රොෂේන් සිල්වාගෙන් සුපිරි ද්විත්ව ශතකයක්.

wijaindu

Well-known member
  • Sep 15, 2012
    568
    605
    93
    රොෂේන් සිල්වාගෙන් සුපිරි ද්විත්ව ශතකයක්.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරන අන්තර් පළාත් සිව්දින ටෙස්ට් තරඟාවලිය ඊයේ ආරම්භවූ අතර කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරඟය සූරියවැවදීත්, දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරඟය කටුනායකදීත් ආරම්භවිය.

    ගාල්ල සහ කොළඹ අතර තරඟයේදී මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ලකුණු 476කට සියළුම ක්‍රීඩකයින් දැවී ගියා. එහිදී ලකුණු 22 කට කඩුලු 4ක් දැවී ගාල්ල කණ්ඩායම අසීරු අඩියක සිටියදී සබඳතාවක් ගොඩනැගූ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 236 ක් සහ නායක දසුන් ශානක ලකුණු 95ක් ලබාගැනීමට සමත්විය.

    මෑතකදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එක්වූ රොෂේන් සිල්වා ඉතා සාර්ථක ඉනිමක් දියත් කරමින් හතරේ පහරවල් 16ක් පමණක් සිය ඉනිමට ඇතුලත් කරමින් තාක්ෂණයෙන් සහ සංයමයෙන් හෙබි ඉනිමක් දියත් කිරීමට සමත්විය.

    පන්දු යැවීමේදී දිල්රුවන් පෙරේරා ලකුණු 106කට කඩුලු 3 ක්, කවීෂ අංජුල ලකුණු 52කට කඩුළු 2ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 147කට කඩුළු 2ක් ලබාගැනීමට සමත්විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකරන කොළඹ කණ්ඩායම දෙවන දිනය සඳහා තරඟය නතර කරන විට ලකුණු 104කට කඩුළු 2 ක් බිඳ වැටී පන්දුවට පහරදෙමින් සිටියි. ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 53ක් සහ ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 25ක් ලබාගෙන සිටියි. පන්දු යැවීමේදී දිල්ශාඩ් මොහොමඩ් සහ නිසල් තාරක කඩුල්ල බැගින් ලබාගෙන සිටියි.

    ඒ අතරම කටුනායකදී පැවැත්වෙන මහනුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර තරඟයේ මුලින් පන්දුවට පහරදුන් දිමුත් කරුණාතරත්නගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම සියළු දෙනාම දැවී ලකුණු 480ක් ලබාගැනීමට සමත්විය. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකල අශාන් ප්‍රිියන්ජන් හතරේ පහර 18ක් සමග ලකුණු 156 ක් සහ සචිත්‍ර සේනානායක හතරේ පහර 11 ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 105ක් ලබාගත්හ. එමෙන්ම දිමුත් කරුණාරත්න ලකුණු 71 ක් සහ මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය.

    පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 89කට කඩුලු 3ක් , ළහිරු කුමාර ලකුණු 105කට කඩුළු 3 ක් සහ චාමික කරුණාරත්න ලකුණු 80කට කඩුලු 2ක් බිඳහෙලීමට සමත්විය.

    දෙවනි දිනය නිමාවන විට පිළිතුරු ඉනිම පන්දුවට පහරදෙමින් සිටින මහනුවර කණ්ඩායම කඩුළු 3ක් දැවී ලකුණු 232ක් ලබා ඉතා ප්‍රබල ස්ථානයක පසුවේ. එහිදී මහේල උඩවත්ත හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 97ක් ලබාගැනීමට සමත්වූ අතර නොදැවී පන්දුවට පහරදෙන නායක නිරෝෂන් දික්වැල්ල ලකුණු 55ක් සහ පියුමාල් පෙරේරා ලකුණු 25ක් ලබාගෙන සිටියි.

    පන්දු යැවීමේදී ළහිරු ගමගේ සහ සචිත්‍ර සේරසිංහ කඩුළු 1 බැගින් ලබාගැනීමට සමත්විය. හෙට තරඟ දෙකෙහිම තෙවනි දිනය වේ.

    උපුටා ගැනීම - www.her.lk වෙබ් අඩවියෙන්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    22,574
    3,403
    113
    මේකෙත් තරුණ ක්‍රීඩකයෝ අඩුයි කියල තමා පේන්නේ. පරණ සෙට් එකම තමා ඉන්නේ.. :confused: