ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල විය හැකි රතු මුහුදේ අර්බුදය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මරුබ්ප්


    තු මුහුදේ තත්ත්වය තව දුරටත් අර්බුදයට ගිලී යෑම හේතුවෙන් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් 10 ක සහභාගිත්වයෙන් අලුත් සංවිධානයක් බිහි වී තිබෙනවා. එය ' Operation Prosperity Guardian ' ලෙස නම් කර තිබෙනවා.

    ඉරානයේ සහය ලබන යෙමනයේ හවුතී ත්‍රස්තවාදීන් විසින් දිගින් දිගටම රතු මුහුද ඔස්සේ සුවස් ඇල තරණය කිරීමට පැමිණෙන වෙළඳ නැව් ඉලක්ක කිරීම නිසා එම මුහුදු මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස එම සංවිධානය පිහිටුවා ගෙන තිබෙනවා. එයට අයත් රටවල් වනුයේ ඇමෙරිකාව, කැනඩාව, නෝර්වේ, නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතලිය, බහාරේනය සහ ෂීසෙල්ස් යන රටවල් 10 යි. මෙයට රතු මුහුදේ සිටින අනෙකුත් අරාබි රාජ්‍යයන් තවමත් එකතු වී නෑ. එයට හේතුව හවුතීන් සටන් කරන්නේ පලස්තීනයේ යුද්ධය නතර කර ගැනීමට බැවින් එම අදහසට එරෙහි වීමේ හැකියාවක් ඔවුන්ට නොමැති නිසා. එහෙත් එම රාජ්‍යයන් ගේ සහය රහසින් මෙයට හිමි වන බව කියැවෙනවා.

    මේ අතර හවුතීන් දිගින් දිගටම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් නැව් ඉලක්ක කලත් ඇමෙරිකානු යුද නැව් මගින් ප්‍රතිප්‍රහාර එල්ල කර එම ඩ්‍රෝන මැඩපවත්වා තිබෙනවා.

    මේ ප්‍රහාර හමුවේ නැව් සමාගම් රතු මුහුද හා සුවස් ඇළ මග හැර අප්‍රිකානු මහද්වීපය වටේ අමතර දින 10 ක් ගත කරමින් ගමන් කිරීමට පටන් අරගෙන. එහි තේරුම නම් නැව් ගාස්තු ඉහළ යෑම මත, පමා වීම මත භාණ්ඩ අපනයනය පමා වීමත්, මිළ අධික වීමත්. ලෝක ආර්ථිකයෙන් 12% ක් සුවස් ඇළ ඔස්සේ ගමන් කරන අතර, ලෝකයේ මුළු කන්ටේනර් ප්‍රමාණයෙන් 30% ක් එයට ඇතුලත්. මෙතරම් වෙළෙඳපොළ කොටසක මිළ ඉහළ යෑම හා පමා වීම කියන්නේ ගෝලීය ආර්ථිකයට මරු පහරක් වගේ. ඒ වගේම ලෝකයේ තෙල් වෙළෙඳපොළ කේන්ද්‍ර ගත කරමින් මේ සිදු වන සියල්ල තෙල් මිළට කරන බලපෑමත් සුළු පටු නෑ.

    මේ නිසා අපේ රටේ තව දුරටත් තෙල් මිළ අස්ථාවර වීම්, අපනයන පහළ යෑම් සහ ඊට අනුරූපීව උද්ධමනය ඉහළ යෑමක් බලාපොරොත්තු විය හැකියි. එය ලෝකයට බලපාන පොදු ප්‍රශ්නයක් උනත්, ලෝක සාමය තර්ජනයට ලක් වී ඇති මේ කාලය ගෝලීය ආර්ථිකය අස්ථාවර වීමේ වැඩි ඉඩක් පෙන්නුම් කරනවා.

    යූක්‍රේනයේ යුද්ධය, ඊශ්‍රායල් හමාස් යුද්ධය, හවුතීන්ගේ රතු මුහුදේ යුද්ධය, ඇමෙරිකා චීන වෙළෙඳ යුද්ධය ආදී මේ සියල්ල එක්ක අපි පැමිණ සිටින්නේ ඉතා අස්ථාවර කාලයකට. ඒ සියල්ල එසේ සිදු වෙද්දි දේශගුණික විපර්යාස මගීන් ඇති කරන ස්වාභාවික විපත් බහුල වෙනවා. මෙය බහු-අර්බුද සමයක්.

    අපි රටක් විදියට ඉන්න අසරණ තත්ත්වය එක්ක මෙවන් ගෝලීය අර්බුද කිසිවිටෙක දරා ගන්න හැකියාවක් නෑ. අඩුම තරමින් රට තුල ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අපිට කටයුතු කරන්න වෙනවා. ඒ කියන්නේ මාස 6 ක් වත් රටේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න ආහාර සැපයුමක් අපිට තියෙනවා ද ?

    මේ මොහොතේ රටේ දේශපාලනය තුල මේ ගැන සාකච්ඡා විය යුතුයි, ක්‍රියාත්මක විය යුතුයි. මේ ඇතිවෙමින් තිබෙන්නේ ලෝකය ආයෙත් දැවැන්ත සටනකට යන මාර්ගය සකස් කරගැනිමක්. එයින් අපිට මිදී ඉන්න බෑ. නමුත්, අපිට සූදානම් වෙන්න පුළුවන්.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත