ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

shenat

Well-known member
  • May 13, 2007
    26,654
    22,975
    113
    ආශ්චර්යමත් රටක
    කට්ට කාපු ගමන් හැදිච්ච රටක් කොහෙද බන් තියෙන්නේ. මේ රටට කෙටිකාලීන විසඳුම් නැහැ. ඔක්කොම දීර්ග කාලින ඒවා තියෙන්නේ. කෙටි ඒවා කරන්න ගිහිල්ල තමයි දැන් කෙල වෙලා තියෙන්නේ. පොහොර ප්‍රශ්නේ උනත් එහෙමයි. දැන් රසායනික පොහොර නැතුව බැරි තැනටම රට හැදිලා. ඕක දැන් කාබනික කළා කියල ප්‍රතිඵල ලබන කන්නේ එන්නේ නැහැ. හරි ප්‍රතිඵල එන්න තව අවුරුද්දක් වත් යයි. ඒ වගේ තමයි ගොඩක් දේවල්.

    ඔය ටික ගිහින් කියපන් උබලගෙ ලොක්කොන්ට. අපි ඕව කියන්නෙ නෑ. ජෙප්පො කියන්නෙත් නෑ. කරන්න එපා, ඔහොම කරන්න බෑ කියල අපි කියන ටික ආයෙ අපිටම කියනවා. පුදුම ජීවිත මේවා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Gihanjs

    Active member
  • Aug 8, 2021
    102
    121
    43
    Gota enna kalinuth maara gammak thibbe kattiyata rata wenas wei kiyla.e hinda moodayo wage haminend epa anura anira gaga.chande dena eka wenama deyak.math anith unta wada anurata kmathi e unat too much giyamath chora wenawa.me awasthawe hatiyata wena wikalpayak nathi ekath aththa.e unata hodatama karai kiyala kauda danne
     
    • Like
    Reactions: ESL

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063

    අනුරට දෙන්න ඕන ප්‍රාදේශීය සභා පළාත් සභා ටිකක්. දීලා කරන හැටි බලලා එතනින් එහාට හිතන්න ඕන. එකපාරට කොහෙවත් ඉන්න එකක් ජනාධිපති කරලා ඉතින් ආතල් එකක් අරන් නිකන් ඉන්න තමා වෙන්නේ.
     
    • Like
    Reactions: Gihanjs

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    194
    295
    63
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.

    LankaCnews හි පලකරන ලද කමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි.

    "නාමල් මහත්තයෝ මේ රටේ ජනතාව අපහසුකාලයක් ගතකරන්නේ ඔබ පවුලේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපල . බොහෝ ආයතන ඔබලා බාවිතාකලේ ඔබලාගේ පවුලේ දේපල වගේ .ඒවා අද කිසිවෙකුට ගොඩ ගැනීමට නොහැර්කි තරමටම පත්වෙලා. ශ්‍රීලංකා ගුවන්සේවය දිනකට බිලියන් ගනනින් පාඩු ලබමින් පවත්වාගෙන යන්නේ පවුලේ හිතවතුන්ට මුදල් උපයාගැනීමට සහ තම පවුද්ගලික ගුවන් ගමන් සදහා . මේවා කිසිදිනක විකුනා ගැනීමට ඉඩදෙන්නේ නෑ . මීට කලින් පැවති ඔබලාගේ පාලන කාලයේදී ගුවන් සේවා ඇමති උනේ ප්‍රියංකර ජයරත්න. ඔහු නාමික ඇමති පමනයි. ඔහුට අඩුම තරමින් ගුවන් තොටුපොලට කම්කරුවෙක්වත් පත්කිරීමට නොහැකි උනා කියල ඔහුම කීවා. මේක එක් උදාහරනයක් පමනයි .අදටත් සිදුවන්නේ එයමයි ජනාධිපති ට කිරීමට දෙයකුත් නෑ ."

