රූ රැජිනක් සමග වැලිකඩට පැන ඇත්තේ ඇමති ලොහාන්. ඉල්ලා අස්වන්නැයි කියයි.

sam_sajith

Well-known member
  • May 25, 2009
    2,354
    4,124
    113
    අපේ ගොටභය ජනතිපති තුමාගේ දැක්ම යටතේ අපි පුෂ්පිකාව වැලිකඩ ජේලර් කරනවා , ලොහාන් ව බන්දනාගාර ඇමති කරනවා
    @erozan
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,104
    2,256
    113
    Oh My GAH
    526E0DAC-7DC4-4C1F-8E94-490254F54044.jpeg
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    10,369
    2,749
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිරේ ඉන්න උන්ට ඇමතිකම් දුන්නම ඔහොම තමයි. ලොහාන් ගැන දන්නෝ දනිති. කළිනුත් අර පැපුවා නිව්ගිනියා රගර් ප්ලේයර් කෙනෙක් වෙඩි තියලා මරලා දැම්මා ගෑනු කේස් එකකට. එදා ඇසින් දුටුවන් අතර පකිස්ථාන් ක්‍රිකට් ටීම් එකේ මොයින් කාණුත් හිටියා. කොහොමත් ඒ කේස් යට ගියා
     
    • Wow
    Reactions: Any.key

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,035
    1,012
    113
    පසුගියදා වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී කලබැගෑනියක් ඇති කර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇතුලූ පිරිසක් බව අද ‘ද මෝනින්’ පුවත්පත වාර්තා කරයි.

    ඒ ආකාරයෙන්ම ඔහු පසුගිය ඉරිදා සවස අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රඳවා සිටින කොටි සැකකරුවන් දෙදෙනකු ආයුධ පෙන්වා ඔහු ඉදිරියේ දණ ගස්වා ඇතැයිද වාර්තා කරයි.

    මෙම තොරතුරු දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම් මහතා ද තහවුරු කර ඇත. ඔහු ට්විටර් සටහනක් තබමින් කියා සිටින්නේ ලොහාන් රත්වත්තේ මහතා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් බවයි. එසේ නොවේ නම් රජය විසින් ඔහුගේ සියලුම ධුරයන් අහෝසි කළ යුතු බවත් ඔහු කියා ඇත.

    රජ්‍ය අමාත්‍යවරයා ධුරයෙන් නෙරපා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහුට එරෙහිව නඩු පවරන ලෙසත් දෙමළ ජාතික සන්ධානය ද රජයෙන් ඉල්ලා සිටී.

    වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස පැමිණ ඇති රථය පදවා ගෙන පැමිණ ඇත්තේ මෑතකදී පැවති ආන්දෝලනාත්මක රූ රැජින තරගයේ ජයග්‍රාහිකාවක බව ද එම වාර්තාව තවදුරටත් කියා සිටියි.

    කෙසේවෙතත් බන්ධනාගාර ලොහාන් රත්වත්තේ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ජනමාධ්‍ය විසින් වාර්තා කර ඇති සිදුවීම් කිසිවක් සිදුවී නැති නිසා ඒ පිළිබදව අදහස් දැක්වීමේ අවශ්‍යතාවයක්ද නැති බවයි.

    @erozan @N A K A M U R A @nicjosh83
    හරක්
    ඒ මනුස්සයා කරෙ moc drill එකක්. හදිස්සියෙවත් ගෑනු එක්ක ඇවිත් හිර කාරයන්ව බේරගන්න පුලුවන් ද කියලා බැලවෙ.
    මොකද එහෙම තත්ත්වයක් තියෙනවා කියන්නෙ එතුමාට හොද නෑ නෙ.
    බලන්න කාර්‍යශූර ඇමැති වරු.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,156
    407
    83
    38
    Moratuwa
    ඒ ගෑනි කොහොමද මේවට සම්බන්ධ වෙන්නේ....අරූගේ ගෑනිද?
    අරූ තියන් ඉන්නේ පුප්පිකාව ...චන්දිමාල් ලොහාන්ගේ ලොකු ෆිට් එකක්...ඉතුරු ටික ගලපා ගනින්
     
    • Wow
    Reactions: DiksonAlex