ලංකාවේ මිනිස්සු කුහකයි,ඉරිසියයි ඒකයි මෙහෙම මට චෝදනා කරන්නේ - පියුමි හංසමාලි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,363
    113
    Westනාහිර
    1719810280-Piumi_hansamali_L.jpg


    ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

    ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

    මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවය.

    "මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. ගිය සතියේ එන්න කිව්වේ නමුත් සෙනසුරාදා ලිපිය ලැබුණේ. තාමත් හදාගන්න බැරිවුණා ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා අපිට හදාගන්න ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් වගේ වෙනවා. ඒ අයට ගාණ හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.

    වැරදි කරලා නෑනේ බය නැතුව ආවා. වැරදි කරපු අයනේ බය වෙන්න ඕනේ. මම දෙයක් ඉගෙන ගෙන අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බැංකුව හරහා. මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා."


    ප්‍රශ්නය - ලොකු ලොකු වාහන පදිනවා කියනවා...

    මිනිස්සුන්ට ඉරිසියාව තියෙනවා. හොඳ වාහනයක් පදිනකොට නැති කෙනෙක්ට ඉරිසියායි. ලංකාවේ මිනිස්සු කොහොමත් කුහකයි. ඉතින් ලංකාවේ හැමෝම කුහක නෑ. මම ඉගෙන ගෙන දෙයක් කරලා බිස්නස් කරලා වාහනයක් ගන්න බැරි ද? මම හම්බ කරලා මට හොඳ වාහන ගන්න බැරිද ?"