    ඕව විතරක් නෙවෙයි ගම් වල මන් තීරු හදන වගේ වැඩ කොච්චර තියෙනවද බන්. ඔය ගම් වල මන්තීරු හදන සල්ලි වලින් ගම් වලට වතුර ටිකක් දෙන්න , අලි වැට ගහන්න වගේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද?

    මේ දවස් ටිකේ සුදු ලූණු ගෙඩියෙ ඉදන් සීනි ඇටේ වෙනකන් කරපු වන්චා ගැන තමයි news වලට යන්නෙ. ඔය හොරකන් ටික නැවැත්තුව නන් රට දියුණු කරන්න අමුතුවෙන් දෙයක් කරන්න නෑ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    1,846
    2,386
    113
    මැදමුලනේ ගූවලේ බැහැල ගූ කන බයියන්ට ඉතින් ගූවලට වඩා ලෝකයක් තියෙනවද :lol:
     
    • Dislike
    Reactions: ESL

    Saditha De Silva

    Junior member
  • Apr 12, 2011
    25
    36
    13
    Brisbane
    මං දැකපු දෙයක් තමයි මචන්ලා මුන්ගේ මේ සක්කිලි ගේම් එක සහ සිස්ටම් එක අවුරුදු 20ක් විතර තිස්සේ Pinnacle මට්ටමෙ තිබිලා දැන් රටේ දූශිත ජනාධිපතිවරු, මැති ඇමැති වරු, රාජ්‍ය නිලධාරින් ට අමතරව දූශිත පාදඩ පන්තියක් මුන් මහජනතාවගෙන්ම බිහිකරගෙන තියෙනවා.. උදාහරණයක් විදියට ඔය ප්‍රාදේශිය සභාවක මන්ත්‍ත්‍ක්රිෙන් කෙනෙක් ගාව උනත් ඉන්න වටපඩයො ටික දිහා බලපං. ඌට වඩා ඌශ්නෙ තියෙන්නෙ උන්ට..
    උන්ගෙ ගැනුයි ලමයිනුයි නඩත්තු වෙන්නේ ඔය ජරා සක්කිලි සල්ලිවලින්. හැබැයි ඒක උන්ට ගානකුත් නෑ. ඒ නිසාම උන්ට මේ සිස්ටම් එක වෙනස් කරන්න කිසිම උවමනාවක් නෑ. මොකද උන් ජීවත් වෙන්න වෙන කරන්න දෙයක් දන්නෙ නැති නිසා. ඕවගෙ උන් ආවම වාද කරන්න මන්නම් උන්ගෙ ලමයි හරි බඩට කාලා ඉන්නවනේ කියලා හිත හදාගන්නවා..
    ඕක නැති කරන්න විදි තීයෙනවා හැබැයි ඒක ආප්ප ගඩොල් බානවා වගේ කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඉස්කොලේ සිලබස් එකේ ඉඳන් ව්‍යවස්ථාව දක්වා තව අවුරුදු 50ක්වත් ඉස්සරහට ප්‍රෙඩික්ට් කරලා අප්ඩෙට් කරන්න ඕනෙ. මං ජිවත් වෙන ඔස්ට්‍රෙලියාවෙ සමාජයෙ බහුතරයක් නීතිගරුක ආචාරශීලී මිනිසුන්. සුලුතරයක් ඉන්නවා හැබැයි කාලකන්නි උන්ව කොන්ට්‍රොල් කරන්න පුලුවන් බහුතරය හොඳ නිසා. මොකක් හරි නීතිවිරොදි දෙයක් වෙනව දැක්කොත් මෙහෙ උන් අනිවා ඒ අවශ්‍ය තැන් වලට කියලා රිපොර්ට් කරනවා. ඒකට සාධාරණයක් උනේ නැත්තම් උන් හිතන්නේ උන්ගෙ ටැක්ස් මනි වලට කරන අපරාධයක් කියලා.

