාරීහු ලබාදී නොමැති බවත් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර රුසියානු හමුදාවට බැඳී ඇති බවත් ආචාර්ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය හේතූන් මත පමණක් රුසියානු හමුදාවෙන් ඉවත් විය හැකි බව එහි කොන්දේසියක් ලෙස ඇතුළත්ව තිබී ඇතැයි ආචාර්යවරයා පෙන්වා දුන්නේය.



    රුසියානු හමුදාවේ විදේශිකයන් 10000 ක් පමණ සේවය කරන බවත් ශ්‍රී ලාංකිකයන්ට පමණක් 5 විශේෂ සැලකිල්ලක් දැක්වීම අපහසු බවත් ඔහු පැවැසුවේය.කෙසේ වෙතත් මැයි මාසයේ සිට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම රුසියාව නවතා ඇති අතර මියගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රූබල් මිලියන 13 බැගින් ගෙවීමට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5 ක් පමණ) රුසියානු රජය එකඟ වී ඇත.එසේම තුවාල ලැබූ සොල්දාදුවන් වෙනුවෙන් එක් අයෙකුට රූබල් ලක්ෂ 30 බැගින් (ශ්‍රී ලංකා 8. රුපියල් කෝටියක් පමණ) ගෙවීමට රුසියානු රජය කැමැත්ත පළ කර තිබිණි. තවද මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා එම ශ්‍රී ලාංකිකයන් පවුල්වල සාමාජිකයන්ට සහභාගී වීමේ අවස්ථාවද රුසියානු රජය ලබාදී ඇත.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,782
    113
    Kottawa
    තුවාල වුන අයත් ලංකාවට ඵන්න කැමති නැහැලු..පවුලේ උන් තමා නහයෙන් අඬන්නේ ගෙන්න ගන්න.
     
    • Haha
    Reactions: NuwanCK and Mr.dark

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,673
    2,022
    113
    මේක මාර ආතල් රටක් ඕයි. උන් මැරුණත් කමක් නැහැ කියල මෙහෙන් පැන ගන්න දගලනවා. මෙහෙ ඉන්න උන් උන්ගේත් කකුලෙන් අදිනවා,
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,471
    3,710
    113
    Speed force
    අවුරුදු 70 ක් රට කරපු කාටිටියගේ වැඩ තමයි. මෙහෙ ඉන්නවාට වඩා යුද්දෙකට ගිහින් මැරුණත් හොදයි කියලා හිතන්නේ. දැන් ඔය කියන විදියට කොටි 3-4 දුන්නොත් injured අයට මෙහෙ ඉන්න අනිත් උන් ටිකත් යන්න ගනිවි.:lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,976
    28,389
    113
    රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් 465 දෙනා හමුදා සේවයෙන් නිත්‍යානුකූලව ඉවත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව රුසියාවෙන් කර ඇති ඉල්ලීමට නීතිමය බාධාවක් මතුව ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉල්ලීම අනෙකුත් රටවල

    ඉල්ලීම් සමඟ පසුවට සලකා බලනු ලබනු ඇතැයි එම නිලධාරියා පැවැසුවේය. රුසියානු හමුදාවට බැඳී ඇති ශ්‍රී ලාංකිකයන් පිළිබඳ සාකච්ඡා කිරීමට රුසියාව බලා ගිය නියෝජිත කණ්ඩායමේ සාමාජිකයකු වූ රුසියාවේ හිටපු තානාපතිවරයකු වූ ආචාර්ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි ඇතැම් ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති බවයි.



    රුසියානු නීතිය අනුව ද්විත්ව පුරවැසිභාවය පවත්වාගෙන යා නොහැකි බවත් එම ශ්‍රී ලාංකිකයන් රුසියානු පුරවැසියන් බවට පත් වී ඇති බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය. එහෙයින් රුසියානු පුරවැසියකු පුරවැසියකු පිළිබඳ තොරතුරු ඉල්ලීමේදී සීමාවලට යටත්වීමට සිදුවන බවද ඔහු පැවැසුවේය.කෙසේ වෙතත් රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව පිළිබඳ තොරතුරු එරට බලධාරීහු ලබාදී නොමැති බවත් අනෙකුත් ශ්‍රී ලාංකිකයන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කර රුසියානු හමුදාවට බැඳී ඇති බවත් ආචාර්ය සමන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. වෛද්‍ය හේතූන් මත පමණක් රුසියානු හමුදාවෙන් ඉවත් විය හැකි බව එහි කොන්දේසියක් ලෙස ඇතුළත්ව තිබී ඇතැයි ආචාර්යවරයා පෙන්වා දුන්නේය.



    රුසියානු හමුදාවේ විදේශිකයන් 10000 ක් පමණ සේවය කරන බවත් ශ්‍රී ලාංකිකයන්ට පමණක් 5 විශේෂ සැලකිල්ලක් දැක්වීම අපහසු බවත් ඔහු පැවැසුවේය.කෙසේ වෙතත් මැයි මාසයේ සිට රුසියානු හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීම රුසියාව නවතා ඇති අතර මියගිය ශ්‍රී ලාංකිකයන් 17 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රූබල් මිලියන 13 බැගින් ගෙවීමට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 4.5 ක් පමණ) රුසියානු රජය එකඟ වී ඇත.එසේම තුවාල ලැබූ සොල්දාදුවන් වෙනුවෙන් එක් අයෙකුට රූබල් ලක්ෂ 30 බැගින් (ශ්‍රී ලංකා 8. රුපියල් කෝටියක් පමණ) ගෙවීමට රුසියානු රජය කැමැත්ත පළ කර තිබිණි. තවද මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ අවමංගල්‍ය උත්සව සඳහා එම ශ්‍රී ලාංකිකයන් පවුල්වල සාමාජිකයන්ට සහභාගී වීමේ අවස්ථාවද රුසියානු රජය ලබාදී ඇත.
    465 n kiyak still alive da?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,770
    18,496
    113
    මේකෙ ඉන්න පුටින් පැටවු ටිකත් පටවල යවන්න බැරි වෙයිද බන්?