    අන්න ඒ තැනට හිතන්න අපේ ගොං යක්කයන්ට පුරුදු කරන්න ඕනෙ. උඹ කැමති ද උඹේ පර්ස් එකේ සල්ලිවන් කොහෙවත් යන පල් හොරෙක් සැප දාලා බඩු ගහල සුපිරි වන්ඩි වලින් ගිහින් ෆුල් සැපේ ඉන්නවට. ? හැබැයි මේ දැන් වෙමින් තියෙන්නෙ ඒක.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    1,088
    469
    83
    හැම තැනම
    තලේ බාන් වගේ සංවිදනයක් පිහිටුවාගෙන ක්ෂණිකව අර 225 හරක් ටික එක දවසේ අපායට යවල උගතුන් ටිකක්කට හෝ යේ ඇමරිකාවටම දුන්නොත් නම් මේ රට ගොඩ යාවි.
     
    Saditha De Silva

    Junior member
  • Apr 12, 2011
    25
    36
    13
    Brisbane
    තලේ බාන් වගේ සංවිදනයක් පිහිටුවාගෙන ක්ෂණිකව අර 225 හරක් ටික එක දවසේ අපායට යවල උගතුන් ටිකක්කට හෝ යේ ඇමරිකාවටම දුන්නොත් නම් මේ රට ගොඩ යාවි.

    උත්තරයක් නැති උනොත් අනිවාර්යයෙන් වෙන්නේ ඊට සමාන දෙයක් තමයි මචෝ.වෑයම් කරන්න ඕනේ ඊට කලින් නීතියනුකුලව චන්දෙන් වැඩේ කරගන්න.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    4,711
    9,455
    113
    ඇයි එන්නද ?
    3Iaz8NU.jpg
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    LankaCnews හි පලකරන ලද කමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි.

    "නාමල් මහත්තයෝ මේ රටේ ජනතාව අපහසුකාලයක් ගතකරන්නේ ඔබ පවුලේ ක්‍රියාකාරකම් වල ප්‍රතිපල . බොහෝ ආයතන ඔබලා බාවිතාකලේ ඔබලාගේ පවුලේ දේපල වගේ .ඒවා අද කිසිවෙකුට ගොඩ ගැනීමට නොහැර්කි තරමටම පත්වෙලා. ශ්‍රීලංකා ගුවන්සේවය දිනකට බිලියන් ගනනින් පාඩු ලබමින් පවත්වාගෙන යන්නේ පවුලේ හිතවතුන්ට මුදල් උපයාගැනීමට සහ තම පවුද්ගලික ගුවන් ගමන් සදහා . මේවා කිසිදිනක විකුනා ගැනීමට ඉඩදෙන්නේ නෑ . මීට කලින් පැවති ඔබලාගේ පාලන කාලයේදී ගුවන් සේවා ඇමති උනේ ප්‍රියංකර ජයරත්න. ඔහු නාමික ඇමති පමනයි. ඔහුට අඩුම තරමින් ගුවන් තොටුපොලට කම්කරුවෙක්වත් පත්කිරීමට නොහැකි උනා කියල ඔහුම කීවා. මේක එක් උදාහරනයක් පමනයි .අදටත් සිදුවන්නේ එයමයි ජනාධිපති ට කිරීමට දෙයකුත් නෑ ."

    ඕව විතරක් නෙවෙයි ගම් වල මන් තීරු හදන වගේ වැඩ කොච්චර තියෙනවද බන්. ඔය ගම් වල මන්තීරු හදන සල්ලි වලින් ගම් වලට වතුර ටිකක් දෙන්න , අලි වැට ගහන්න වගේ කොච්චර දේවල් කරන්න පුලුවන්ද?

    මේ දවස් ටිකේ සුදු ලූණු ගෙඩියෙ ඉදන් සීනි ඇටේ වෙනකන් කරපු වන්චා ගැන තමයි news වලට යන්නෙ. ඔය හොරකන් ටික නැවැත්තුව නන් රට දියුණු කරන්න අමුතුවෙන් දෙයක් කරන්න නෑ.
    කියන කතාව හරි. ඔය හොරකම් මේ ආණ්ඩුව ආවට පස්සේ විතරක් උන දේවල් නෙවේ. ආණ්ඩු ගණනාවක ඉඳන් ආපු ප්‍රශ්න. හැබැයි මේ ආණ්ඩුව ආවට පස්සේ ගොඩක් දේවල් අහුවෙන්න පටන් ගත්ත. පොල්ල්තෙල් වල වස ප්‍රශ්න, සිනි ප්‍රශ්න, සුදුලූනු ප්‍රශ්න. මම දන්නේ නැහැ ආණ්ඩුවේ හොඳ කමට උන දේවල්ද කියලා. හැබැයි කොහෙන් හරි ඒ දේවල් එලියට ඇවිල්ල තියෙනවා. හැබැයි ඒවා පෙන්නලා ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න ඕන ආණ්ඩුවෙන් ඒවාට විසඳුම් දුන්නේ නැත්නම්. පොල්තෙල් ප්‍රශ්නය ගොඩක් දුරට හරි ගිහිල්ල තියෙනවා. සිනි ප්‍රශ්න, සුදු ලුණු ප්‍රශ්න වලටත් උත්තර හොයයි කියලා හිතනවා. ඕවට පොඩි පොඩි මුක්කු ගහලා වැඩක් නැහැ. කලක් පවතින දේවල් කරන්න වෙනවා.

    මංතීරු හදන වැඩේ නම් මම වැරදි කියන්නෙත් නැහැ හරි කියන්නෙත් නැහැ. හැබැයි මේ වෙලාවේ ප්‍රමුඛ තාවයක් නෙවේ. ප්‍රශ්නය තියෙන්නේ ඔය ගොඩක් දේවල් වෙන්නේ දැන් කාලයකට කලින් ඕවට ලැබිච්ච විදේශ ණය සහ ආදාර වලින්. සමහර ඒවා ගිවිසුම් අත්සන් කරලා කරන්නේ මේ සල්ලි යොදවන්නේ මේ ව්‍යාපෘතියට කියලා. අන්න එකයි ප්‍රශ්නය. අද ඊයේ plan කරපු ඒවා නෙවේ. යහපාලන කාලේ සංවර්ධන ව්‍යාපෘති වලට ගත්ත ණය ගොඩක් තියෙනවලු සතයක් වත් පාවිච්චි නොකරපු. ණය අරන් සල්ලි ටික නිකන් තියන් පොලිය ගෙවලා තියෙනවා මෙච්චර කල්. ඔය ඒ සල්ලි තමයි ගොඩක් ව්‍යාපෘති වලට භාවිතා කරන්නේ. ඒවායින් අලි වැටක් හදන්න බැහැ. අන්න එතනයි ප්‍රශ්නය තියෙන්නේ.
     
    • Haha
    Reactions: danush1987

    Akithama

    Well-known member
  • May 24, 2014
    1,088
    469
    83
    හැම තැනම
    හම්මට දැනුයි මතක් උනේ... දාර කුඩ්ඩෝ නිදහස් කරල තනතුරු දෙන රටක තව මොන කතාද ? අර කියල තියෙන කතාව හරි .. ලංකාවේ උන්ට දෙයක් මතක සති 2 කයි :lol:
     
    • Haha
    Reactions: Anatha sinhalu

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    365
    281
    63
    අනුරයා ආවම කරන විදිහ කියපන්කො. වැඩිය ඕන නැහැ රටට ඩොලර් ගෙන විදිහ පැහැදිලි කරපංකෝ. ප්‍රශ්න කියව කියව ඉන්න එක නෙවේ වැඩේ. ප්‍රශ්න වලට උත්තර කියන්න කියපන්. එතකොට ඕන එකක් චන්දේ දෙයි. ගොන් කතා කිව්වට වැඩක් නැහැ. අනුරයා අවා කියලා අවුරුදු 73ක් තිස්සේ අපායට ගිය එකේ අමුතු දෙයක් කරන්න බැහැ. අනිවා මිනිස්සුන්ට කට්ටක් කන්න වෙනවා. දැන් උඹලාට ඕන නම් කට්ට කන්න පුළුවන් නැත්තන් නිකන් ඉන්න පුළුවන්. අනුරයා ආවම වෙනස වෙන්නේ අනිවාරෙන් කට්ට කන්න වෙනවා හොඳින් හෝ නරකින්. එච්චරයි වෙන්නේ.
    ඩොලර් ගේන විදිය පට්ට විදියට explain කරන වීඩියෝ එකක් තිබුන රෝහිත ගේ (රත්තරං ) .අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් එකෙන්
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    642
    623
    93
    මම නම් කියන්නේ JVP එකට දීලා බලමු එක පාරක් මොකද දැන් ඉතින් නැතිවෙන්න දෙයක් නෑනේ. හැබැයි ඩීල් දේශපාලනේ බෑ. මොකද පොහොට්ටුවට ඇරෙන කට අනුරයගේ සබජේ උන්ටයි නිදහස් පක්ශෙ උන්ටයි නෑ. උන් එක්ක ඩීල් දානවනම් ජන්දේ දෙන්නේ නෑ. දීලා බලමු එකපාරක්. මොකද ව්‍යවස්තා වෙනස් කරලා හැමදාම බලේ ඉන්න කියලද?? එහෙම බෑනේ. 🤔🤔🤔🤔
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    365
    281
    63
    අනුරට දෙන්න ඕන ප්‍රාදේශීය සභා පළාත් සභා ටිකක්. දීලා කරන හැටි බලලා එතනින් එහාට හිතන්න ඕන. එකපාරට කොහෙවත් ඉන්න එකක් ජනාධිපති කරලා ඉතින් ආතල් එකක් අරන් නිකන් ඉන්න තමා වෙන්නේ.
    අනුර පහුගිය කාලේ අමාත්‍යංශයක් කරා. කොහොමද කරේ කියල ඒ කාලේ හිටපු ලේකම් කරපු කතාවක් තියනවා youtube එකේ .ඒවා බලපන් මචන් . උබ නොදන්නවා උනාට උන් ඔය දේවල් කරලා තියනවා හොදට උන්ගේ යටතේ. ඒවා ගැන කතා වෙනවා අඩුයි රටේ මොකද උන් ඒවා වලින් යටි මඩි නොගහපු නිසා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    2,687
    1,102
    113
    යොහානී ලංකාවට එනවිට

    රට හැර යන්න ජනතාව පෝලිමේ..

    ඔබත් ඉක්මන් කරන්න..:shocked:

    මේ රටේ ජීවත්වෙන්න පුලුවන් දැන් යොහානිලා වගේ සල්ලිකාරයන්ට විතරයි.. වහල් රැල ආයි එකතුවෙලා ජෙබ්බන්ට රිද්දන්න උන්ව 3%ට බස්සපු වෙලාවේ මටනම් තෙරුනා රට දාලා යන්න වෙන වග... :yes:

    88/89 කාලේ මළමිනී පෙන්න පෙන්න ජෙබ්බන්ට මඩ ගහපු තොපිලට හොදම වැඩේ... කැරැල්ල = ත්‍රස්ථවාදය/මිනීමැරුම් කියලා හිතන මෝඩ රැල..එහෙම බැලුවම සුද්දට එරෙහිව 1818 /1848 කැරැලි වලදි සුද්දෝ මරපු එවුනුත් අපරාධකාරයෝ..🤭
    පක්ශයක් ගැන මම මේකේ කතාකරන්නේ නැ. :)
    නමුත්, යම්කිසි කාර්යභාරයක් කරපු උන් ගෙදර තියලා චොකාල, පස්ටිපර් රැම්සා කපපු සනත්ලා ඔක මටත් තේරුනා.
    ජහමනයා ටූ මච් ෆොම්වෙලා නාගන්නවා කියන එක.
    ගෝඨා දින්නනම්, පොහොට්ටු ආණ්ඩුවක් එන්න ඔනා.
    ඒක බහුතර එකක් වෙන්නත් ඔනා.
    (තුනෙන්දෙකක් නොලැබුනානම් හොදයි නමුත් එක බල බල චන්දෙ දෙන්න බැනෙ.)
    යහපාලනේ වගෙ සුලු පක්ශ වල එවුන්ගෙන් නැට වෙලත් බැ(යහපාලනේ 100% හොදනැ කියන්නේ නැ )
    නමුත් මම කියන්නේ , අඩුමගානේ මහ මැතිවරනෙට චන්දෙ දුන්න මිනිස්සුන්ට තිබ්බා පෙරවැරදි අඩු එවුන් ටිකක් ගේන්න.
    අතට අහුවෙන හැම බල්ලටම චන්දේ නොගහා.
    ඔය තියරියෙන් වියත්මගට චන්දෙ දෙන්නෙ කොහොමද අහන්න එපා.)

    ඊලගට , අපි චන්දේ දිල්ල ගෙනාව ලොක්ක ආව වෙලාවෙ ඉදලා නහයෙන් අඩ අඩ ඉදලා, 20 පනත් කෙටුම්පත්
    දැම්ම ගමන් මට තේරුනා මෙයා වෙන ගේමකට එන්නේ කියලා.ඒ කියන්නෙ ස්වාධීනව පාලනය වෙන්න
    යහපාලනෙන් හදපු පොලිස්, මැතිවරන, රාජ්‍ය සේවා, අධිකරන කමිශන් මෙයාට දිරවන්නේ නැ.
    ඔන්න අගමැති කාර්යලෙයි තවමොකක්දයි විගනනය බැහැලු.
    ඩුවල් සිටිසන් එවුන්ට පාර්ලිමන්ට් එන්න ඔනාලු.
    දැන් උට අවගමන් හටහදන්න ගියාම ආව ප්‍රශ්න වෙන්න ඇතිමේවා.

    ඒ අස්සේ අමුම අමු මෝඩ කතාවක් කිව්ව චක්‍රලේඛ ගැන.
    ඒකම ඇති එයාගෙ විශන් එක ගැන තේරුම් ගන්න
    අන්තිමට ජේ ආර්ට වඩා බලයක් අරගනත් රට පාලනය කරගන්න බැ.
    කොරොනා නිසා ඉකොනමි එක අවුල් උන එක, කලින් ආණ්ඩු ගත්ත නය නිසා මුන් හිරවෙලා තියන එකකුත් නැ කියන්න බැ.
    කොයි මෙයාගේ වැඩපිලිවෙල.
    ගැසට් ගහනව රිවස් කරනව.
    හෙට රට වැහුවොත් දවසකට අනිද්ද උදේ ඉදලා දබුල්ලේ එලවලු රුපියක් දෙකයි, නාරා හෙන්පිට රු 200යි.
    කෝ සිස්ටම්.
    කෝ වෙලද ඇමති.
    ඌ ඉන්නෙ මකට් එකේ රස්තියාදුවෙල් වගෙ ඇවිදින්න නෙවෙයි.
    හදපන්කෝ ලයිව් අප්ඩෙට් වෙන ඩැශ්බෝර්ඩ් එකක්වත් , ගොවියන්ට ඒකවත් බලල එලවලු ලොරිටික පාඩුනොවි අදාල පැත්තට ඩියිරෙක්ට් කරවන්න,
    නිකන් පච කෙලින්නැතුව.
    කෝ ගොඨගේ ඩිරෙක්ශන් ඔවට?

    ඊටපස්සෙ ගෙනාවා ක්ශනිකව ඔක්කොම කාබනික කරන්න කියලා පිස්සු තීරණයක්.
    අන්තිමට ඒ වෙද්දි තිබ්බ වගාවන්ටත් පොහොර නැ.
    ඔය ඔකිඩ් ඇන්තුරියම් එහෙම හදල එක්ස්පොර්ට් කරන උන් කොහොමද ක්ශනිකව ඔය ගස් හුරුකරන්නෙ?
    පිස්සුද හැටිද?
    ඔන්න මෙයාගේ වැඩපිලිවෙලවල්.
    සිස්ටම් චෙන්ජ් කිව්වට කෝ හදපු සිස්ටම්.
    අවුරුදු එකහමාරක් ගියා හදවන්න තිබ්බනේ.
    අන්තිමට කවුරුත් කරපුදේම මෙයා කරනවා සුපුරුදු හයිවේ අල්ලගන.
    රේල්පාර තනි ලයින්.
    ඔන්න සිස්ටම්.
    ඔන්නම් පුලුවන් ඔය කොලබ තදබද අඩුකරන්න මේ යන විදියටම සතියට දවසක් දෙකක් හෝ වර්ක් ෆ්‍රොම් හෝම් එන්කරේජ් කරන්න කියන්න.
    කියනවද වචනයක්.
    ලබන මාසේ ඉදලා ඔක්කොම පාහේ සුපුරුදු පරන ක්‍රමේට, පැය 4-5ක් මගට පැය 8ක් වැඩ.
    ඔන්න අපි සිස්ටම් චෙන්ජ් කරන්න ගෙනාපු කෙනා.
    වෙනසක් නැ හිටපු උන් විදියමයි මෙයත්.. සමජේ ගැන , ගොවියා ගැන රට ගැන මොනවත් නොතෙරෙන කමට අවුල් කරගන්නවා විතරයි වෙනස.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,608
    1
    10,726
    113
    සිරාවට. මමත් කියන්නේ ඕනවට වඩා බලය දෙන්න හොඳ නැහැ. පොහොට්ටුවට වෙලා තියෙන්නෙත් ඒකම තමයි. පොඩ්ඩක් දැන්නෙන්න කොනිත්තන්න ඕන. අනුරයා ජනාධිපති කරනවා කියන්නේ වෙනම case එකක්.

    එහෙම කිව්වම අනුර ජනාධිපති වෙනවද?
    ------ Post added on Oct 14, 2021 at 10:02 AM
    අනුර ආවොත් දෙපැත්තෙම හොරුන්ට කෙලවෙනවා. හොරු ඉන්නකල් මේ රට හදන්නත් බෑ. අනුර ජනාධිපති වෙනවට කට්ටිය බය ඇයි කියල හිතපන්කො.

    සජිත්, නාමල්, බැසිල්, අරූ, මූ ජනාධිපති වෙනවට වඩා අනුර ජනාධිපති වෙන එක වෙනම කේස් එකක් තමා. @ESL
     
    • Like
    Reactions: zid2021

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,127
    2,557
    113
    චී ලංකාව
    යොහානී ලංකාවට එනවිට

    රට හැර යන්න ජනතාව පෝලිමේ..

    ඔබත් ඉක්මන් කරන්න..:shocked:

    මේ රටේ ජීවත්වෙන්න පුලුවන් දැන් යොහානිලා වගේ සල්ලිකාරයන්ට විතරයි.. වහල් රැල ආයි එකතුවෙලා ජෙබ්බන්ට රිද්දන්න උන්ව 3%ට බස්සපු වෙලාවේ මටනම් තෙරුනා රට දාලා යන්න වෙන වග... :yes:

    88/89 කාලේ මළමිනී පෙන්න පෙන්න ජෙබ්බන්ට මඩ ගහපු තොපිලට හොදම වැඩේ... කැරැල්ල = ත්‍රස්ථවාදය/මිනීමැරුම් කියලා හිතන මෝඩ රැල..එහෙම බැලුවම සුද්දට එරෙහිව 1818 /1848 කැරැලි වලදි සුද්දෝ මරපු එවුනුත් අපරාධකාරයෝ..🤭
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    1,088
    469
    83
    හැම තැනම
    උත්තරයක් නැති උනොත් අනිවාර්යයෙන් වෙන්නේ ඊට සමාන දෙයක් තමයි මචෝ.වෑයම් කරන්න ඕනේ ඊට කලින් නීතියනුකුලව චන්දෙන් වැඩේ කරගන්න.
    නීතියනුකුලව චන්දෙන් වැඩේ කරගන්න නම් සෑ හෙන්න කලක් බලන් ඉන්න වෙනවා. එතකොට ලංකාව කියල රටක් නෑ. චීනෙට අයිති තවත් දුපතක් තමා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    2,791
    316
    83
    Ok..මිනිත්තු 5ක් දෙන්න :yes: @ESL

    1) ලොව ඔනෑම රටක් ගොඩනැගීමට අවශ්ය ආර්ථික උපාය මාර්ග සැලසුම් කිරීමට ගත යුතු දෑ..

    👉පිහිටීම
    👉බෞතිකසම්පත්
    👉මානව සම්පත
    👉ලෝකයේ දේශපාලනය
    👉රටේ සභ්යත්වය සංස්කෘතිය සහ ශිශ්ටාචාරය

    කොටින්ම කියනවනම් සිංගප්පුරුව කරපු විදිහටවත් අපිට ලංකාව දියුණු කරන්න බෑ.මොකද උඩ තියන සාධක 5 රටින් රටට වෙනස්..ඒවගේම ලෝකේ දේශපාලනෙත් කාලෙන් කාලෙට වෙනස්...සැලැසිම ලංකාවටම ආවේනික එකක් වෙන්න ඔනේ.ඒනිසා වැඩපිලිවෙලක් ඉස්සෙල්ලම හදනවා..

    2)විදෙස්ගත ශ්‍රමිකයන්ට සහන දෙනවා ලංකාවේ ආයෝජන කරන්න.එගොල්ලන්ගේ සල්ලි මෙහෙට අද්දනවා..

    3)පිටරටවල් ණය දීපු ව්යාපෘති වලින් ප්‍රයෝජන නැති බව පෙන්නලා එගොල්ලන්ගෙන් ඉල්ලනවා ණය ගෙවීමට සහන කාලයක් දෙන්නයි කියලා..ව්යාපෘති විගනනය කරනවා.එතකොට ඒවායෙන් කොටි ගණන් සල්ලි ගසාකාපු බයියෝ ටොයියෝ අහුවෙනවා.උන් ඔක්කොම හිරේට දානවා..

    4) හොරු ටික අල්ලන්න වෙනම උසාවියක් දාලා ඔක්කොම උන් හිරේ යවනවා.

    5) කෝටි 280 ක ණයකින් කරන්න පුලුවන් දේ කෝටි 600 ණයකින් කරන එකයි බයියොන්ගේ බිස්නස් එක..ඉතුරු කෝටි 320 උන්ගේ සාක්කුවේ..මේ ක්‍රමේ නැති කරන්න නීති ගෙන එනවා..

    6) සංචාරක කර්මාන්තයට ප්‍රමුඛත්වය නොදී අපනයන ශක්තිමත් කරනවා. බූරුවෙක් වගේ ආනයන නවත්තන්නේ නෑ.ඒක නවත්තන්නේ ටිකෙන් ටික... හැම පවුලකින්ම අපනයන කරන බිස්නස්කාරයෙක් හදනවා.. ( සිංහල වෙදකම උනත් සුද්දන්ට විකුණන්න පුලුවන්. සුද්දන්ට භාවනා මද්යාස්ථාන හදලා ඉන් ඩොලර් ගේනවා..)
    Mewa giya annduwe un karanna heduwa.unge weradi thibba..hebai me kaalakanninta wada 1000 gunayakin hondai. moda bayyo Tika sir ta dunna. Sajiya ta karanna puluwan labbak nehe..